වසර 30කට පසු සෙනසුරු කුම්භයේ බලවත් වෙයි

දෙසැම්බර් 30, 2022

2023 වසරේ ජනවාරි 17 දා පස්වරු 18.03ට කුම්භ රාශියට පැමිණෙන සෙනසුරු එහි බලවත් වෙයි. මේ අනුව සෙනසුරු එක් රාශියක වසර දෙක හමාරක පමණ කාලයක් ගෝචර වන බැවින් රාශි 12 වටා යාමට වසර 30ක් පමණ ගතවේ. ඒ අනුව 2025.04.01 දක්වා මෙම වසර දෙකහමාර ගතකොට නැවත සෙනසුරු කුම්භ රාශියට පිවිසෙන්නේ 2052 වර්ෂයේ පෙබරවාරි මස 20 වැනිදාය. 2022 වසරේ අප්‍රේල් මස 29 වැනි දා සෙනසුරු කුම්භයට පැමිණිය ද නැවත ජූනි 04 වක්‍ර වී ජූලි 12 වැනි දා මකරයට ගොස් නිවෘත වීම සිදු විය. ඒ අනුව මකරයේ සිටි සෙනසුරු ජනවාරි 17දා නැවත කුම්භයේ බලවත් වීම සිදුවේ.

ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්දර ග්‍රහ සටහනට අනුව සෙනසුරු ලග්නයට පැමිණ ලග්න ඒරාෂ්ටකයක් උදාකළද කුම්භ රාශියේ මූල ත්‍රිකෝණ බලයෙන් ස්වක්ෂේත්‍ර වන බැවින් එය තදබල ලෙස බලනොපානු ඇත. එහෙත් මෙම තත්ත්වය හමුවේ ඉදිරි කාලය අප රටට තීරණාත්මක කාලයක් වන බව පැවැසිය යුතුය. විශේෂයෙන්ම අයුක්තිය අසාධාරණය හා සමාජ විරෝධී ක්‍රියාවල නියුතු වන්නන්ට වැඩ වරදින කාල සීමාවක් වනු ඇත. කපටි දේශපාලකයිනට මෙන්ම නීතිවීරෝධී ව්‍යාපාරවල නියැලෙන ව්‍යාපාරිකයන්ට දැඩි දඩුවම් පවා ලබා දෙන කාලවකවානුවක් වනු ඇත. පීඩිත දුගී ජනතාව නියෝජනය කරන සෙනසුරු ජනතාවගේ ජය ඉස්මතු කරන කාල වකවානුවක් වන බවද පෙනේ.

දැඩි පීඩාදායක කාලයකින් පසුව නොසිතූ ජයග්‍රහණ ජනතාවට අත් විඳීන්නට හැකි වන කාලවකවානුවක් ලෙස මෙම වර්ෂය හැඳීන්විය හැක. ලග්න වශයෙන් ගත්කළ මෙම ග්‍රහචාරය ලග්න හයකට සුබපල ගෙන දෙන බව පෙනේ.

මේෂ ලග්නය - නව ආදායම් මාර්ග විවර වේ.

වෘෂභ ලග්නය - උසස් තනතුරු වරප්‍රසාද මෙන්ම ජනතා ප්‍රසාදය ද හිමිවේ.

මිථුන ලග්නය - ඒරාෂ්ඨක නිමා කරමින් පින් පළදෙන කාලයකි.

කටක ලග්නය - ආරක්ෂාවට සහ පරිස්සමට මුල් තැන දිය යුතු කාලයක්

සිංහ ලග්නය - ලග්නයට උපතින් සෙනසුරු බලවත් නම් විශිෂ්ට ප්‍රතිඵල

කන්‍යා ලග්නය- අසනීප ඇති වුවත් ආර්ථිකය යහපත් වෙයි

තුලා ලග්නය - රාජයෝග ඇති වන බලාපොරොත්තු ඉටුවන කාලයකි

වෘශ්චික ලග්නය - සස යෝගය ඇති ජන්මීන්ට විශේෂ සුබපල

ධනු ලග්නය - නව නිර්මාණ එළිදැක්විය හැකි කාලයක්

මකර ලග්නය- තැම්පත් මුදල් වැය වන කාලයක්.

කුම්භ ලග්නය- අසනීප කරදර නිමාවී නව බලාපොරොත්තු ඇතිවන කාලයකි.

මීන ලග්නය- ආරක්ෂාවට සහ පරිස්සමට මුල් තැන දිය යුතු කාලයක්. 2023 අප්‍රේල්වලින් පසු අපලදායක කාලයක් ඇති විය හැකියි.

දැඩි පීඩාදායක කාලයකින් පසුව නොසිතූ ජයග්‍රහණ ජනතාවට අත් විඳීන්නට හැකි වන කාලවකවානුවක් ලෙස මෙම වර්ෂය හැඳීන්විය හැක. ලග්න වශයෙන් ගත්කළ මෙම ග්‍රහචාරය ලග්න හයකට සුබපල ගෙන දෙන බව පෙනේ.


මේෂ ලග්නය -

නව ආදායම් මාර්ග විවර වේ.

වෘෂභ ලග්නය -

උසස් තනතුරු වරප්‍රසාද මෙන්ම ජනතා ප්‍රසාදය ද හිමිවේ.

මිථුන ලග්නය -

ඒරාෂ්ඨක නිමා කරමින් පින් පළදෙන කාලයකි.

කටක ලග්නය -

ආරක්ෂාවට සහ පරිස්සමට මුල් තැන දිය යුතු කාලයක්

සිංහ ලග්නය -

ලග්නයට උපතින් සෙනසුරු බලවත් නම් විශිෂ්ට ප්‍රතිඵල

කන්‍යා ලග්නය -

අසනීප ඇති වුවත් ආර්ථිකය යහපත් වෙයි

තුලා ලග්නය -

රාජයෝග ඇති වන බලාපොරොත්තු ඉටුවන කාලයකි

වෘශ්චික ලග්නය -

සස යෝගය ඇති ජන්මීන්ට විශේෂ සුබපල

ධනු ලග්නය -

නව නිර්මාණ එළිදැක්විය හැකි කාලයක්

මකර ලග්නය -

තැන්පත් මුදල් වැය වන කාලයක්.

කුම්භ ලග්නය -

අසනීප කරදර නිමාවී නව බලාපොරොත්තු ඇතිවන කාලයකි.

මීන ලග්නය -

ආරක්ෂාවට සහ පරිස්සමට මුල් තැන දිය යුතු කාලයක්. 2023 අප්‍රේල්වලින් පසු අපලදායක කාලයක් ඇති විය හැකියි.

 

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී - අළුබෝමුල්ලේ

සනත් ධර්මරාජ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.