ඔබත් උපන්නේ මැයි මාසයේ 24 සිට 31 දක්වා දිනෙකද?

මැයි 24, 2024

මැයි 24 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර, එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත් වේ. ඔබ ඉතාම හැඟුම්බර පුද්ගලයකු වන අතර, අනෙත් අය සැපවත් කිරීම සඳහා විශාල කැපකිරීම් කරයි. එසේම ප්‍රබල ලෙස ආදරය කිරීම වගේම වෛර කිරීමටත් ඔබට හැකිය සියලු ආකාරයේ කලාවන්වලට ඔබ ප්‍රියවන අතර සියලු ආකාරයේ හොටෙල්, නිවාස සැරසිලි සම්බන්ධ රැකියා ඔබට යා දෙන රැකියා වේ. රුධිරය සම්බන්ධ රෝග ඇතිවිය හැකිය.

මැයි 25 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංක 7 වන අතර, එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. නව නිර්මාණ ඔබ අතින් බිහි වේ. එම නිර්මාණ මහජන සුබ සිද්ධිය සඳහා වන නිර්මාණ වන අතර සුබසාධනය සඳහා වන ඕනෑම සංවිධානයක ඔබ ඉතා කැමැත්තෙන් කටයුතු කරයි. ස්වභාවයෙන්ම ඔබ කරුණාවන්ත ත්‍යාගශීලි පුද්ගලයකුද වේ. ජීවිතයේ මුල් කාලයේ ආර්ථිකය ඉතා දුෂ්කරවේ. එම නිසා සැලකිල්ලෙන් ආර්ථිකය මෙහෙයවිය යුතුය. දිගින් දිගටම වැඩකිරීම නිසා මානසිකව කඩා වැටීම රෝග තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකිය.

මැයි 26 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ලෝකය ගැඹුරින් දකින අසාමාන්‍ය බුද්ධි බලයක් ඔබට හිමිය. ඉතා සියුම් දේ නිරීක්ෂණය කිරීමේ හැකියාක් ඔබ සතුයත නමුත් ශනිගේ බලපෑම නිසා දෛවෝපගත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවේ. නෛතික ගැටලුවලට මුහුණ දීමෙන් පාඩු සිදුවීමේ පැහැදිලි ඉඩකඩක් තිබේ. එම නිසා ප්‍රවේශම් විය යුතුය. ධනය සොරකම් කිරීම්වලට මුහුණ දීමටද සිදුවේ. ස්නායු පද්ධතිය සහ ඇස් සම්බන්ධ රෝගයන්වලට ගොදුරු විය හැකිය.

මැයි 27 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 9 වන අතර, එය කුජ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම කුජ ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. සෘජුව අදහස් ප්‍රකාශ කරන අතර විවාදශීලි පුද්ගලයෙකි. ඔබගේ නිර්මාණයන් ගණිතය, රසායනික විද්‍යාව සහ යාන්ත්‍රික විද්‍යාව වැනි විෂයන් කරා ගමන් කරයි. කෙලින් කතාකිරීම හේතුවෙන් සතුරන් ඇති කර ගැනීම සිදු කරගනී. ආවේගශීලි බව නිසා ආර්ථික පාඩු සිදුවීමට ඉඩ ඇත. හවුල්කරුවන් සමඟ වැඩකිරීමේදි ප්‍රවේසම් විය යුතුය. විරුද්ධ ලිංගිකයන් සමඟ සම්බන්ධතා රැසක් ඇතිකර ගනී. හදිසි අනතුරුවලින් එක්තැන් විය හැකි අතර විදුලිය සහ ජලයෙන් ප්‍රවේසම් විය යුතුය.

මැයි 28 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1 වන අතර, එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම රවි ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. කරුණාවන්ත පුද්ගලයකු වන ඔබ ඉතා සංවේදි නිර්මාණශීලි පුද්ගලයෙකි. කියවීම ඔබගේ විමෝදාංශයකි. ලිවීමේ හැකියාවන්ද ඔබ සතුය. වේගවත් මනසක් හිමි ඔබට ඕනෑම කරදරයකට මුහුණ දීමට හැකියාව ඇත. ආර්ථිකමය වශයෙන් දියුණුවීම සඳහා රැකියාවන් දෙකක වුවත් එකවර නියළෙනු ඇත. ඔබේ මතයට ක්‍රියා කළොත් සූදුවෙන් වුවද ජය ගත හැකිය. හෘදය ආශ්‍රිත රෝගයන් සහ ස්නායු රෝග ඇති විය හැකිය.

මැයි 29 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර, එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. සඳුගේ පැමිණිම නිසා නව අදහස්වලින් හෙබි නිර්මාණශීලි පුද්ගලයකු බිහි කරයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඔබ කැමති නැත. ඒකාකාරි ජීවිතයට ද ඔබ කැමැති නැත. එම නිසා බොහෝ සංචාර කරන අතර පදිංචි ස්ථානද නිතරම වෙනස් කරයි. පොත් කියවීම, ලිවීම ඔබගේ විමෝදාංශයක් හෙයින් නිතරම පුස්තකාලවල ගත කිරීම ඔබ විසින් සිදු කරයි. මුදල් පසුපස හඹා යාම ඔබගේ ක්‍රමය නොවේ. එම නිසා දුර්වල ආර්ථිකයක් ඇති විය හැකිය.

මැයි 30 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම ගුරු ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. හොඳ සංවිධාන ශක්තියක් ඔබ සතුවන අතර විශාල ව්‍යාපෘතින්වල ප්‍රධාන තනතුරු වගකීම් සහිත ස්ථානවල කටයුතු කිරීමට ඉඩ සැලසේ. සියලු වැඩකටයුතු අවසානයක් දක්වා කරගෙන යාම සිදු කරයි. හොඳ ප්‍රකාශන හැකියාවක් ඔබ සතුවන අතර එමඟින් ඉහළ නැගීමේ හැකියාව ඇත. පහසුවෙන් මුදල් ඉපයිය හැකිය. සමාජ සේවා සඳහා ඔබේ දායකත්වය නිරන්තරයෙන් හිමි වේ. තදබල හිසේ අමාරු, ශ්වසන පද්ධතියේ අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

මැයි 31 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර, එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ වුවත් මෙදින රවි ග්‍රහයා මිථුන රාශිගතව ගමන් කරන බැවින් මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ මෙන්ම රවි යුරේනස් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ඔබ අතිශයින්ම ස්වාධීන ගති පැවතුම් සහිත පුද්ගලයකු වන අතර සම්ප්‍රදායෙන් පිට වැඩ කිරීම ඔබගේ ක්‍රමය වේ. ඔබගේ ජීවන ප්‍රවෘත්තිය අසාමාන්‍ය එකක් වේ. මන්ද ඔබගේ ජීවිතය ලෞකික අර්ථයකින් ගන්නේ නම් ඔබ වාසනාවන්තයැයි කිව නොහැකිය. අවවාද ඔබ පිළිගැනීමට ඔබ කැමැති නැත. සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැගීම ඔබගේ ක්‍රමය වේ. සමාජය රිදෙන ලෙස කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වුවද සමාජය විසින් මේ ඔබව රිදවන්නේ නැත. සාර්ථක කාල පරිච්ජේදයක් මෙන්ම අසාර්ථක කාලපරිච්ජේදයකට ජීවිත කාලය තුළ මුහුණදීමට සිදු වේ. තේරුම්ගත නොහැකි අසනීපවලින් පෙළේ .

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.