බ්‍රහස්පති වක්‍රයෙන් මිදේ

ජූලි 26, 2019

මේවන විට වෘශ්චික රාශියෙහි බුධට අයත් දෙට නැකතේ දෙවන පාදයේ වක්‍ර ගමනක යෙදී සිටින බ්‍රහස්පති 2019 අගෝස්තු මස 11 වන දින රාත්‍රී 7.09 ට වක්‍ර ගමනින් මිදී සුපුරුදු ගමනින් 2019 නොවැම්බර් මස 5 වන දින කුජ දින දක්වා ගමන් කරනු ඇත.

2019 සැප්තැම්බර් 25 වන දින දක්වා ආර්ථිකයේ වර්ධනය අඩාල ව පවතින අතර ඉන්පසු ක්‍රමයෙන් ආර්ථික වර්ධනයක් ඇතිවනු ඇත. ආගම් ආශි‍්‍රත ප්‍රශ්නකාරි ගැටලු සහගත තත්ත්වයක් ද සැප්තැම්බර් 25 දක්වාවූ කාලය තුළ පැන නඟී. ව්‍යාපාරික ක්ෂේත්‍රවල වල නිරතවන අයට ආදායම් මාර්ග ඇතිවන කාලයක් වේ. විශේෂයෙන් සැප්තැම්බර් 25 වන දායින් පසු ගොවිතැන් කටයුතු වල දියුණුවක්ද කෘෂිකාර්මික කටයුතු වල නිරත අයට ශුභඵල ද අත්වන කාලයක් වේ.

නාවික හමුදාවේ දියුණුව වෙනුවෙන් රජය විසින් වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවන කාලයක්ද වේ. සැප්තැම්බර් 25 දක්වා කාලය තුළ රටට, උසස් නිළධාරින්ට, ප්‍රධානින්ට, මහජන නියෝජිතයන්ට අයහපත් අපලකාරි කාලයක්ද, මාරක ඇතිවීම්ද වන අතර ඉන්පසුව යහපත් වූ කාලයක්ද උදාවනු ඇත.

ඡ්‍යොතිෂවේදී

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.