දරුවන්ටඅකුරු කියවීමේ චාරිත්‍ර ධර්ම

ඔක්තෝබර් 1, 2021

ගතයුතු ද්‍රව්‍ය

කිරිබත්, කෙසෙල් ගෙඩි, කැවුම්, අග්ගලා, උක් හකුරු, තලගුලි, වෙනත් කැවිලි, පලතුරු, සුවඳ දුම්, කපුරු, සුදු මල් වට්ටි දෙකක්, අබ තෙල් පහන් දෙකක්, සරශ්වතී, ගණදෙවි රූප දෙකක්.

පළමු කොට තෙරුවන් සහිත පන්සිල් සමාදම් වී, හොඳින් බුද්ධ පූජාව තියන්න. ළමයා පිළිබඳව හොඳින් සිතා මෛත්‍රී භාවනාව වඩන්න. කරණීය මෙත්ත සූත්‍රය වරක් කියන්න.

පහත සඳහන් ගාථා තුන සහ මන්ත්‍රය තුන්වර බැගින් කියන්න.

දෙවියන්ට පින් අනුමෝදම් කර නැකැත් වේලාවෙන් අකුරු කියවන්න අවශ්‍ය නම් ලියවන්න.

 

 

දේව ආරාධනය

සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ

චාන්තලික්ඛේ විමානේ

දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ

ගේහ චත්තුම්හි කෙත්තේ

භුම්මා චායන්තු දේවා ජලතල විසමේ

දේව ගන්ධබ්බ නාගා

තිට්ඨං තාසන්තිබේධං මුණිවර වචනං

සාධ වෝ මේ සුනන්තු

 

සරස්වතී දේවියට

ජිනේන්ද්‍ර මත්තේ භ සකුම්භ චාරිනී

ජිනෝරසානං මුඛ පංක ජාලිනී

සරසශ්වතී මේ මුඛ ගබ්බ ගබ්බිනී

රමත්ව නායාස සදත්ත සුදනී

 

 

ගණ දෙවියන්ට

ඥාණේශ්වර ලම්බෝධර කර්ණ විලම්භීතං

සත්්‍යාධර මූෂඛ මූෂික වාහන නිත්‍යං

හස්ති චක්‍ර සාධර මත ස්වේත ධන්ත භින්නං

පුෂ්පාසන ග්‍රාම නේත්‍ර ශ්‍රී ඝනේෂ දිව්‍යං

 

මන්ත්‍රය

ඕං කාලී බන්ධ, වරකාලී බන්ධ, ඔඩ්ඩි කුමාරී බන්ධ සපර කුමාරී බන්ධ, ඉරු දෙවියන් දිව අග බන්ධ, සඳ දෙවියන් දිව මුල බන්ධ, කාලී උගුරට බන්ධ සරශ්වතී මුඛයට බන්ධ අදත්........

දියණියගේ / පුතාගේ සර්ව සාස්ත්‍රයට ගණ දෙවියන් බන්ධ බන්ධ වර වර ඒ ස්වාහඞ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.