ඔබේ ජීවන අංකයට අදාළ පලාපල

අගෝස්තු 13, 2021

උපන් මොහොතේ පටන් අපි සංඛ්‍යා සමඟ ජීවත්වෙමු. ජීවිතයට අදාළව සංඛ්‍යා වැදගත් වේ. ඒ අනුව උපන් වර්ෂයට, මාසයට සහ දිනයට අදාළව ජීවන අංකය සොයා ගත යුතුය. උදාහරණයක් වශයෙන් ජීවන අංකය සොයා ගත යුත්තේ මෙසේය.

 

උපත 1944.06.20 යැයි සිතමු. ඒ අනුව මෙම සංඛ්‍යාවල එක.තුව 26 =8 මෙසේ සොයා ගත් තනි සංඛ්‍යාවට අනුව පලාපල පහත දක්වමු.

අංකය 01

 

ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරයි. විධායක ශක්තිය, සංවිධාන ශක්තිය, මානසික හා ශාරීරික වශයෙන් ඉදිරියට යෑමේ ශක්තිය හා ජීවන අපේක්ෂාවන් ළඟා කර ගැනීමේ ශක්තිය ඇත. කැපී පෙනෙයි. තනිව තීරණ ගැනීමේ ස්වයං ක්‍රියාකාරිත්වය.

අංක 02

 

තමාගේ වැරදි පිලිගනී. චංචල ස්වරූපයක් ඇත. හදවතින් සිතා මොළයෙන් වැඩ කරයි. මහජන ප්‍රසිද්ධියට කැමති නැත. ලජ්ජාශීලි වේ. සැප සම්පත්වල නොඇලේ. අනෙක් අයට නොතේරෙන සැඟවුණ අදහස් ඇත. ගෙදර අයට ළැඳිවේ. අන් අය ගැන වර්ණනා කරන අතර තමන් ගැන අඩුවෙන් සිතයි. මහන්සි වී වැඩ කිරීමට කැමතිය. අසාධාරණයේදී තදින් කිපේ.

අංක 03

 

ජීව ගුණයේ සංකේතයකි.

සාහිත්‍යයට කැමතිය. තමන් ගැන ආත්ම ප්‍රකාශනයට කැමතිය. ලාභ අපේක්ෂා කරයි. නිරන්තරයෙන් ක්‍රියාකාරි ස්වභාවයක් ඇත. නිකරුණේ කාලය ගත කිරීමට කැමති නැත. අන්‍යයන්ට සලකයි. තමන්ම සැලසුම් සාදා ගනී. ජීවන ගැටලුවලට සුබවාදීව මුහුණ දෙයි. සරල ජීවිතයක් ගත කරයි. කීර්තිනාමයට සහ විමෝදයට කැමතිය. කථාව වේගවත් වේ.

 

අංක 04

 

සැබෑ තත්ත්වයේ සංකේතයකි. සෑම දෙයක්ම දරා ගත හැකිය. විශ්වසනීය වේ. ක්‍රමවත් වේ. භාහිර බලපෑම්වලට කැමති නැත. භක්තිවන්ත වේ. හැඟීම්බර ගති ලක්ෂණ ඇත. සත්‍ය කතා කරයි. අනුකම්පා විරහිතව විවේචනය කරයි. වාසි ප්‍රශංසා, කීර්ති ප්‍රශංසා අපේක්ෂා නොකරයි. මුල්ගලක් සේ ස්ථිරසාර වේ.

අංක 05

 

කථිකත්වයෙන් යුතු වේ. සිතා බලා වැඩ කරයි. පරිසරයට අනුගතවීමේ හැකියාව ඇත. නිදහසට කැමතිය. සංවර වේ. ඒකාකාරි ක්‍රමයෙන් බැහැර වේ. විවිධත්වය පි‍්‍රය කරයි. අදහස්වලින් පිරුණු අයෙක් වේ. කොයි තැනට ගියත් කුමක් හෝ කීමට ඇත. යම් දෙයක් ඉක්මනින් අවබෝධ කරගනී. උත්සාහවන්ත වේ. එහෙත් හැම දෙයක්ම කරන්නට ගොස් කාලය නාස්ති කරගනී.

 

අංක 06

 

පෞරුෂත්වයක් ඇත. සාමයට කැමතිය. විශ්වාසවන්ත වේ. ස්ථාවර පුද්ගලයෙකි. මිතුරන්ට හා ඥාතීන්ට කැමතිය. ජීවිතය විඳින අයෙක් මිස විදවන අයෙක් නොවේ. හැඟීම් වලට බරය. ජීවිතය පිළිබඳව නිහතමානීව දකී. ගැටුම්වලට පි‍්‍රය නොකරයි. මානසික වශයෙන් අතීතයේ ජීවත්වීමට කැමතිය. ඕපාදූපවලට කැමතිය. තමා උසස්යැයි සිතයි.

 

අංක 07

 

ජීවිතය උස්පහත්වීම්වලට ලක්වේ. කල්‍යාණ මිත්‍රයන් ඇත. විශ්වාසවන්ත කෙනෙකි. සිහිබුද්ධියෙන් ක්‍රියා කරයි. ආගම දහමට ලැදිවේ. දාර්ශනික අදහස් ඇත. ධන සම්පත් පසුපස නොගොස් සිත දියුණුූ කිරීමට උත්සාහ ගනී. තරමක් හිතුවක්කාර වේ. භූත බලවේත විශ්වාස කරයි. අනුන්ගේ අදහස් එකවර පිළිගැනීමට කැමති නැත. කොතැනදීත් තමන්ගේ ගෞරවය ආරක්ෂා කර ගනී. සෑම දෙයක් ගැනම දීර්ගකාලීන ක්‍රමවත් සැලැස්මක් ඇත.

 

අංක 08

 

කළයුතු දේ හරියටම කරයි. ශරීර සුවතාව ගැන දැඩි උනන්දුවක් දක්වයි. අනුන්ට උදව් කරයි. බලයේ ඉහළටම නැඟීමට පුළුවන. නමුත් ප්‍රයෝජනයට ගන්නේ ටිකය. නිදහසට කැමතිය. අවංක වේ. තමාගේම මතය අනුව වැඩ කරයි. හැමදේටම සවන් දී නිවැරදි දේ ලබා ගනී. මිනිස්කම ඉහළින්ම පෙන්වයි. පවතින ව්‍යවහාරික ක්‍රමවලින් පිට වැඩ කරයි. එයින් දියුණුව ලබයි.

අංක 09

 

ලෝක සම්මතයට විරුද්ධ වේ. කැපී පෙනීමට උත්සාහ ගනී. සැමදෙයක්ම ශුභ යැයි සිතයි. අවස්ථාවට සුදුසු පරිදි හැසිරේ. නායකත්වය අගය කරයි. ලාභ අපේක්ෂා බලාපොරොත්තු වේ. ජයග්‍රහණයට කැමතිය. වැටි වැටී නැඟී සිටිමින් ජය ලබයි. සුළු ලාභයක් වුවත් ලබා ගනී. උද්යෝගය වැඩිවුවත් ප්‍රතිඵල අඩුය.

 

ඡ්‍යොතිෂවේදී

විමල් දුනුසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.