ඔබත් උපන්නේ ජුනි මාසයේ 08 සිට 14 දක්වා දිනෙකද?

ජුනි 7, 2024

 

ජුනි 08 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. සියුම් දේවල් හොඳින් නිරීක්ෂණය කිරිමේ සහජ හැකියාවක් ඔබ සතුවන අතර ඒ සඳහා අසාමාන්‍ය වූ බුද්ධි බලයක්ද ඔබ සතුවේ. දාර්ශනික ලෙස ලෝකය දෙස බලන අතර ගැඹුරු සාහිත්‍ය කෘති නිර්මාණය කිරිමේ හැකියාව ද ඔබ සතුය. ඔබට කරදරයකදී උදවු කිරීමට ඉදිරිපත් වන පිරිස සංඛ්‍යාත්මකව අඩු අතර එසේ වීමට හේතුවන්නේ අසල් වැසියන් සහ ඥාතීන් සමඟ පවත්නා අමනාපකමයි. ආර්ථික දියුණුව සඳහා හවුල් ව්‍යාපාර කිසිසේත්ම සුදුසු නොවේ.රහසිගත ලෙස සොරකමට හසුවීමෙන් ධනය අහිමි වීමට ඉඩ ඇත. සෞඛ්‍යමය වශයෙන් අක්ෂි සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය.

 

ජුනි 09 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුනි මාසයේ නිසා පුද්ගලයා කුජ ග්‍රහයාට මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. විවාදශීලි අදහස්වලින් යුතු ඔබ අවංකවම සහ කෙලින් කතා කිරීම නිසා සතුරන් ඇති ගන්නා අතර පවුලේ සමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමේ උත්සහයක යෙදේ. කිසිම දෙයකින් ඔබ සැලෙන්නේ නැත. එහෙත් ඔබ ස්වාධිනව කටයුතු කිරීමට බොහෝ සෙයින් කැමැතිය. විරුද්ධ ලිංගිකයන් සමඟ සම්බන්ධතා රාශියක් ඇති කර ගන්නා නිසා විවාහ ගැටලු ඇතිවිය හැකිය. නිර්මාණශීලි බවක් ඔබ සතුවන අතර විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ ගමන් කිරීමෙන් ඉදිරියට යා හැකිය. නමුත් ආර්ථිකය දෝලනය වේ. නෛතික තත්ත්වයන්ට මැදිවීම නිසා පාඩු සිදුවේ. සෞඛ්‍යමය වශයෙන් උකුල අරහිස් අස්ථි සම්බන්ධව ප්‍රවේසම් විය යුතුය. අනතුරු නිසා බිඳී යා හැකිය.

 

ජුනි 10 වැනිදා

 

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ජුනි මාසයේ 1 දින උත්පන්තින්ට සමාන ස්වභාවයක් දක්නට ලැබෙන අතර සාර්කත්වය සඳහා එකම අරමුණක ගමන් කළ යුතුය. ඔබගේ ද්විත්ව ස්වභාවය එයට බාධා වන අතර දැඩි අදිටනින් කටයුතු කිරීමෙන් තත්ත්වය වළකාගත හැකිය. ප්‍රීතිමත් ගෘහ ජීවිතයකට ඔබ කැමති වුවත් එය ළඟා කර ගැනිමේ උත්සහයක නියැළීමේ ස්වභාවයත් දකින්න නොලැබේ. සුදුවෙන් සහ කොටස් වෙළෙඳපොළ ආයෝජනය කිරීමෙන් ජයගත හැකිය. සෞඛ්‍යමය වශයෙන් ශක්තිමත් වුවත් මනස වෙහෙසීම නිසා හෘදය ආශ්‍රිත රෝගයන් සහ ස්නායු රෝග වරින් වර අජීර්ණ ආදිය ද ඇතිවිය හැකිය.

 

ජුනි 11 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම සදු නෙප්චූන් ග්‍රහයන්ගේ බලපෑමට යටත් වේ. ජුනි 02 දින උත්පත්තින් මෙන් ස්වභාවයෙන්ම ඔබ නිර්මාණශීලි පුද්ගලයකු වන අතර ඉතිහාසය සාහිත්‍යය යන විෂයයන් සඳහා ඔබ වැඩි කැමැත්තක් දක්වනු ඇත. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඔබ කිසිසේම කැමති නැත. ප්‍රශ්න සහ ගැටුම් සාමකාමීව විසඳා ගැනීම ඔබගේ ක්‍රමය වේ. එහෙත් දුෂ්කර අවස්ථාවන්ටද ඔබට වරින් වර මුහුණ දීමට සිදුවේ. මුදල් එදිනෙදා කටයුතුවලට පමණක් අවශ්‍යයැයි ඔබට සිතන බැවින් දියුණුවීමේ ආශාවන් අමතක වන ස්වභාවයක් දක්නට ලැබේ. ආයුෂ කාලය වැඩිය. සෞඛ්‍යමය වශයෙන් සතුටු දායක නොවන අතර ආමාශය ආශ්‍රීත රෝගයන් ඇතිවිය හැකිය.

 

ජුනි 12 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. දීර්ඝ කාලීන අරමුණු ඔබ සතුවන අතර ඉහළයාම සඳහා නිරන්තරයෙන් විභාග සඳහා පෙනීසිටීම දැකිය හැකිය. ඕනැම කටයුත්තකදි කැපී පෙනෙන ස්වභාවයක් ද ඔබ සතුය. එකාකාරිත්වයට ඔබ කැමැති නැත. එහෙත් මේ තත්ත්වය ඔබගේ රැකියාවට හෝ ව්‍යාපාර සඳහා නරක ලෙස බලපෑ හැකිය. කලා ක්‍ෂේත්‍රයේ ඉදිරියට යා හැකිය. ආර්ථික වශයෙන් පැහැදිලිවම ඉදිරියට යා හැකි නමුත් සෑහීමකට පත්වීම ඇති කර ගැනීම යහපත් වේ. ඉක්මනින් අසනීප වීමත් සුවවීමත් දැකිය හැකි අතර හිසේ අමාරු, ශ්වසන පද්ධතියේ අසනීප ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

 

ජුනි 13 වැනිදා

 

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ ජුනි මාසයේ නිසා ඔබ බුධ ග්‍රහයාගේ මෙන්ම යුරේනස් රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ජුනි 4 දින උත්පත්තීන්වල ස්වභාවයන් මෙදින උපන් ඔබ සතුවන අතර වෙන්ව ජිවත් වීම බොහෝ ලෙස ප්‍රිය කරනු ඇත. සියලු සම්බන්ධතාවලින් පසුතැවීම උරුම වන අතර කිසිසේත්ම නඩුවලට සම්බන්ධ නොවිය යුතුය. ආර්ථිකය අවිනිශ්චිත අතර මුදල් ලැබුණ ද ඉතිරි කිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. කලා ක්‍ෂේත්‍රය තුළින් ඉදිරියට යාහැකි අතර සූදුවට යොමුවිය යුතු නැත. ආගම දහම කෙරෙහි වෙනස් වූ ආකාරයේ මතයන් ඔබ දරන අතර සියලු දේ කලින් දැන ගැනීම හෙවත් ඉව ඔබට පිහිටා ඇත. සෞඛ්‍යමය වශයෙන් තේරුම් ගත නොහැකි රෝගවලින් පෙළිය හැකිය.

 

ජුනි 14 වැනිදා

 

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති බුධ ග්‍රහයාගේ ද්විත්ව ආකාරයේ බලපෑමට යටත් වේ. ඒකාකාරි ජීවිතයට ඔබ කැමැති නැත. නමුත් ඔබේ ජීවිතයේ අසාර්ථකත්වයටද මෙය හේතුවක් වනු ඇත. වේගවත් බව නිසා ඉක්මනින් සියලු කටයුතු සිදුකිරීමේ හැකියාවක් ඔබ සතුවේ. මනසේ ගුප්ත ස්වභාවයක්ද ඇති අතර එකවර කටයුතු දෙකක් කිරීමේ හැකියාවද පවති. මේ තත්ත්වය විවාහ ජීවිතයටද බලපාන අතර විවාහ දෙකක් වීමට පැහැදිලි ඉඩකඩක් පවතී. සෞඛ්‍යය සම්බන්ධව ගැටලු රාශියක් ඇතිවන අතර ජීවිතය සැලසුම් නොවිම එයට හේතුවේ. ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගයන් ගොතගැසීම සමෙහි තුවාල ආදිය ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් විය යුතුය.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.