නැකැතයි ඔබයි

ජනවාරි 14, 2022

යම්කිසි පුද්ගලයකුට අදාළව ශුභ කාර්යයක් කිරීමට ශුභ නැකැතක් සෑදීමේදී එම පුද්ගලයා උපන් නැකැතට ගැළපෙන නැකැතක් තෝරා ගත යුතුය. මේ අනුව සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී යන මූලයන්ට අයත් නැකැත් ශුභ වැඩවලට යොදාගැනීම යහපත් වේ.

එම නැකැත් අදාළ පුද්ගලයාට ගැලපෙන නැකැත් වේ. විපත්, ප්‍රත්‍යාරි. වධ යන ගණයන්ට වැටෙන නැකැත් පුද්ගලයා හා සම්බන්ධ කිසිම වැඩකට සුදුසු නැත. උපන් නැකැතට අනුව ගැළපෙන සියලුම නැකැත් ඡ්‍යොතිෂ ලිත්වල සඳහන් වේ.

සම්පත් නැකැත් පවතින දිනවලදී අරඹන ශුභ කටයුතුවලින් වස්තුව සැප සම්පත් ලැබේ.

විපත් නැකැත් පවතින දිනවලදී ජන්මියාට දුක් කරදර ධනහානි සිදුවන බවත් කිට්ටු ඥාතීන්ට හා හිතවතුන්ට විපත් සිදුවන බවත් පැවසේ.

ක්ෂේම නැකැත් පවතින දිනවලදී අරඹන කටයුතු සාර්ථක වේ. විභාග තරගාදියෙන් ජය ලැබේ. ප්‍රත්‍යාරි නැකැත් කාලයන්හි ජන්මියා අසනීප වේ. බලාපොරොත්තු සුන්වේ. සතුරු පීඩා ඇතිවේ.

සාධක නැකැත් කාලයන්හි සියලු කටයුතු ඉටුවේ. ජය අත්වේ. මංගල යෝග උදාවේ. නීරෝගි වේ. වධ නැකැත් කාලවලදී සතුරු පීඩා, වධ හිංසා විපත් දුක් සහ කලත්‍රයාගෙන් කරදර ඇතිවේ.

මෛත්‍රී නැකැත් කාලවලදී බාහිර අයගෙන් උදව් උපකාර ලැබේ. දියුණුව හා සෞභාග්‍ය උදාවේ. පරම මෛත්‍රී නැකැත් කාලවලදී වැඩකටයුතු ආරම්භ කිරීම වාසනාවන්ත වේ. අභිවෘද්ධිය සැලසේ. වැඩ කටයුතු ඉක්මන් වේ. හිතමිත්‍රාදීන්ගේ සහාය ලැබේ.

මේ අනුව ඡ්‍යොතිෂවේදියකුගේ සහාය ඇතිව ජන්ම නැකැතට අදාළව වඩාත්ම ශුභ නැකැතක් තෝරා ගැනීම ඔබ සතු කාර්යභාරයකි.

මේ සෑම අවස්ථාවකදීම අදාළ ග්‍රහයින්ගේ ප්‍රබලත්වය කෙරෙහිද සිත යොමු කළ යුතුය. මේ අනුව මිථුන, කන්‍යා, ධනු, මීන යන උභය රාශිවල සූර්යා ගමන් කරන කාල කෝණ මාස වේ.

මේ කාලවල නිවාස නැකැත් සහ විවාහ නැකැත් සුදුසු නොවන බව සඳහන් වේ. මේ අනුව පහත දක්වන කාල පරිසර දූෂණයට ලක්වන බැවින් ශූභ වැඩවලට සුදුසු නොවන බව දක්වා ඇත.

රවි, සඳු, ශුක්‍ර, ශනි, සමඟ සංයෝග වන කාල හා දෘෂ්ටිවලට ලක්වන කාලසීමාවන්

රවි,සඳු, ශුක්‍ර, කේතු සමඟ සංයෝග හෝ දෘෂ්ටිවලට ලක්වන කාල සීමාවන්.

රවිගෙන් 8 වැන්න, සඳුගෙන් 8 වැන්න, රවි සඳු දෙදෙනාගෙන්ම 8 වැන්නේ ශනි සිටින කාල සීමාවන් ඒරාෂ්ටක කාලතුළදී සිතේ නොසන්සුන්කම වැඩිවේ. එවිට නිවැරැදි ක්‍රියා පිළිවෙත් ඇති නොවේ. එම නිසා එම කාලවලදී ද ශුභ නැකැත් සුදුසු නොවේ.

 

ඡ්‍යොතිෂවේදී මිනුවන්ගොඩ

විමල් දුනුසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.