ජූලි 16 දා, රවි කටකයට යයි

ජුනි 24, 2022

නව නීති පැනවේ

2022 ජූලි මස 16 වැනි ශනි දින පැය 41.55න් ලොව පාලනය කරන රවි ග්‍රහයා සඳු හිමි කටක රාශියට පැමිණ අගෝස්තු මස 17 දින තෙක් එහි රැඳී ගමන් කරනු ඇත. පුනාවස් එක පුෂ අස්ලිස කටක රැස කීවාසේ ගුරු හිමි පුනාවස නැකතේ 4 වැනි පාදයෙන් පටන්ගෙන ශනි හිමි පුෂ නැකත හා බුධ හිමි අස්ලිස නැකත් දෙකෙහි පාද 8 සමඟින් කටක රැසෙහි ගමන් කරයි. මේ අවස්ථාවේ තත්කාල මීන ලග්නයත් කන්‍යා නවාංශකයත් උදාව පවතින අතර රාහු හිමි සියාවස නැකතේ දෙවන පාදයත් ලබමින් තිබේ. තත්කාල මීන ලග්නයේ අධිපති ගුරු ලග්නයේ දිග්බලව සිටින අතර කුජ, රාහු, යුරේනස් හා එක්ව දෙවැනි රැසෙහි සිටී. සිකුරු දිග්බලව 4 වැන්නේ සිටී. රවි, බුධ, දෙපළ 5 වැන්නේ සිටින අතර අටවැන්නේ කේතු ද 11 වැන්නේ සෙනසුරු මකර රැසෙහි ද 12 වැන්නේ සඳු නෙප්චූන් හා එක්ව සිටී.

මෙහි බලගතු සුබ ග්‍රහයන් දෙදෙනකු (ගුරු හා සිකුරු) දිග් බලව සිටීම ඉදිරි කාලයේ දී රටේ ජනතාවට හිතකර තත්ත්වයක් විද්‍යමාන කෙරේ. සඳුගේ ග්‍රහබලය අනුව විදේශාධාර ද ලැබීමට මාර්ග සලසා දෙයි. ජනතා හිතසුව පිණිස නව නීති මාලාවක් ක්‍රියාත්මක වීමටද අවකාශ ඇත. කෘෂිකර්මාන්තයේ ප්‍රගතියක් ඇතිවේ. නව වගා නීතිරීති අලුතින් සම්පාදනය වේ. විදේශ රටවල් සම්බන්ධව පැවැති ගැටලු මඟ හැරේ. මේ වසරේ අගභාගයේදී, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සාකච්ඡා කෙරේ. නව ව්‍යවස්ථාවකට ද ඉඩ කඩ සැලැසේ. සියල්ල ජනතාවගේ හිතසුව පිණිසම ක්‍රියාත්මක වේ.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කේ.එච්.ධනපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.