වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ග්‍රහ අපල දුරු වීමට ස්නාන ඖෂධ
ග්‍රහයා අසුබ වූ විට ඒ වෙනුවෙන් කරන ස්නානයට ග්‍රහ ප්‍රසාදය පිණිස ගනු ලබන ඖෂධ වර්ග පහත පරිදි වේ.
රවි - කොට්ටම්, වැල්මී, නෙළුම් අල, එනසාල්, මනෝශීල, සැවැන්දරා, දේවදුරු
චන්ද්‍ර - පලිගු, ගජමද, බෙලි, මුතු, නෙලුම්, කවඩි
බුධ - නාමල් රේණු, නෙළුම් අල, විළඳ, මුතු ඇට, ගෝරෝචන, මී පැණි, කිරි, ගිතෙල්, ගෝ මුත්‍ර, ගොම.
ගුරු - හෙල අබ, වැල්මී, කලාඳුරු, දෑ සමන්, බෝලිද්ද
ශුක්‍ර - හෙල පියුම්, මමෝශීල, ඉරිවේරිය, එනසාල්, නෙළුම් අල, කොට්ටම්,
ශනි - බැබිල, විෂ්ණු ක්‍රාන්ති, රසකිඳ, කළුතල, විලඳ, ජටාමාංස, කළාඳුරු, ශතකුප්ප
රාහු - කස්තුරි, ගජමද, බැබිල, ඊතන, ඉරිවේරිය, කලාඳුරු, බෙලිපත්, රත්හඳුන්, ලොත්සුබුල්, කස්තුරි.
කේතු - රත්හඳුන්, කලාඳුරු, කස්තුරි, ගජමද, ඉරිවේරිය, ජටාමාංස, අජ මුතු, දෙළුම්, රසකිඳ
මිනිසාට විපත් කරන්නේ ග්‍රහයාම නොවේ.
බොහෝ අය අපට අපල විපත් කරන්නේ ග්‍රහදෝෂයෙන් බව සිතති. එහෙත් ග්‍රහයාට පමණක් නිතර අපට කරදර හිරිහැර විපත් කළ නොහැක. මේ බව මහා භාරතයේ ඇති ඉපැරැණි ග්‍රන්ථයක් වූ ස්කන්ධ පුරාණයේ සඳහන් වන පරිදි අපට විපත් කරන්නේ ග්‍රහයන්ම නොවේ.
ඇතමෙක් මොන ග්‍රහයෝද ග්‍රහයෝ අපට විපත් කරන්නේ කවුද? ආදී ලෙස පැවසීමේ ද එක්තරා සත්‍යයක් ඇති බව මෙකී පුරාණ ග්‍රන්ථ සාක්ෂි අපට පෙන්වා ඇත.
දෙවදානවගන්ධවා යක්ෂරා ක්ෂස
කිනතරාඞ
පීධ්‍යනෙත ග්‍රහපීඩාහිඞ කිඞ පුනර්භූවිමා නවාඞ
යන්නෙන් ස්කන්ධ පුරාණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ දෙවියෝ, ගන්ධවයෝ ද, යක්ෂයෝ ද, රාක්ෂයෝ ද, කින්නරයෝ ද, ග්‍රහ පීඩාවෙන් අපල කරති. බොහෝ අය එම බලයෙන් පෙළෙනු දක්නට ලැබේ.
දෙවතා ග්‍රහරූපෙණ
මනුෂ්‍යාණං ශුභාශුභම්
ඵලං ප්‍රාගාර්ජිතං යවව කද්දති
ස්වකීයකම්
යන ශ්ලෝකයෙන් දැක්වෙන්නේ මිනිසුන් පෙර ජන්මයේ කරනු ලැබූ යම් යම් කරුණු කාරණා නිසා වූ සිදුවන අපලදායි. කර්මයක් බවය. මෙතනදී එදා බ්‍රාහ්මණ සමාජයේ දක්නට ලැබෙන මෙකී අදහස කෙසේ වුවද අප බුදු සමයේ දක්නට ලැබෙන කර්මය අනුවද මෙහි සත්‍යතාවය මැනවින් පැහැදිලියි. ඒ අනුව බෞද්ධ අපට මෙය සක්සුදක් සේ පැහැදිලිය. ඒ නිසා මිනිසුන් පෙර කරන ලද අකුසල් කර්මය නිසා සියලුම දුක් ගැහැට විදින අතර එය ග්‍රහයාටම පැවරීම සාධාරණ නොවේ. මන්ද සියල්ලටම හේතුවන්නේ කර්මය බැවිනි.
කම්මස්ස කෝමිහි කම්ම දායාදෝ
කම්ම යෝනි කම්ම බන්ධු පටිඝරණෝයං
කම්මං කරිස්සාමි කල්‍යානං වා පාපකංවා
තස්ස වා දායාදො භවිස්සාමිති
අභිණ්හං පච්ච වෙත්චී තබ්මං
ඉත්ථියාවා පුරිසේනවා
ගහට්ඨෙනවා පබ්බජිකේනවාති
අභින්නාහ පච්ච වෙක්ඛත සුත්‍රය
සියලු සත්වයෝම කර්මය ස්වකීය කොට ඇත්තෝ ය. කර්මය දායාද කොට ඇත්තෝ ය. කර්මය, සැප, දුක් වේදනා ගෙන දෙන මූල හේතුව කොට ඇත්තෝ ය. එසේම කර්මය ඥාතිකොට ඇත්තෝ ය. කර්මය පිළිසරණ කොට ඇත්තේ ය. යහපත හෝ අයහපත හෝ යම් කර්මයක් කරන්නේ නම් ඔහු විසින් ඒ කලා වූ කර්මයාගේ විපාකද ඔහුටම දායාද වන්නේ ය. යන්න වූ අත්තෝපදේශත්මක නිර්මාණ වූ ධර්මය කාන්තාවක් හෝ පුරුෂයකු විසින් ගිහියකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ සිහිකළ යුතු බව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨවූත් නිවැරදි අනුශාසනාව වන්නේ ය.
ඒ අනුව කර්මය ඉපැරැණි කුමන හෝ දහමක හෝ ග්‍රන්ථයකට දක්නට ලැබීම පුදුමයක් නොවන්නේ ය. එසේ වුවද ඡ්‍යොතිෂයේ තිබෙන ක්‍රමවේදය තුළින් කර්ම රෝග මෙන්ම කෙනෙකුගේ චරිතය, මෙන්ම නොසන්සුන් බව, සටන්කාමී, හොඳ නරක නොදන්නා අය මෙන්ම විවිධ උපක්‍රමශීලී පුද්ගලයා හඳහන තුළින් හැඳින ගැනීම ඡ්‍යොතිෂයේ ග්‍රහයින් ඇසුරෙන් දැනගත හැකිවීම ඡ්‍යොතිෂයේ මහත් හාස්කමක් බවද අප අමතක නොකළ යුතු ය.
මුළු ජීවිත කාලයේම සමහර අය රෝගවලින් දුක් විඳින අන්දමද ඡ්‍යොතිෂයේ දක්නට ලැබේ. එම රෝග කර්ම රෝග ලෙසද හැඳින්විය හැකි ය. විශේෂයෙන් මුත්‍රා රෝග, පිළිකා, කල්පවතින සෙම් රෝග, උදර රෝග ශරීරයේ අපල තත්ත්වය කේන්දරවල දක්නට ලැබේ.
බොහෝ අයට උදර රෝග නිසා බඩේ කැක්කුම මුළු ජීවිත කාලයේම පවතී. සෙම් රෝගයද, එවැන්නකි. එම රෝගවල ප්‍රතිකාර ගන්නා අතර එය නිට්ටාවට සුව වන්නේ නැත. අපට ඡ්‍යොතිෂයෙන් කීමට ඇත්තේ එවැනි රෝගවලට ප්‍රතිකාර ගත්තද නැවත එම රෝගය සෑදෙන බවය. ඡ්‍යොතිෂයෙන් එවැන්න ගැන කීමේ දී කර්ම රෝගයක් ලෙසද කීමට හැකි ය.