අති ධාවන කාම යෝග යහපත් අතට යොදවමු

මැයි 17, 2024

 

සොබා දහමේ සිදුවීම් විවිධයි. කෙනෙකුට අයහපතක් සිදුවීම තවත් කෙනෙකුට යහපතක් විය හැකිය. විපතද එයමයි. සොබා දහමේ නීතිය මිනිස් වර්ගයාට පොදුයි. බුද්ධිමත් මිනිසා ජීවිතය තෙවැනි ඇසින් දකී. ප්‍රශ්නය තේරුම්ගෙන එයට අනුරූපකව මුහුණ දෙයි. බුද්ධියට විශ්‍රාම දී හදවතින් ප්‍රශ්න විසඳීමට ගියොත් ප්‍රශ්න අවුල් කර ගනී. එනිසා සෑම ප්‍රශ්නයක් ගැන තමාගේ ඇසින් බැලීම ප්‍රඥාගෝචරවේ. තීරණ ගැනීම තමන් සතු වැඩකි.

නානත්ථකායා නානථතසංඥා එක් එකි පුද්ගලයා සතු අදහස්වල වෙනසක් දක්නට ලැබේ. අදහස් විවිධයි. ඒවා සමානත්වයෙන් බුද්ධිගෝචරව බැලිය යුතු වේ.

එසේ නොමැති වුවහොත් ජීවන ගමන අවුල් සහගත වේ. දෙදෙනෙක් විවාහ වීමට පෙර කේන්ද්‍රවල පොරොන්දම් බලති. ආත්ම ශක්තිය ඉතාම බලවත් වීම අනිවාර්යය. හීනනම් ඉදිරි ගමනට බාධා ගෙන දේවි. වැස්සට සහ තද අව්වට කුඩයක් ඉහළිය යුතුවේ. එය අනතුරු උපක්‍රමශීලීව ආවරණය කර ගැනීම බුද්ධිමත්ය. කුජ ශුක්‍ර හෝ සඳු ශුක්‍ර යෝගය අතිධාවන කාම යෝගයන් යැයි ඡ්‍යොතිෂයේ උගන්වේ. මේ ග්‍රහ ශක්තිය ලිංගික පැත්තට යොමු නොකර සංගීතය, චිත්‍ර, නාට්‍යය, කවිය, ලේඛන පැත්තට යොමුකළ හැකි නම් එයින් ජයගත හැකිය.

අධි ලිංගික යෝගයක් නැති අයෙකුට දක්ෂ කලාකරුවෙක් විය හැකිය. රස සෞන්දර්යය විඳීමේ හැකියාව තිබිය යුතුවේ. කලාකරුවෙකුට ඒ විෂය ධාරාව නොමැති අයෙකු සමඟ යුගදිවිය සාර්ථකව ගෙන ගිය නොහැකිය. කලාව රිද්මරටාවේ සෞන්දර්යය වියමනකි.

විවාහය සඳහා ඡ්‍යොතිෂය උපයෝගිකොට ගත යුත්තේ විවාහයට හා ලිංගිකමය ජීවිතයට පවත්නාවූ බලය තේරුම් ගැනීම සඳහා ය. අපේ දුබලකම් අපටම තේරුම් ගැනීමට හැකි වේ නම් එතැන දී අපරාජිකව සිටිය හැකිය.

ඡ්‍යොතිෂ මහා විද්‍යාවකි. එය මානවයාට සෙතක් සැලසීමට වැදගත්ය. කේන්ද්‍රයක් බැලීමට ගොස් අමාරුවේ වැටෙන තැනට පත්වන්නේ නම්, එය මහා සාපරාධි වැඩකි. ඒ පිළිබඳව ඔබ දැනටමත් තේරුම්ගෙන ඇත. එදා වෙදකම හා ඡ්‍යොතිෂය තිළිණයක් විය. බාලාරිෂ්ඨ මධ්‍යමායුෂ, දීර්ඝායුෂ අනියම් මාරක, විපරීත ආයුෂ ඡ්‍යොතිෂයේ ආයුෂ ගැන සඳහන් වේ. ඒවා ජය ගත හැකි ක්‍රමයන් ද ඇත. ඕනෑම අයෙකුට හැදෙන බාධක ජය ගැනීමටද උපක්‍රමශීලී වීම අනිවාර්ය වේ. සෑම ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් වේ. ඒ අනුව වෙනස් කළ හැකිදේ එමයි. ශනි 8 සිටි විට වකුගඩුවල අම්ල වැඩිවේ. රාහු හා කුජ නම් තවත් වැඩියි. මුත්‍ර අමාරු ඇතිවේ. 7 වැන්නාධිපති 8 වැන්නේත් 8 වැන්නාධිපති 7 වැන්නේත් සිටීම පරිවර්තන යෝගය විවාහයට ඉතාම අහිත කරයි.

නමුත් විවාහය දෙදර තරමට පාපී ග්‍රහ හැසිරීම යෙදුණ විට බුද්ධිබලයෙන් ඒවාට ක්‍රමවත්ව මුහුණ දී වෙනස් කළ හැකිය. මනසින් මෙලොව කළ නොහැකි කිසිම දෙය නැත. ඡ්‍යොතිෂයට ගරහන්නාත් එයට වහල්ම වූ අයත් දෙදෙනාම වල්මත් වූවන්ය. මේ විෂය ඉතාමත්ම බුද්ධිගෝචරය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.