ධනය ලැබීමේ වාසනාව කොහොමද?

සැප්තැම්බර් 10, 2021

2 වන රාශිය ධනය දක්වන සටහනකි. දෙවන රාශියට අමතරව 10, 11 රාශි ගැන අවධානය යොමු කළ යුතු ය. මූල්‍යමය සාර්ථකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමේ දී ගුරු සිකුරු බුධ වැනි ග්‍රහයින් ගැනද අවධානය යොමු කළ යුතු ය. හත්වන රාශිය හා අටවන රාශිය හොඳින් ඇත්නම් විවාහයෙන් පසු මුදල් තත්ත්වයේ දියුණුවක් ඇතිවේ. ගුරු ග්‍රහයා බලවත්ව අටේ සිටි විට මිය ගිය අයගේ ධනය උරුම හිමිනම් ලාභ ලැබේ.

දෙවන රාශිය පාපයන් සිට සුබ ග්‍රහ දෘෂ්ටි නොලැබීම මූල්‍යමය තත්ත්වය දුර්වල වන පිහිටීමකි. රාශි මාරු කර සිටීම විපරිත නම් වේ. 2, 11 අධිපතිත් මාරු වී සිටීම එනම් දෙක අධිපති 11 හා 11 අධිපති දෙකේ සිටීම ධන යෝගයකි. මහා ලක්ෂ්මි යෝගයකි. පස් වැන්නේ පුත්‍රයින් ගැන පමණක් නොව භාණ්ඩ ගැනීම, විකිණීම සූදුව, රේස් ඔට්ටු, තොග කොටස් පිළිබඳව මෙම රාශිය ගැන ද පරීක්ෂා කළ යුතු ය. තවද නව වැන්න භාග්‍ය ස්ථානයයි. මෙම රාශිය ගැන ද බැලිය යුතු යි. මීළඟට අට වැන්න ගැන බැලිය යුතුය. මෙයින් සැඟවුණ ධනය ගැනද බැලිය යුතුය. 2, 11 ට අමතරව 5, 8, 9 ගැනද බැලිය යුතු ය. සඳු දෙකේ සිටීම මිල මුදල් අතින් ස්ථාවර වේ. බුධ තුනේ මිල මුදල් අතින් ස්ථාවර වේ. සෞභාග්‍ය ගෙන දේ. සිකුරු හත මිල මුදල් ලාභ සෞභාග්‍ය විවාහයෙන් පසු දියුණුව. රවි බුධ අට උරුම හිමිකම් සැඟවුණ ධනය බොහෝ විට මිය ගියහොත් උරුම මහා සෘෂි පේමිනි තුමා හා ආචාර්ය බී.වී. රාමන් මහතාගේ සඳහන ආරූඪ ලග්නයේ ග්‍රහ බලයද පරීක්ෂා කළ යුතුයි. ආරූඩ ලග්නය යනු ලග්නාධිපතියා ලග්නයේ සිට පිහිටි රාශි ගණන ලග්නාධිපති සිටි රාශියේ සිට ගැන්න විට පැමිණෙන රාශිය ආරූඪ ලග්නයයි. මීන ලග්නය අයකුගෙන් ලග්නාධිපති හය වැන්න වන සිංහ රාශියේ සිටියොත් සිංහ රාශියෙහි සිට හය වැන්න මකර රාශියයි. මෙය ආරූඪ ලග්නයයි. මකර රාශියේ ග්‍රහ පිහිටීම බැලූ විට සිංහ රාශිය වන අටවැන්නේ ගුරු පිහිටයි. දැන් ආරූඪ ලග්නයේ මකරය පටන් ග්‍රහයින් පිහිටුවන්න. එසේ පිහිටිමේ දී උපන් කේන්ද්‍රය වන මීන ලග්නය වන කේන්ද්‍රයේ සෙනසුරු වෘශ්චික රාශියේ පිහිටියොත් ආරූඪ ලග්නය වන මකර වන ශනි 11 වැන්නට වැටේ. මීන ලග්නයේ කුජ කුම්භයේ සිටි ආරූඪ ලග්නය දෙවැන්න වන කුම්භයට කුජ වැටේ. මෙම පිහිටීම ගැන බැලූ විට ආරූඪ ලග්නයේ 2, 11 පරිවර්තනව සිටි ආරූඪ ලග්නයේ ධන යෝගයක් තිබේ. ජෙමිස සාෂිතුමාගේ හා රාමන් පඬිතුමාගේ මතය අනුව මෙම මීන ලග්න හිමිට ධනය අතින් ගුණදායක බව පෙනේ.

ග්‍රහයින් තුන් දෙනෙකු හෝ ඊට වඩා උච්චව සිටීම හෝ තමාගේ රාශිවල සිටීම හා මෙම පිහිටීම කේන්ද්‍රගතව සිටීම මිල මුදල් දියුණුවට ඉතා ශුභයි. මෙයට මහා රාජ යෝග්‍යයයි කියනු ලැබේ.

තවත් වැදගත් මිල මුදල් ලැබෙන පිහිටීම් -

ගුරු කටක ධනු මීන රාශිවල සිටීම

කුජ කටකයේ නීචවීම හෝ මකරයේ උච්චව සිටීම. රවි, මිථුන, කන්‍යා, ධනු, සිංහ රාශි ගත වීම. ගුරු බුධ දෙවන රාශියේ වක්‍ර නොවී නීච සතුරු ගත නොවී සිටින විට ධනය දේ. ගුරු 2, 4, 5, 9, 11 සිට විට මිල මුදල් ලාභ දේ. ශුභ ග්‍රහයින් අටේ බලවත්ව සිටි විට ලොතරැයි වැනි ලාබ හදිසි ධන ලාභ දේ. තවද උරුම හිමිකම් ලාභ දේ. ශුභ ග්‍රහයින් පහ හෝ සිටි විට එනම් බලවත්ව සිටි විට බලවතකු වී ධනය දේ. 1, 2, 11 අධිපතින් තමාගේ රාශියේ සිටීම. ගුරු දෙක අධිපති හා බුධ සමඟ සංයෝග වීම. පහ අධිපති දෙක හා දෙක අධිපති පහේ සිටීම. පහ අධිපති පහ හෝ නවය අධිපති නයේ සිටීම. 2, 11 අධිපතින් 5, 9 අධිපතින් සමඟ සංයෝග ගුරු සිකුරු උච්ච වී ලග්නයේ සිටිම.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ

ගාමිණී අජිත් සෙනෙවිරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.