සතියේ පඤ්චාංගය

මැයි 31, 2024

 

ශක වර්ෂ 1946 ක් වූ වෘෂභ රවි 18 භාග වෙසක් අව නවවක ලත් කිවිදින සිට එම රවි 24 භාග වෙසක් අමාවක ලත් ගුරුදින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - වෘෂභ

කුජ - මීන ( 01 දා සවස 03.36 මේෂ)

බුධ - මේෂ ( 31 දා දහවල් 12.13 වෘෂභ)

ගුරු - වෘෂභ

ශුක්‍ර - වෘෂභ

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (01 දා සවස 03.41 වෘෂභ)

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - රෙහෙන

කුජ - රේවතී ( 01 දා සවස 03.36 අස්විද)

බුධ - කැති ( 05 දා සවස 03.25 රෙහෙන)

ගුරු - කැති

ශුක්‍ර - රෙහෙන

ශනි - පුවපුටුප

රාහු - රේවතී

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

ජුනි 05 බදාදා රාත්‍රී 07.59න් අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා සවස 06.13න් ගෙවේ. 06 බ්‍රහස්පතින්දා සිල්.

චන්ද්‍ර චාරය

ජුනි 03 දා අලුයම 01.42 මේෂ

ජුනි 05 දා අලුයම 04.16 වෘෂභ

දිනූ තත්ත්ූවය

මැයි 31 සිකුරාදා

වෘෂභ රවි 18 භාග වෙසක් අව නවවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 05.53. ඉර බැසීම 06.23. සියාවස නැකත උදේ 06.15න් ගෙවී පුවපුටුප නැකත ලබයි. වෙසක් අව අටවක තිථිය උදේ 09.39න් ගෙවී අව නවවක තිථිය ලබයි. විශ්කම්භ යෝගය සවස 06.04න් ගෙවී පි‍්‍රති යෝගය ලබයි. කෞලවකරණය උදේ 09.39න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 08.33න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - ලැම

මරු - ගිනිකොන

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

ජුනි 01 සෙනසුරාදා

වෘෂභ රවි 19 භාග වෙසක් අව දසවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 05.53. ඉර බැසීම 06.23. පුවපුටුප නැකත අලුයම 04.49න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. වෙසක් අව නවවක තිථිය උදේ 07.26න් ගෙවී අව දසවක තිථිය ලබයි. පී‍්‍රති යෝගය සවස 03.10න් ගෙවී ආයුෂ්මන් යෝගය ලබයි. ගරජකරණය උදේ 07.26න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.16න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - මාපටැඟිලි

අමෘත කලාව - පෙකණිය

මරු - නැඟෙනහිර

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

ජුනි 02 ඉරිදා

වෘෂභ රවි 20 භාග වෙසක් අව එකොළොස්වක තිථිය ලත් රවිදින. ඉර උදාව 05.53. ඉර බැසීම 06.23 උත්‍රපුටුප නැකත අලුයම 03.17න් ගෙවී රේවතී නැකත ලබයි. වෙසක් අව දසවක තිථිය අලුයම 05.06න් ගෙවී අව එකොළොස්වක තිථිය ලබයි. ආයුෂ්මන් යෝගය දහවල් 12.12න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 05.06න් ගෙවී බවකරණය ලබා එය සවස 03.55න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - පතුල

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - උතුර යෝගිනී - ගිනිකොන

සුබ දිශාව - දකුණ

ජුනි 03 සඳුදා

වෘෂභ රවි 21 භාග වෙසක් අව දොළොස්වක තිථිය ලත් සඳුදින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24. රේවතී නැකත අලුයම 01.42න් ගෙවී අස්විද නැකත ලබයි. වෙසක් අව එකොළොස්වක තිථිය අලුයම 02.43න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය උදේ 09.12න් ගෙවී ශෝභන යෝගය ලබයි. බාලවකරණය අලුයම 02.43න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 01.32න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - කෙණ්ඩ

අමෘත කලාව - දණහිස

මරු - වයඹ යෝගිනි - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

ජුනි 04 අඟහරුවාදා

වෘෂභ රවි 22 භාග වෙසක් අව තෙළෙස්වක තිථිය ලත් කුජදින. ඉර උදාව 05.54. ඉර බැසීම 06.24. අස්විද නැකත අලුයම 12.07න් ගෙවී බෙරණ නැකත ලබා එය රාත්‍රී 10.37න් ගෙවී කැති නැකත ලබයි. වෙසක් අව දොළොස්වක තිථිය අලුයම 12.21න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබා එය රාත්‍රී 10.04න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ශෝභන යෝගය උදේ 6.13න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 12.21න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 11.11න් ගෙවී වණිජකරණය උදා වී එදින රාත්‍රී 10.04න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - බටහිර යෝගිනි - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

ජුනි 05 බදාදා

වෘෂභ රවි 23 භාග වෙසක් අව තුදුස්වක තිථිය ලත් බුධ දින. ඉර උදාව 05.54 ඉර බැසීම 06.24. කැති නැකත රාත්‍රී 09.20න් ගෙවී රෙහෙන නැකත ලබයි. වෙසක් අව තුදුස්වක තිථිය රාත්‍රී 07.59න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය අලුයම 03.20න් ගෙවී සූකර්ම යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 08.59න් ගෙවී ශකුණකරණය ලබා එය රාත්‍රී 07.59න් ගෙවී චතුෂ්පාදකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - නිරිත යෝගිනී - බටහිර

සුබ දිශාව - දකුණ

ජුනි 06 බ්‍රහස්පතින්දා

වෘෂභ රවි 24 භාග වෙසක් අමාවක තිථිය ලත් ගුරුදින. ඉර උදාව 05.54. ඉර බැසීම 06.24. රෙහෙන නැකත රාත්‍රී 08.21න් ගෙවී මුවසිරස නැකත ලබයි. වෙසක් අමාවක තිථිය සවස 06.13න් ගෙවී පොසොන් පුර පෑලවිය තිථිය ලබා පවතී. සූකර්ම යෝගය අලුයම 12.38න් ධෘති යෝගය ලබා එය රාත්‍රී 10.13න් ගෙවී ශුලයෝගය ලබයි. චතුෂ්පාද කරණය උදේ 07.01න් ගෙවී නාගකරණය ලබා එය සවස 06.13න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.

විෂ කලාව - පෙකනිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - දකුණ

යෝගිනී - ඊසාන

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.