විශ්ව තාරකා මන්දාකිණියෙහි රාජ්‍ය කාරක රවි නීචවෙයි

ඔක්තෝබර් 1, 2021

කුජ ශනි, ගුරු ශනි ෂඩ් කෝණ දෘෂ්ටිය රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, සිකුරු චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව

 

දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 01 භාග - වප් මහේ පුර දොළොස්වක තිථිය, තුලා රාශිය- තුලා නවාංශකය- සිත 03 පාදය මූලාශ්‍රව ඔක්තෝබර් 17 වැනි රිවි දින පස්වරු 01.12 ට ආත්මකාරක සූර්යදිව්‍ය රාජයාණෝ නීච ක්ෂේත්‍රව තුලා රාශියට සංක්‍රමණය වන්නේය.

නැගෙනහිර ක්ෂිතිජ‌යෙහි සෙනසුරු නම් මකර රාශි උදාවේ නිවෘත සෙනසුරු ස්වක්ෂේත්‍රව, වක්‍ර බ්‍රහස්පති නීච ක්ෂේත්‍රව, ප්ලූටෝ වක්‍ර සතුරුව, ලග්න ගතව ද චන්ද්‍රයා සමව නැප්චූන් වක්‍රව, සමව දෙවැන්න වූ ධනස්ථාන ගතව ද’, වක්‍ර යුරේනස් සමව 04 වැන්නේද, රාහු උච්චව 05 වැන්නේද ,කුජ සතුරුව, උච්ච මූල ත්‍රිකෝණව, ස්වක්ෂේත්‍රව ඥාන කාරක බුද 09 වැන්න වූ භාග්‍ය ස්ථාන ගතව ද, රවි නීච ක්ෂේත්‍රව10 වැන්න වූ කර්ම ස්ථාන ගතව ද සිකුරු සමව උච්ච රාහු 11වැන්න වූ අයස්ථානගතව ද ග්‍රහ සටහන සිද්ධ වන්නේය. පෞඩත්වයෙන් පෞරුෂත්වයෙන් අභිමානයෙන් සෞභාග්‍යයෙහි රන් දොරටු විවරකරමින් අභියෝග ජය ගැනීමේ ප්‍රවණතාවයක් සෞරග්‍රහ මණ්ඩලයෙන් දායාද කෙරෙන අසිරිමත් ග්‍රහ මාරුවකි. දෙස් විදෙස් විශ්ව ප්‍රජා තොමෝ අධි පීඩනයකයට පැමිණ දෙවසරක අවසානයෙහි හෝ මෙවන් ග්‍රහ රටාවක් නිර්මාණය වීමැ යුග කාලීන දැඩි අවශ්‍යතාවයකි.

රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයනට මෙන් රාජ්‍ය යාන්ත්‍රණයට ද රවි නීචය ස්ත්‍රීකාරක තුලා රාශිය හිමි සිකුරුගේ බැවින් දැඩි නීති රීති තහංචි අණපනත් සංචරණ සීමා උපරිමයට ලිහිල්වී යාම දෛනිකව වැඩ කරන දිවිපෙවෙත රැකගෙන පොදු ජනතාවට සහනදායකව පවතිනු ලබයි.

සමෘද්ධිමත් සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය වී යාමට වැඩ කරන ජනතාව බහුල විය යුතු බැව් සම්ප්‍රධායික සමාජ සංස්කරණයෙකි.පරිවර්ථනකාරී විශ්ව රාජ්‍යයන් යුග කාලීනව ජන සම්මතවාදීව සිද්ධවීමක සමාරම්භය ප්‍රායෝගිකව අව්‍යාජව විශ්වයෙහි සමරම්භක හිතවාදී ග්‍රහ මාරුවෙකි.

 

කොත්මලේ ‌

විජිත ඩී. ලියන ආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.