බ්‍රහස්පති හෙවත් සුරගුරු ගැන ඔබ දත් නොදත් තොරතුරු

ජනවාරි 21, 2022

සදෙව් ලොවට අධිපති මහේශාක්‍ය ශක්‍ර දේවේන්ද්‍රයාගේ ද, අති ශ්‍රේෂ්ට ගුරුවරයා වූ සුරගුරු හෙවත් බ්‍රහස්පතී පුෂ්ටිමත් ස්ථූල, අංග සම්පූර්ණ ශරීරයක් ඇති තේජවන්ත ශක්තිවන්ත වංශවතකු ලෙස ඉපැරැණි ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි දක්වා තිබේ. තාරකා විද්‍යාවට අනුව ද බ්‍රහස්පති කුඩා වන්නේ සූර්යයාට පමණක් වන අතර, අනෙක් සියලූම ග්‍රහයන්ට වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහයාගේ මැදින් සැතපුම් පන්දහසක පමණ බාහිර නෙරුමක් ඇති බැවින් උසට වඩා මහතින් වැඩි බව කියෑවේ.

 

ජ්‍යොතිෂයේ ගුරුට හිමිව ඇති ස්ථානය අතිශයින්ම සුවිශේෂය. ගුරු ග්‍රහ මණ්ඩලයේ බලවත්ම සුබ ග්‍රහයා වෙයි. නවග්‍රහයන් අතරින් ප්‍රධාන තැනක් ගුරුට හිමිය. ඉතාමත්ම යුක්ති සහගත අධ්‍යාත්මික මෙන්ම ලෝකෝත්තර පැත්තට බර ග්‍රහයාද වේ. ප්‍රධාන උපදේශකයාද වෙයි. දෙවියන්ගේත් ගුරුවන නිසාවෙන් සුරගුරු ලෙස හඳුන්වයි. බ්‍රහස්පති ග්‍රහයා ග්‍රහලෝක අතර විශාලතම ග්‍රහයාද වන අතරම නැකැත් තරුවලට පිටින් ගමන් කරන ග්‍රහ තාරකාවද වේ. විශාලත්වයෙන් දෙවැනි වන්නේ රවි රජුට පමණි. ඔබ ජීවත්වන පෘථීවි ග්‍රහ ලොව මෙන් එක්දහස් තුන්සිය වාරයක් විශාල වන අතර ගුරු, සුරගුරු, බ්‍රහස්පති යන නම්වලට අමතරව ගුරු හට අංගීරස, ආර්ය, වාගීශ, ජීව, යන නම්ද ව්‍යවහාර වේ. පුළුල් නලල් තලයක් හා මිටි මහත වටකුරු ශරීරයකින් හෙබි සුරගුරු විශාල උදරයක්ද ඇති රන්වන් පාට සිරුරකින් යුක්තයි. ගුරු ලග්න භාවයේ සිටින අයගේ ශරීර මහත් වේ. ඔබ ජිවත් වන පෘථීවියට මදක් ඈතින් ගුරු සිටියද ඔහුගේ බලපෑමේ කිරණ ශක්තිය නිරතුරුවම ඔබට ලබා දෙනු ඇත. අහස පැහැදිලි කාලයේදී කහපාටින් බබලන බ්‍රහස්පති ඔබට පහසුවෙන් හදුනා ගත හැකිය. සුරගුරුට උප ග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් 16 දෙනෙකු සිටිනා අතර ග්‍රහ මණ්ඩලයේ සුබම සුබ පුරුෂ ග්‍රහ තාරකාව ද වන්නේය. රවි රජුගේ අග මෙහෙසිය චන්ද්‍රා බිසවත් පුර පස සඳු ඔහුගේ අනියම් බිසව වන සුකුමාල සිකුරු නැගණියත්, බුධ පොඩි පුතාත් සිටින්නේද මේ සුරගුරුට පසුපසිනි. ගුරුගේ ඥාානය, නැණවත් බව, නිරහන්කාර බව, පරිත්‍යාගශීලි බව, ධර්මිෂ්ට බව, විනීත බව මෙන්ම ගුණ ධර්මාදීන්ගෙන් පිරිපුන් බව නිසාවෙන්ම ග්‍රහ මණ්ඩලයේ ගුරුට අභියෝග කිරීමට අන් ග්‍රහයන්ට නොහැකිය. ගුරු අන්‍යයන්ට ආදරය හා කරුණාව දැක්වීම නිසා ඔහුට කවුරුත් ඉතාම කැමතිය. බ්‍රහස්පති යමක් විසුරුවා හරින ග්‍රහයා නිසාවෙන් ඔහුගේ යෝග වීමක් නැතහොත් එක්වීමක් හෝ දැක්මක්, දෘෂ්ටියක් ලැබූ පමණකින්ම කෝටියක් දෝෂ භංග වී යයි. එවිට නිතැතින්ම සුබ ඵල උදා වනු ඇත. එපමණක්ද නොව අසුබම ග්‍රහයකුට රවි, කුජ, ශනි රාහු, කේතු වැනි ග්‍රහයකුට ගුරුගේ දෘෂ්ටියක් වැටුණු කල එම අසුබ නැතිවි සුබ භාවයට පත් වේ. එය සුරගුරු හට ඇති ප්‍රමුඛ ගුණයකි. මෙම ග්‍රහයා හට ප්‍රධාන වශයෙන් පුත්‍ර කාරකත්වය හිමි අතර ඥාාන කාරකත්වය මෙන්ම ධන කාරක හා අධ්‍යාපන නෑකමක්ද ඔහුට හිමිය. මෙම ග්‍රහයා යෝග වීම් මත ගුරු හංස, වැනි පංච මහා පුරුෂ යෝග හා ගජ කේශරි, රණහංස, භූමිපාල, ජය සිදු වැනි ඉතා සුබ යෝග මෙන්ම සකට වැනි අසුබ යෝගද උදා වේ. ගුරු බලවත්ව ජන්ම පතේ පිහිටා සිටියද :රවි, කුජ, ශනි රාහු, කේතු වැනි පාප ග්‍රහ දෘෂ්ටියකට ලක් වුවහොත් ඹහුගේ සුබ ඵල අඩුවනු ඇත. ඒ කෙසේ වුවත් අන් ග්‍රහයන් මෙන් පාප දෘෂ්ටි වලින් පහසුවෙන් මෙම ග්‍රහයා දුර්වල කළ නොහැක. පුරාණයේ සිටම බ්‍රහස්පතිට ගුරු මෙන් සලකනු ලබයි. සෑම ජාතියක්ම හා ආගමක්ම ඔහුව උසස් අන්දමින් සලකනු ලබයි. ඒ නිසාවෙන් බ්‍රහස්පති ගුරුන් වහන්සේ, යුක්තිය පසිදින්නා ආදි නම්ද භාවිතා වේ. අශ්වයින්ට, ඇතුන්ට, මුවන්ට, ගෝනුන්ට හා ගෘහවාසී සතුනට හා මොණරාදී පක්ෂීන්ටද මෙම ග්‍රහයා අධිපති වන්නේය.

රවි රජතුමාත්, චන්ද්‍රා බිසවත්, හැඩි දැඩි හිතුවක්කාර කුජ පුතාත් ගුරු ගේ හොඳම මිතුරන්ය. ශනි හෙවත් සෙනසුරු මෙහෙකරුත් රාහු හා කේතු යන මෙම ග්‍රහ පවුලේ සීයාත් ආච්චීත් ගුරු සමග තරහක් හෝ විශේෂ හිතවත් කමක් නැත. නමුත් පොඩි පුතා වන බුධත් රවි රජුගේ අනියම් බිසව වන සුකුමාල සිකුරු නැගණියත් නම් ගුරු ගේ පරම සතුරන්ය. මොහු හට ධනු හා මීන යන දෙරැසේ ලග්නාධිපති අයිතියද හිමිය. එම නිසා ගුරු එම ලග්න දෙකට පියතුමාය.

ධනු හා මීන යන රාශි දෙක ගුරු ගේ නිවස්නයන් හෙවත් ස්වක්ෂේත්‍ර වු බලගතු රාශි දෙක වෙයි. බ්‍රහස්පති පසු ගිය ජුනි 19 වන දා ගොඩ වූ කටකයේදි ඔහුගේ බලය බෙහෙවින් වැඩි අතර ඔහු එහිදි උව්චය. ඉතා බලවත්ය. මකරයේදී කිසිදු බලයක් නැති නීචයකු වන අතර මේෂ, සිංහ, වෘශ්වික තෙරැසේදී මිත්‍රයෙකි. කුම්භය ගුරු හට ගුණ අගුණ නොමැති සම රාශියක් වන අතර වෘෂභ, මිතුන, කන්‍යා, තුලා, යන රාශි ගුරු ගේ සතුරන්ය. පුනාවස්, විසා හා පුවපුටුප යන නැකැත් සුර ගුරු ගේ පාලනයේ පවතින අතර බ්‍රහස්පතින්දා දිනයටද ගුරු හට පූර්ණ අයිතියක් ඇත. පුෂ්පරාගය ගුරු ගේ පාෂානයයි.

ගුරු ගේ පාලනය යටතේ පවතින විෂයන් ගණනාවකි. එනම්,රටේ වැදගත්ම මහා භාණ්ඩාගාරය, අධ්‍යාපනය, නීතිය, ආගම, දර්ශනය, බැංකු හා වෙළද ව්‍යාපාර, ආර්ථික විද්‍යාව, හමුදා බැරැක්ක, විහාරස්ථාන, රක්ෂණ සමාගම් වැනි ඉතාම වැදගත් අමාත්‍යාංශ ගණනාවක්ම ඔහුට හිමිය.

කීර්තිය, ප්‍රශංසාව, දීර්ඝ ගමන් යාම, පිට පළාත් වල ජීවත් වීම, මෙන්ම උගතුන්ගේ වාසස්ථාන මෙන්ම ප්‍රභූන්, සීයලා හා මුණුබුරන්ටද ගුරු ගේ අධිපතිත්වය හිමිය. මෙම ග්‍රහයා අසුබ වූ කල අක්ෂි රෝග, නිදිමත ගතිය, දියවැඩියාව, චර්ම රෝග සෙංගමාලය, සිහිවිකල් බව, ශරීරය අධික ලෙස මහත් වීම, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යාම, උණ මෙන්ම මුත්‍ර සමග ධාතු පහවිම වැනි රෝගාබාධ හට ගැනීමටද හැකියාව පවතී. ඔබේ ජන්ම පත්‍රයේ 6, 8, 12, රාශි ගත වීම හෝ 22 වන දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති, හෝ බාධක හා මාරක ග්‍රහයා වීම මත ගුරු හට ඔබට එතරම් සුබ ඵල ගෙන දීමට නොහැකි වේ. නමුත් බ්‍රහස්පති කිසිවිටක අන් ග්‍රහයන් මෙන් ඔබට කරදර කරන්නේ නැත. ඔබ මරා දමන්නේ නැත.

කෙනකු උපදින විට ගුරු ඔහුගේ ලග්න රාශි ගතව එනම් පළමු වැන්නේ බලවත්ව සිටි විට කෝටියක් දෝෂ භංග වී අතිශය සුබ ඵල උදා වේ. ඊට හේතු වන්නේ ලග්නයේ සිටින විට ඔහු හට 5, 7, 9 යන ඉතා වැදගත් රාශි 3 නම පෙනෙන නිසාවෙනි. පස්වැන්න යනු පුත්‍ර ස්ථානය හා අධ්‍යාපනය නිසාත් හත්වැන්න යනු කාලත්‍ර ස්ථානය හෙවත් විවාහ ස්ථානය නිසාත් නම වැන්න යනු භාග්‍ය ස්ථානය නිසාත් ගුරු ගේ දෘෂ්ටියෙන් එම ස්ථාන 3ට ම පිරිපුන් බලවත් ශක්තියක් ලැබේ. ඒ නිසා ඔහු සිංහ හා වෘෂභ ලග්න දෙක හැර අන් ලග්න 10 යටම ඉතා බලවත්ය.එවිට ධනය කීර්තිය ඥාානය දියුණුව ලැබේ. ඊට අමතරව 2, 4, 5, :7 විවාහයට හැර 9, 10, හා 11 ගුරු හට ඉතාම සුබ ස්ථාන වේ. 3, 6, 8, 12, එතරම් සුබදායක නැත. එහෙත් එම ස්ථාන වලදීද අනෙක් ග්‍රහයන් මෙන් බ්‍රහස්පති දඩබ්බර නොවේ. ගුරු ආසන්න වශයෙන් වසර 12 කට වැඩි කාලයකදී ග්‍රහ වළල්ල වටේ හෙවත් ඔබේ ජන්ම පතේ කොටු 12 ටම ගමන් කරයි. එසේ යන ඔහුට සුබවාදි රාශි බොහොමයකි. එනම් 2, 5, 7, 9, 11 යන රාශි වලදී ඔහු බොහෝ හොද ප්‍රතිඵල උදා කරයි. නමුත් 1, 3, 4, 6, 8, 10, 12 යන රාශි වලදී නම් එතරම් සුබඵල ගෙනදීමට නොහැක.

සැබැවින් ම බ්‍රහස්පතී වාසනාව හා භාග්‍යය පිළිබඳ හිමිකරුවාය. පෙර කරන ලද කුසල කර්මවල ඵල විපාක වශයෙන් මෙලොවදී උදා කෙරෙන වාසනාව හා සෞභාග්‍යය පිළිබඳ නිවේදකත්වය බ්‍රහස්පතීට හිමිව ඇත. උපතින් ගුරු බලවත් අය සැබැවින්ම සෞභාග්‍යවත් ජීවිත ගත කරන භාග්‍යවන්තයෝ වෙති.

එසේම ගුරු බලවත්ව උපත ලද්දෝ අංග සම්පූර්ණ, පුෂ්ටිමත් ස්ථුල ශරීර ලද්දෝ වෙති. ශරීරයේ විශාලත්වයටත් ගෞරවයක් ලැබෙන සේ තරබාරු වූවෝ වෙති. ශක්තිමත් මෙන්ම දීප්තිමත් කෙස් කළඹක්, පළල් නළල් තලයක්, ආකර්ෂ,ය පැහැදිලි නෙත් සණීලක්, මහත පැහැපත් තොල් සහ කිරි සුදු ලොකු දත් දෙපළක්, ව්‍යක්ත, පැහැදිලි ගැඹුරු කටහ+ක් සහිත මුඛයක්ද. සහිතව මසින් සරු අණ්ඩාකාර මුහුණක්ද, පළල් ශක්තිමත් පපුවක් ද, යහපත් ශක්තිමත් මස් පි+ු සහිත අවයවයන්ගෙන් යුත් රන්වන් කහ පැහැයට හුරු සමක්ද බැහැරට තරමක් නෙරා ඇති ගරු සරු බවින් සරු වූ උදරයක් ද ඇති උසස් පෞරුෂයකින් හෙබි ශරීරයන්ට හිමිකම් කියති.

එසේම ශරීර සෞඛ්‍යයට සහ සුවතාව වර්ධනය කෙරෙන ක්‍රීඩා ව්‍යායාම ආදී කායික ක්‍රියාකාරකම් ද සිරුර පොහොණි කරවන ගුණාධික කිරි, වෙ+රු, එළණීිතෙල්, ආදී මේදය සහිත සියලූ ආහාර ද ස්වාභාවික පැණි රස යුත් මිහිරි ආහාර ද ගුරුටම අයත් වේ.

ගුරු ප්‍රඥාකාරකයා ද වෙයි. ප්‍රඥාව යන්න කුමන අයුරින් නිර්වචනය වුවද, මනුෂ්‍ය ජීවිතයේ නිසි නියම අරුත සහ අගය තේරුම් ගැනීමටත්, තමා අවට සිටින්නේ තමා වැනිම වූ මනුෂ්‍යයන් බව සහ තමාට ඇති අවශ්‍යතා ආශාවන් , රුචි අරුචිකම්, උරුම හිමිකම් අන් සියලූ මනුෂ්‍යයන්ට ද සාධාරණ බව අවබෝධ කර ගැනීමටත්, මනුෂ්‍ය ජීවිතයේ මෙන්ම මනුෂ්‍යයා විසින් ග්‍රහණය කර ගනු ලබන කිසිවක්ම ස්ථිර නොමැති බවත්, එබැවින් කිසිවක් තරයේ ග්‍රහණය නොකළ යුතු බවත් මනුෂ්‍යයන්ගෙන් පිරිපුන්ව ජීවිතය පවත්වා ගෙන යැමෙන් පමණක් සසර ගමන කෙටිකර ගත හැකි බව මෙන්ම එම කෙටි ගමන් බිමන්ද සරුකර ගත හැකි බවත් වටහා ගැනීමට මනුෂ්‍යයාට ප්‍රඥව අත්‍යවශ්‍ය බව පැරැණි පොත පතෙහි සඳහන් බ්‍රහස්පතී පිළිබඳ විස්තර සුපරික්ෂාකාරීව විමසන කළ පෙනී යන පරම සත්‍යය වේ.

උපතින් ගුරු බලවත් වූවෝ තමාගෙන් තමන්ටත්, එමෙන්ම තමාගෙන් අනුන්ටත් අල්ප හෝ අනර්ථයක්, කරදරයක් නොවන සේ ජීවන ප්‍රවෘත්තිය ගෙන යැමට දනිති. අනුනට උපකාරයක් නොවන සේ කටයුතු කරති. ගුරුගේ බලයට සාපේක්ෂව සිත කය වචනය පිරිසිදුව පවත්වා ගෙන යති. රාජ්‍ය නීති රීතීන්ට සම්ප්‍රදායයන්ට ගරු කරමින් උසස් ගුණ ධර්මයන්ගෙන්යුක්තව ගෞරවාන්විතව සම්‍යක් දෘෂ්ටිකව ජීවත් වෙති.

ධන කාරකයා වන්නේ ද ගුරුමය. හුදෙක් ලෞකික සම්පත්තීන් සම්පාදනය අරබයා නොව ලොව සියල්ලෙහි පැවැත්මට ධනය අවශ්‍ය වන බැවිනි. මෙහිදී ඩොලර්, රුපියල් ආදිය මෙන්ම ධනය සඳහා වූ විවිධ ආදේශකයන් ද ආදිය පමණක්ම නොව ප්‍රඥාවන්තයන්ට ධනය වූ සතුට මානසික සුව සහනය ද ඒ සඳහා උපකාරී වන භෞතික හා අභෞතික සම්පත් ආදිය ද ධනය යන්නෙන් අදහස් කෙරේ.

චක්‍රවර්තී රාජ්‍යයකට කහවනු රන්මසු රන්රිදී මුතු මැණික් ඇත්දළ ආදියෙන් යුත් අප්‍රමාණ ධන සම්භාරයන්ගෙන් සපිරි මහා භාණ්ඩාගාරයේ සිට, ඈත පිටිසර වෙල්යායක් අසල පිහිටි ගමක කුඩා පැල්පතක් ඉදිරියේ ඉදිකොට ඇති දිළිඳු ගොවි පවුලක් සතු මහා ධනය වූ වී බිස්සක් දක්වා සියලූ ධනයන්, ධන සංචිතයන්, භාණ්ඩාගාර ආදියෙහි භාරකාරත්වය කළමනාකාරීත්වය ගුරුට හිමිව ඇත.

වෙළෙඳ කටයුතු (වාණිජ්‍යය) පිළිබඳ වගකීම බුදට හිමිව තිබුණද, ආර්ථිකය සම්බන්ධ සියලූ කාර්යයන් මෙහෙයවනු ලබන්නේ බ්‍රහස්පතී විසිනි. මේ අනුව ආර්ථික විද්‍යාව, රාජ්‍ය ආර්ථිකය, රජයේ ආදායම්බදු හෝ වෙනත් ආදායම් මාර්ග, රජයේ මධ්‍යම බැංකුව සහ එහි මූල්‍ය සංචිත, රජයේ වත්කම්, විදේශ ආධාර, විදේශ විනිමය, බැංකු, රජයක් දේශයක් පවත්වාගෙන යැමට දායක වන්නා වූ විශාල වශයෙන් ලාභ ලබන වෙළෙඳ ව්‍යාපාර, නිදහස් වෙළෙදාම, ව්‍යාපාර කොටස් සහ ඒවායේ වර්ධනය, ලොව කිසියම් මිනිස් කොට්ඨාසයකට අයත් වන්නා වූ පාලනය වන්නා වූ ලොකු කුඩා භාණ්ඩාගාර යම් ජන සමූහයකගේ පැවැත්ම සඳහා ධනෝත්පාදනයෙන් උපකාරී වන්නා වූ රත්රන් ආදී වටිනා ලෝහ, තේ, රබර්, පොල් ආදී ආර්ථික අගයෙන් උසස් වූ හෝරා, දැවමය වශයෙන් ඉහළ අගයක් ඇති විශාල වෘක්ෂ ආදිය ද යට:ා්ක්ත කරුණුවලට නියම් හෝ අනියම් අයුරින් සම්බන්ධ වන වෘත්තිකයන් ද ගුරුගේ පාලනය යටතේ පවතී.

ගුරු පුත්‍රකාරකයා ලෙස ද ජ්‍යොතිෂයෙහි දැක්වේ. විශ්වයේ පැවැත්ම තහවුරු කිරීමට විවිධ අයුරින් දායක වන්නා වූ මිනිසාගේ සුබ සිද්ධියට ඇප කැප වන්නා වූ විශ්ව පුත්‍රයන් ලබා දෙන්නේ බ්‍රහස්පතී ය. එදා මෙදා තුර ලොව තුළ බිහි වූ විවිධ විෂය ක්

ෂේත්‍රයන් හරහා ලොව දිනන්නටය සමත් වූ විශ්ව කීර්තියට පත් කිසිදා නොමියෙන නමක් ඇති යම් පුතුන් පිරිසක් මිහිතලය මත වේද, ඒ අමරණීයත්වයට පත් පුත්‍රයෝ බ්‍රහස්පතීගේ බල පරාක්‍රමය යටතේ බිහි වූවෝ වෙති. මතු මතුත් එවන් පුතුන් බිහි කරනු ලබන්නේ ද බ්‍රහස්පතීමය. යමකුගේ ජන්ම පත්‍රයෙහි ගුරු බලවත් ස්ථානයක බලවත්ව පිහිටා ඇති විට ඔහු විශ්වයේ යහ පැවැත්මට කුමන අයුරකින් හෝ දායක වන්නා වූ සද්භාවයෙන් කටයුතු කරන ශ්‍රේෂ්ඨ විජයග්‍රාහී පුතකු වන්නේම ය.

බර හෙවත් ස්කන්ධය එමෙන්ම විශාල යන අරුත් ද ‘ගුරු’ යන සංස්කෘත පදයෙන් වාච්‍ය වෙයි. ගුරු බව බර බව හෙවත් ස්කන්ධය ද දැවැන්ත බව විශාල බව ද බ්‍රහස්පතීන්ගේ අධිපතිත්වය යටතේම පවතී. මේ අනුව මිහිතලය මත ඇති බර වැඩි මෙන්ම විශාලත්වයෙන් වැඩි ජීව අජීව සියල්ලෙහි හිමිකරු ද ගුරු වෙයි. දැවැන්ත පර්වත හා ගල්කුළු විශාල ශරීර ඇති යෝධ මිනිසුන් පමණක් නොව සිවුපාවුන් අතර දැවැන්ත වූ හස්තීන් ද, පක්ෂීන් අතර දැවැන්ත වූ මොණරුන්, ගිජුලිහිණියන් ආදී පක්ෂීන් ද මත්ස්‍යයන් අතර දැවැන්ත වූ තල්මසුන් ද බ්‍රහස්පතීගේ පාලනයට යටත් වේ.

බ්‍රහස්පතිගේ මහ දශා කාලය අවුරුදු 16 කි. කෙනකුගේ ජන්ම පත්‍රයේ මෙම ග්‍රහයා සුබවාදීව සිටිනා විට ඔහුගේ ජීවිතයේ ස්වර්ණමය දශා මහ දශා කාලයේ හිමිකරු වීමට ගුරු ට අවස්ථාව ලැබේ. එය ඔහු ලැබූ මහත් වූ භාග්‍යයකි. ගුරු ගේ දශා කාලය ඉගෙනගන්නා විට ලැබූ විට ඒ පුද්ගලයා අධ්‍යාපනයේ ඉහළටම ගමන් කරනු ඇත. ඒ වගේම ඔහු සහෝදර අන් ග්‍රහයන්ගේ අතුරු දශා කාලද ගුරු හට හිමිය. නමුත් ඒවා කෙටි කාලයන් වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.