විශ්වය පුරා චන්ද්‍ර ග්‍රහණයෙන් විෂමාචාර ග්‍රහ චලිතයක්

ඔක්තෝබර් 29, 2021

දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි වෘශ්චික රවි 04 භාග ඉල් මහේ පුර පසළොස්වක පෙහෝ දින පස්වරු 02.35 වෘෂභ රාශිය කැති දෙක පාදය මූලාශ්‍රිතව විශ්ව තාරකා මන්දාකිණියෙහි පංච භූත ග්‍රහ චලිතව අසාමාන්‍ය විපරීත සමාජ සංදර්ශන රැල්ලක උදා වී යාම වනාහි 2022 වර්ෂ මුල් කාර්තුව දක්වාම පැවතිය හැකිය.

මානුෂික අවබෝධ ඥාන දර්ශනය, දේවතාවාට මෙන්ම මිනිසාට ද විෂය නොවන සුළු බිහිසුණු අමානුෂිකවූ ද විෂමාචාර බවක් අප්‍රියෙල් මාසයෙහි මැද භාගය තෙක් විද්‍යාමාන කෙරෙන්නෙකි. කූට ව්‍යාජ අවස්ථාවාදී ජන සම්මත ජනතා පරමාධිත්‍යයට 2020-2021 දෙවර්ෂයට නොදෙවෙනිව 2022 වර්ෂය පුරාවටද විපරීත මෙහෙයුමක් සේ සක්වල කැළැඹීමක සමාරම්භයයි.

තාක්ෂණ පැතිකඩහි ආකූල ව්‍යාකූල මවාපා ඇති දියුණුවට දැන උගත්කම් කඩදාසියට අනුව කවර භාෂා ව්‍යාකරණ සාහිත්‍යක දියුණුවක් විශ්වයට අදාල වී නොමැත. පෘථිවියෙහි පූර්ණ චායා කොටසට අයත් ප්‍රදේශයෙහි සම්පූර්ණයෙන්ම චන්ද්‍රයා ඇතුළු වූ විට පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවන අතර පෘථිවියෙහි අර්ධ ජයා ප්‍රදේශයෙහි කොටසකට සඳු ගමන් කර ඇත්නම් ඒ මොහාතෙහි චන්ද්‍රයාගේ අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දර්ශනය කෙරෙයි. නැගෙනහිර ක්ෂිජයෙහි බ්‍රහස්පති හිමි මීන රාශි උදාවෙහි යුරේනස් සමව වක්‍රව 02 වැන්න වූ ධනස්ථාන ගතව ද රාහු උච්චව චන්ද්‍රයා සමව වික්‍රම ස්ථානය වූ 3 වැන්නේද කුජ සමව, බුධ මිත්‍රශීලීව අට වැන්න වූ මෘත්‍යු ස්ථාන ගතවද, රවි මිත්‍රශීලීව, කේතු උච්ච නව වැන්න වූ භාග්‍ය ස්ථාන ගතව ද සම වූ සිකුරු කර්ම ස්ථානය වූ දස වැන්නේද නීච ගුරු ස්වක්ෂේත්‍ර සෙනසුරු ප්ලූටෝ සතුරුව අයස්ථානය වූ එකොළොස් වැන්නේද නැප්චූන් සමව වැය ස්ථානය වූ දොළොස්වැන්නේද මාන්දි ගුරු බාධක බුධ සිකුරු 22 වැනි දෙර්කාණාධිපතියා ලෙසටද යෙදී අර්ධ චන්ද්‍රග්‍රහණ රාශි සටහන උදාව යෙදී ඇත.

මීන රාශි උදාවෙහි පෘථිවි රාශියක් වූ වෘෂභ රාශියෙහි අර්ධ චන්ද්‍රග්‍රහණය සිදුවීම මිනිසා ඇතුළුව සමස්ථ වර්ගයාගේ පැවැත්මට තුඩු දෙන භූ කම්පන මෙන්ම විපත්ති නිර්මාණය කෙරෙයි.

කාර්මික ක්ෂේත්‍රයන්හි විපත්ති බහුල වෙයි. කෘෂි සේවා සමාජයෙන් අතුරුදහන් වෙයි. ග්‍රහණය සිදුවන රාශියෙහි අධිපතියාගේ තත්ත්වය මත සුබාසුබ පිරික්සීම අනුව 03- 08 ස්ථාන අධිපති සිකුරු 10 වැන්නෙහි මාන්දි ස්ථාන ගතව 22 වැනි මාරක දෙර්කාණාධිපතියා බවට තුඩු දී ඇත. ආගමික ක්ෂේත්‍රයන්හි ශෝචනීය බවක් නිර්මාණය වී යාමේ අවස්ථා උද්ගත විය හැකිය. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ, කඩාකප්පල්වීම්, අර්බුධ ගැටලුකාරී බවක් ජන ජීවිත ආශ්‍රිතව විද්‍යාමාන විය හැකිය. වසංගත බෝවන රෝගාබාධ චර්ම ගත ව්‍යාධී බහුල කෙරෙයි. ධීවර ප්‍රජාව මෙන්ම කඳුකර ඉහළ සහ බෑවුම් ආශ්‍රිතව ජීවිත යහපත් නොවෙයි. ලැව් ගිනි, ගොඩනැගිලි,ගමනාගමන, ගුවන් යානා ආශ්‍රිතව විපත්ති බහුල වෙයි. කුණාටු භූ චලන ද බොහෝ දුරට නිර්මාණය වී යාමෙහි විපරීත බවකට මානවයාට මුහුණ දීමට සිදුවන්නේය. තෙල් අර්බුධ සමඟ පාරිභෝගික භාණ්ඩ ව්‍යාජ මාපියාව ඉහළ යයි.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.