දොළොස් වසරකට පසු බ්‍රහස්පති මීනයට

අප්‍රේල් 8, 2022

 

ආර්ථික අංශවල පැවැති අසුබ පල මග හැරේ

ජනතාවට සහන සැලසේ

 

 

වෘෂභ, මිථුන, කටක, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ හා මීන යන ලග්නවලට සුබයි

 

බ්‍රහස්පති හෙවත් සුරගුරු, නවග්‍රහයින් අතරින් ඉතාමත් සුබම ග්‍රහ ලොවයි. ජන්මියාට බෙහෙවින් ම සුබඵල උදාකරන්නේ ද ගුරු වන අතර, ගුරුගේ දැක්මත් ගුරු ලග්නගතව කෙනෙකුගේ ජන්ම පත්‍රයේ පිහිටීමත් අතිශයින් සුබ දායකය. කෝටියක් දෝෂ භංග කරන සුරගුරු යම් යම් අවස්ථාවල අසුබ වන අකාරය ද දැකගත හැකිය.

ගෝචර වශයෙන් කෙනෙකුගේ උපන් ලග්නයෙන් 1, 2, 4, 5, 7, 9, 10, හා 11 යන ස්ථාන වල ගමන් කිරීම සුබදායක වන අතර, 3, 6, 8, 12 යන ස්ථාන අසුබ වන්නේය.

එවන් වූ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා එළඹෙන 2022 අප්‍රේල් මස 13 වන බුධ දින පස්වරු 03.54 ට තමාගේ ස්වක්ෂේත්‍ර මෙන්ම සුබම රාශිය වන මීන රාශියට පිවිසෙයි. හරියටම 12 වසරකට පසු ගුරුටම අයත් මීන රාශියට ගෝචර වශයෙන් බ්‍රහස්පති පිවිසීමට නියමිතය. මෙය සුවිශේෂි සුබදායක ග්‍රහ මාරුවකි. ගුරු තමාටම අයත් පුවපුටුප නැකැතේ ගමන් කරනු ඇත.

එම ගුරු එතැන් සිට 2023 අප්‍රේල් 22 වන දින මේෂ රාශි ගත වන තුරු වසරකටත් වැඩි කාලයක් වක්‍ර හා නිවෘත වීමක් ද සහිතව මිනයේ රැඳී සිටිනු ඇත. මීනය ගුරුට ස්වක්ෂේත්‍ර රාශියකි. ඒ අනුව 12 වසරකට පසු සිදුවන මෙම සුවිශේෂි අසිරිමත් ගුරු ග්‍රහ මාරුව රටට ලෝකයට මෙන්ම ඔබට කෙසේ බලපායි ද?

ශ්‍රී ලංකාවේ නිදහස් මොහොතේ උදා වූ කුම්භ ලග්න ජන්ම පත්‍රයේ මෙතෙක් කලක් ලග්න භාවයේ ගමන් ගත් ගුරු හෙවත් බ්‍රහස්පති 2 වැන්නට නැතහොත් ධනස්ථානයට පිවිසීම අප රටට යම් පමණකට යහපත් හා සුබදායක වනු ඇත. පසු ගිය කාලයේ පැවති කරදර බාධක ආර්ථික ප්‍රශ්න යම් පමණකට සමනය වනු ඇත. එසේම බහුතර ලග්නවලට ගුරුගේ මේ ගමනින් සුබ ඵල උදා වනු ඇත. මෙතෙක් රටේ ආර්ථික අංශවල පැවති අසුබ ඵල මඟ හැර සුබ ඵල උදා කරනු ඇත. ගුරුගේ මේ ගමන නිසා ලෝකයේ වගේම අපේ රටේත් විවිධ වෙනස්කම් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. ආගමික ප්‍රබෝධයක් ඇති වේවි. සාහිත්‍ය හා ජ්‍යෙතිෂයේ ද

වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප්‍රශ්න විසඳේවි. නව ප්‍රබෝධයක් රට තුළ ඇති වේවි. දේශපාලනය තවතවත් උණුසුම් හා නැවුම් වේවි. නව නායකයින් කරලියට පිවිසීම මෙන්ම දේශපාලන නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. මැතිවරණයන් පැවැත්වේවි. නව දේශපාලන පක්ෂ බිහි වේවි. බුද්ධිමතුන්ට යහපත් කාලයක් උදාවේ. භික්ෂුන් වහනසේලා ඉදිරියට පැමිණේවි. රට තුළ දේශගුණ විපර්යාශ යම් පමණකට ඇති වේවි. විශේෂයෙන් ජලගැලීම්, නායයෑම්, සුළි සුළං,ඉඩෝර වැනි දේ ඇති විය හැකිය. රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. අපහසුතා මැද සිටි මහ ජනතාවට මෙම ගුරු මාරුව කලකට පසු උදාවන අස්වැසිල්ලක් වනු නොවනුමානය.

බ්‍රහස්පති අපල සඳහා ශාන්තිකර්ම

බ්‍රහස්පතින්දා දිනවල උතුරු දිශාව හෝ ඊශාන දිශාව බලා බෝධීන් වහන්සේ උදෙසා බෝධි පූජා පැවැත්වීම

නෙළුම් මල් , කහ පාට හෝ රන්වන් පාට හෝ මල් මාල පූජා තැබීම සඳහා යොදා ගැනීම මැනවි

ගිතෙල් මිශ්‍ර කිරිබත් බෝධියට පූජා කරන්න.

භික්ෂූ, භික්ෂූණී හා ගැබිනි මාතාවන්ට කඩල පූජා කරන්න

භික්ෂූ, භික්ෂූණීන්ට දානමාන දී හා උපස්ථාන කිරීම හා සිවුරු අටපිරිකර කහ කුඩ පූජා කිරීම

විහාරමළු, බෝමළු ඇමදීම හා ඒ සඳහා ඉදල් කොසු පූජා කිරිීම

ඒරාශ්ඨක මාරක අපල යෙදී ඇත්නම් විෂ්ණු, කතරගම හා පත්තිනි මෑණියන්ට සෙත් කවි කීම

අන්තරාය නිවාරණ යන්ත්‍රය හෝ නවගුණ යන්ත්‍රය රත්‍රන් සුරයක දමා පැලඳීම

ශක්‍ර දෙවියන් හා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව සමූහයට පිං අනුමෝදන් කර පිහිට පැතීම

පුෂ්පරාග ගලක් බැඳී රත්‍රන් මුදුවක් පැළදීම

බ්‍රහස්පතින්දා දිනවල දින 14 ක් පමණ උක්පැන් සහිත කිරිපිඬු පූජාවක් සමඟින් බෝධි පූජාමය පින්කම් පවත්වා විෂ්ණු දෙවියන් හා කතරගම දෙවියන් ප්‍රධාන දේව සමූහයාට පිං අනුමෝදන් කරන්න.

ගුරු, ඇතුළු නව ග්‍රහ අපල දුරු වීමට පිහිට ප්‍රර්ථනා කරන්න. නවග්‍රහයින්ට පිං දෙන්න. පූජා පැවැත්වීමේදී උතුර හෝ ඊශාන දිශාව බලා පවත්වන්න. එක දිගට ගුරු දිනක ආරම්භ කර දින 14 කාලයක් බෝධි පූජා පැවැත්වීම බෙහෙවින්ම ගුණදායක වනු ඇත. බෝ ගසට ගරු කිරීම හා සාත්තු කිරීම හා පෝෂණය කිරීම ඉතාම සුබදායක වනු ඇත. එළඟිතෙල්, අබ තෙල්, කොහොඹ තෙල් යන වර්ග තුන මිශ්‍ර කළ තෙලෙන් පහන් 14 ක් ගුරු දිනක දල්වා පූජා කරන්න. රිදී හෝ රත්‍රන් අලේපිත පත් ඉරුවක “සබ්බ පාපස්ස අකරනං” යන ගථාව ලියා 108 වාරයක් ජීවම් කර ළඟ තබා ගැනීම. ඉගෙනුම ලබන දරුවන්ට ඉතාම සුබදායක වනු ඇත. පුෂ්පරාග ගලක් සහිත රන් මුදුවක් තම වෙදැඟිල්ලේ පැලඳීම ඉතාම ගුණදායක වනු ඇත.

තමන්ට පහසුවෙන් යාමට හැකි බෝධීන් වහන්සේ නමක් තෝරාගෙන (වට නොකරන ලද බෝධියත් නම් වඩාත් සුදුසු වේ) එම ස්ථානය හොඳින් අතුගා පිරිසිදු කර මල් ආසන හා අදාළ ස්ථාන ද පිරිසිදු කිරීමෙන් අනතුරුව සුවඳ දූපයක් දල්වා තෙරුවන්ට තම ඉෂ්ඨ හා ආත්ම පාලක දේවතාවුන් ඇතුළු සියලු දෙවියන්ට පහන් 14 පත්තු කොට කහ මල්, මල් මාලා, කහ කොඩි පුදකර අදාළ බෝධි පූජා ගාථා කියා බෝධි පූජාව තබන්න. සුවඳ පැන්වලින් වැසි රහිත දිනවල බෝධිය නාවන්න. ඉන් අනතුරුව තමා විසින් මේ කර ගත්තා වූ මෙම සියලු පින් තමාගේ හා තම පවුලේ සියලු දෙනාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේ හා ආත්ම පාලක දේවතාවුන් වහන්සේ ඇතුළු ශ්‍රී ..විෂ්ණු දෙවියන්ටත් පහත සඳහන් ආකාරයට අනුමෝදන් කරන්න.

එදිනෙදා තමන් කළ යම් පින්කමක් මතක් කර පහත සඳහන් පාඨය කියා අදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්න.

මා හා අප පවුලේ සියලු දෙනා විසින් කරගත්තා වූ මෙම සියලුම කුසල සම්භාරය මාගේ හා මාගේ පවුලේ අප සියලු දෙනාගේම ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් ආත්ම පාලක දේවතාවුන්

වහන්සේලාටත් ශ්‍රී විෂ්ණු, කතරගම ඇතුළු සියලු දෙවියන්ටත් අත්වේවා. ඒ ආනුභාවයෙන් ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන්නා වූ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා. තුන්තරා බෝධියකින් උතුම් වූබෝධියක් ලැබේවා. ඒ ආනිශංසයෙන් මාගේ හා අප පවුලේ සියලු දෙනාගේ පූර්ව ආත්ම භාවයේ කරන ලද අකුසල කර්ම අහෝසි කර්ම බවට පත්කර සෙනසුරු, අඟහරු හා සියලු නව ග්‍රහ අපල හා ඒරාෂ්ඨක දෝෂ භංග කර මාගේ හා අප පවුලේ බලාපොරොත්තු මෙම වසර පුරාවට ඉෂ්ඨ කර නිරෝගී බව දියුණුව හා සහනය මෙන්ම අපල දුරුකර ශක්තිය ලබා දුන මැනවි යනුවෙන් සත්‍ය ක්‍රියා කරන්න.

ගුරු අපලයට බ්‍රහස්පතින්දා දින වල ගුරු හෝරාවෙන් එනම් උදේ 6 ත් 7 ත් අතර හෝ රාත්‍රි

8 ත් 9 ත් අතර කහ පැහැති මල් සමඟ තැඹිලි තෙල් පහනක් දල්වා නැඟෙනහිර දිශාව බලා බෝධි පූජා පවත්වා අභිසම්භිධාන පිරිත සඡ්ඣායනා කර ගුරු අධිපති විෂ්ණු දෙවියන්ට හා ආතුරයාගේ ඉෂ්ට දේවතාවන්ට පහන් තබා පිං අනුමෝදන් කර සෙත ප්‍රාර්ථනා කරන්න. මෙයද ගුරු අපල සඳහා ඉතාම ගුණදායක වනු ඇත.

සැ. යු.ඉහත සඳහන් පලාපල තත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගත වන මහ දශා, හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි ආකාර නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්වයන් හා විවිධ ග්‍රහ දුෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය. අපල පවතින ලග්න හිමියන් ඵම ගුරු අපල දුරු වීමට බ්‍රහස්පතින්දා දිනවල දින 09 ක් උදේ හෝ සවස 6 -7 අතර බෝධි පූජා පවත්වා බෝධිය පැන් කළ 3 කින් නහවා බෝ

වෘක්ෂයට ඇප උපස්ථාන කොට කහමල් හා කහ කොඩි පූජා කොට කතරගම දෙවියන්ට පින් දෙන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.