ජුනි 18 සිකුරු වෘෂභයට යයි

ජුනි 10, 2022

 

 

චන්ද්‍ර සිකුරු + චන්ද්‍රබුධ ත්‍රිකෝණ දෘෂ්ටිය – ශනි සිකුරු + ශනි බුධ චතුර්කෝණ දෘෂ්ටිය පංචමහා පුරුෂ යෝග අතරින් වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ රාශි සතරට “මාලවී” නම් මහා යෝග බලය ද සස යෝග බලය ද සත් කලත්‍ර යෝග බලය, ගුරු චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටියෙන් ගජකේෂරී යෝගය ආශි‍්‍රත මුවහත් වීමෙන් ද රසකාමි සිකුරු අප්සරාවිය විශ්ව තාරකා මන්දාකිණියෙහි ඔටුණු පලඳයි.

උත්තරායනය – ගී‍්‍රෂ්ම ඍතුවෙහි, මිථුන රවි 04 භාග වෘෂභ රාශිය, මකර නවාංශකය, කැති දෙවන පාදය 03 -04 රෙහෙණ 01,02,03,04 මුවසිරස 01 - 02 ජූලි 13 පෙරවරු 10.50 වන තුරාවට ජූනි 18 පෙරවරු 08.17ට රසකාමී සිකුරු ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩල වෘෂභ රාශි සංක්‍රමණය සිද්ධ වෙන්නේය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි චන්ද්‍රයා හිමි කටක රාශි උදා වෙහි කේතු සිකුරු 04 වැන්නේ ද චන්ද්‍රයා සමව ප්ලූටෝ සතුරුව වක්‍රව 07 වැන්නේද ශනි ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව 08 වැන්නවූ මාත්‍යු ස්ථානගතවද නැප්චූන් ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණව බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව අඟහරු මිත්‍රශීලීව 09 වැන්නවූ භාග්‍ය ස්ථානගතව ද යුරේනස් සමව රාහු සතුරුව බුධ මිත්‍රව නිවෘතව ස්වක්ෂේත්‍ර සිකුරු 11 වැන්න වූ අයස්ථානගතව ද රවි සමව 12 වැන්නවූ වැය ස්ථානගතව ද සෙනසුරු 22 වෙනි මාරක දෙර්කාණාධිපතිව සිකුරු බාධකව බුධ මාන්දි ග්‍රහයා ලෙසද නිර්මාණය වී ඇත. ඉරබටු තරුව යනුවෙන් විරුදාවලි ලැබූ සෞන්දර්යයෙහි රූපරාජිනිය වූ සිකුරු ග්‍රහයා සිකුරු හිමි වෘෂභ රාශියෙහි මිණිකිරුළ පලඳන්නීය.

අඩු ආදායම්ලාභීහු රජ වෙයි. ජන අරගල , බල අරගල , ව්‍යාජ වාණිජ මාෆියාව, පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ කොන්ත්‍රාත් පදනමෙන් ගමේ නගරයෙහි වර්ධනය කෙරෙයි. කාලගුණික, දේශගුණික සහ පාරිසරික විපත්ති බහුලවීම සිදුවේ. මහජන සේවක/ සේවිකාවන් සිවිල් ජනතාව විනාශ මුඛයට ඇදදැමීම සේවාවන්හි අනවබෝධය,කෘෂිකාර්මික ක්ෂේත්‍රය සුන්නද්ධූලී වී යාම, පීඩිත පන්ති කෙරෙහි දෙස්විදෙස් සහන සේවා නිර්මාණය කෙරෙයි. තිරශ්චීනයෝ කිරිසප්පයන් බිලිගනියි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තණ්හාව ආශාව වපුරන අසීමිත පිරිසක් වවාගෙන /ගසාකන කොන්ත්‍රාත් ක්‍රමවේද සමාජගත කරලීම අධිවේගී කෙරෙයි. සාගතය සාපිපාසාව රජ කෙරෙනා පසුබිමක් පොදුවේ සැමට නිර්මාණය කෙරෙයි. මෙම සිකුරු මාරුව ඔබට කොහොමද?

 

මේෂ

එදිනෙදා ජීවිතයේ ආරම්භ කරනු ලබන කාර්යයන් පොදුවේගත් කළ සමාජයේ පවතින විපරිත ජන ජීවිත නිසා ආකූල ව්‍යාකූල බවක් උසුලනු ලබයි. එහෙත් දිවියට ඇති වන බාධක, අවහිරතා, දුෂ්කරතා මැඩපවත්වා ගනිමින් එන සියලු අභියෝගයන්ට අභීතව මුහණ දෙනු ලබයි. තමාට හිමි පෞඩත්වය, පෞරුෂය මත ගෘහ ජීවිතය ආශ්‍රිත සියලු කරුණු කාරණාවන් සාර්ථක කරනු ලබයි. හදිසි තීරණ නොගැනීම, ඉක්මන් කෝපය දුරුකර ගැනීමෙන් සුබපල අත්විඳිය හැක.

මිථුන

පසුගිය කාල සීමාවන්හි දී පැවැති දියුණුව, දේපළ හා වස්තුව, මෙන්ම ගොඩමඩ ඉඩකඩම් ආශ්‍රිත කෙරුණු ගනුදෙනුවල ආකූල ව්‍යාකූල බවක් නිර්මාණය වීමට ඉඩ ඇත. එමෙන්ම සොර සතුරු උවදුරු ඇතිවීමට ද ඇති ඉඩකඩ වැඩිය. මහාපරිමාණ ආයෝජන ක්‍රියාවන්හි දී මුදල් සහ භාණ්ඩ ගනුදෙනු කරගෙන යාමේ දී පරිස්සම් විය යුතු වන්නේ රැවැටීම්වලට ලක්වීමට ඉඩ ඇති බැවිණි.

වෘෂභ

මෙම කාල සීමාව ඔබට සුබ දායකය. තිරසාර අරමුණු කෙරෙහි යොමුවේ. රසකාමී හැඟීම්, සුහදශීලී හැඟීම් වර්ධනය වේ. පෙම් සබඳතා වැඩි දියුණු වෙයි. නැතිනම් ඇතිවෙයි. විවාහ උත්සව, ප්‍රිය සම්භාෂණ, සහිත කාලයකි. ඔබගේ ග්‍රහ ගමනේ ගමන් මාර්ගය සුබවාදී වෙයි. අධ්‍යාපනය, සෞඛ්‍යය,ධනය, බලය, පෞඩත.්වය, පෞරුෂත්වය, ප්‍රසිද්ධිය, නිර්මාණය කෙරෙන කාලවකවානුවකි. නැටුම්, ගැයුම්, වැයුම්, ලේඛන කලාව ආශ්‍රිත කටයුතුවල යෙදෙන්නට ධනය ගලා එන කාලසීමාවකි. සියලු පහසුකම් සැලසෙන ජීවන ගමන් මඟ සුඛිත මුදිත කරන සතුටු දායක කාලසීමාවකි.

 

කටක

11 වැන්න වූ අයස්ථානය බොහෝදුරට දුර්වල විය හැකි තත්වයක් පෙන්නුම් කරයි. 08 වැන්න වූ මෘත්‍යු ස්ථානගතව වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණයයි. මේ අනුව ඒරාෂ්ඨක බලය ක්‍රියාත්මක වෙන කාලසීමාවකි.

තමන් පදිංචි ස්ථානයට අමනුෂ්‍ය දෝෂ ඇතිවිමට ඉඩකඩ ඇත. අභිරහස් ක්‍රමන්ත්‍රණ ද ක්‍රියාත්මක වෙයි. සොර සතුරු බිය ඇතිවේ. හදිසි තීරණ හා ඉක්මන් කෝපයෙන් මිදිය යුතු කාල වකවානුවකි.

සිංහ

රසකාමය අවධිකරන කාලපරාසයක් ලෙස මෙම කාලසීමාව හැඳින්විය හැකියි. එසේම, රැකියා ආදායම් මාර්ගවල දී ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිස් අවහිර, බාධක මතු කරයි. පෙම් සබඳතා, යුග දිවිය අවුල් වියවුල් මතු කරයි. අලුතින් ඇරඹීමට සූදානම් වන කාර්යයන් කෙරෙහි සොර සතුරු බලවේග, ඊර්ෂ්‍යාකාරී වෛරය, ක්‍රෝධය පතුරුවන පිරිසකගෙන් ඔබහට බධා හා කඩාකප්පල් වැඩකටයුතු සිදුවේ. ආවේගශීලීත්වය දුරු කර ගත යුතු කාලසීමාවකි.

කන්‍යා

ඉදිරි ගමන්මඟට බාධක යෙදෙන කාලසීමාවකි. බාධක අවහිර දුෂ්කරතා අතරට හදිසි තීරණගැනීමෙන් වැළකිය යුතුය. ඉක්මන් කෝප ගති ඉස්මතු වේ. මේවායෙන් දුරු වී ක්‍රියාකාරකම්වල යෙදිය යුතුය. බොහෝ දුරට ජනසමාජය තුළින් දේපළ, වස්තු, ඉඩකඩම් පිළිබඳ ගැටලු ඇති කරයි. ශාරීරික, මානසික විපරිත රෝගාබාධ ඇති කරයි. එමෙන්ම ආර්ථිකමය වශයෙන් ද ප්‍රබල අභියෝගවලට මුහුණ දීමට සිදුවේ.

 

තුලා

දියුණුවට යම් යම් බාධක අවහිරතා යෙදුණත් විදෙස් ගමන් බිමන් සාර්ථක කරයි. සතුරුබලවේග ක්‍රියාත්මක වෙයි. ශාරීරික දුබලතා ඇති කරයි. තම සිතැඟියාවන් යටපත්වීමට ඉඩ ඇත. වෙළෙඳ ව්‍යාපාරවල නියුතු වූවන්ට දියුණුවක් උදා කරයි. එනිසාම බහුතරයකගේ ඊර්ෂ්‍යාවට, වෛරයට ලක්විය හැකිය.

වෘශ්චික

පදිංචි ස්ථානයේ ද භූමියේ ද යම් ව්‍යාකූල බවක් ඇතිවිය හැකියි. උත්සාහය උනන්දුව දෙදරයි. අලසකම් ඇතිවේ. පවුලේ සාමයට, සමඟියට බාධක අවහිරතා ඇතිවෙයි. සොරසතුරු උවදුරු ඇතිවිය හැකියි. රෝගාබාධයන්ට ලක්වීමට ඉඩකඩ ඇත. තම ඉදිරි ගමන්මඟට එරෙහිව බාධක ඉස්මතුවන කාලපරාසයකි.

ධනු

ආගම දහමට මිනිස් දහමට ගරු කරමින් එන ගමන් මඟ සුණු විසුණු කෙරෙන ආශ්‍රිත වූවන්ගේ වෛර ක්‍රෝධ වැඩිවන බවක් දක්නට ලැබෙන කාලයකි. ආදායම් මාර්ග අඩපණ වෙයි. තමාගේ උත්සාහයට, දියුණුවට ළඟම සිටින ආශ්‍රිතයන් අකුල් හෙළයි. තම ගමන්මඟ කඩාකප්පල් කිරීමට කටයුතු කරයි. ඒ කෙසේවෙතත් අභියෝගාත්මක අත්මාර්ථකාමී පිරිස් පරයා ඉදිරියටම යෑමේ ශක්තිය ඔබ සතුය.

මකර

මෙම කාලසීමාව ඔබට පදිංචි භූමියෙහි ශෝ්කානුකූල පසුබිමක් නිර්මාණය කරයි. එහෙත් උත්සාහය උනන්දුව වැඩි දියුණුවෙයි. උසස් අධ්‍යාපනය කටයුතු සැලැසුමකට අනුව සිදු කර ගත හැක. සතුරු බලපෑම් ඇති විය හැකි බැවින් ප්‍රවේශම් වීම සුබ දායක වේ.

 

කුම්භ

ආගම දහමට නැඹුරු විය යුතු කාලසීමාවකි. සතුරු බලවේග, ආත්ම දෝෂ ඇතිවීම වළක්වා ගැනීමට ආගමික කටයුතු ඔබට රැකවරණයක් වනවා ඇත. ඔබගේ ඉඩකඩම් වස්තුව දේපළ ආරක්ෂා කර ගැනීමට හැකිවෙයි. අවිවාහකයන්ට උසස් විවාහයකට භාග්‍යය උදාවෙයි. අධ්‍යාපන කටයුතු ද සාර්ථක කර ගත හැකි වේ.

මීන

සෙනසුරු වැය ස්ථානය වූ 12 වැන්නේ සිටීමත් යුරේනස් රාහු 02 වැන්නේ ධන ස්ථාන ගතව ඇත. සියලු කටයුතු සාර්ථකව ඉටු කරගැනීමට හැකි වෙයි. පටන්ගත් නව වැඩ කටයුතු සාර්ථක වෙමින් සිතැඟිපරිදි ඉටුකර ගැනුමට හැකිවේ. එහෙත් පදිංචි වාසස්ථානයේ සතුරු බලවේග ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම වැදගත් වේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

විජිත ඩී. ලියනආරච්චි

 

*********************

කලකින් උදාවන නන්දා යෝගයක්

 

 

2022.06.19 වන රවි දින උදේ 07.02 නැඟෙනහිර දිශාව බලා ළිං කැපීම යහපති. ඉතා ශුභදායක නන්දා යෝගයකි.

රතුමල්, රතු බත්, ඉඹුල්කොල 09ක්, පලතුරු 01ක්, කැවිලි 01ක්, බුලත් 3ක් පඬුරු 3ක් පහනක්, හඳුන්කූරක් යනාදිය පුදා ළිං කැපීම යහපති. මෙම නන්දා යෝගයෙන් ළිං කැපීමෙන් ඉතා ඉක්මනින් මිහිරි ජලය ලැබේ. අමිහිරි රස, ළිං කඩා වැටීම් වැනි බාධා සිදු වන්නේ නැත. ළිං, වැව්, පොකුණු, අමුණු, ඇළවේලි බැඳීම ආදී සියලු ජලාශි‍්‍රත කටයුතුවලට මෙම නැකත යෝග්‍ය වේ. එසේම මෙම දින මේ වේලාවේ කිතුල් මල් කැරැල්ල කැපීමට ද ශුභදායක වේ. මෙම නන්දා යෝගය මුහුර්ත චින්තාමනියේ කවියකින් මෙසේ සඳහන් වේ.

සිත අද රේවති මූලය සියාවස

කැති අස්ලිස සහ රවි කුජ එදවස

තිථි එක සය එකළොස වුන එදවස

ඇති ශුභ නන්දා යෝගෙලු පෙරවස

 

මෙම කවියේ දැක්වෙන අන්දමට ඉරිදා දිනය ද සියාවස නැකත ද සතවක ලත් තිථියද සිකුරුගේ හෝරාවේ සිකුරුගේ පංචම කාල හෝරාවේ යෙදී ඇත. ඒ නිසා ඉතා ශුභදායක නැකතකි. සුබසෙත පාඨකයින් මෙම නැකත ප්‍රයෝජනයට ගැනීමට උත්සහ ගනිත්වා. පහත සඳහන් නැකත් හිමි අයට මෙම නැකත විශේෂයෙන් ශුභදායක වේ.

සිත, මුවසිරස, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, මුල, මා නැකත අස්විද, අනුර, උත්‍රපුටුප, පුස, පුනාවස, විසා, පුවපුටුප යන නැකැත් හිමි අයට මේ නැකත ඉතා ශුභදායක වේ.

 

ඡ්‍යොතිෂවේදී,

මහතුං ජාතුංග 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.