සතියේ පඤ්චාංගය

මැයි 24, 2024

 

ශකවර්ෂ 1946ක් වූ වෘෂභ රවි 11 භාග වෙසක් අව පෑලවිය ලත් කිවි දින සිට එම රවි 17 භාග වෙසක් අව සතවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – වෘෂභ

කුජ – මීන

බුධ – මේෂ

ගුරු – වෘෂභ

ශුක්‍ර – වෘෂභ

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – කැති (25 දා අලුයම 03.17 රෙහෙන)

කුජ – රේවතී

බුධ –බෙරණ (29 දා සවස 04.19 කැති)

ගුරු – කැති

ශුක්‍ර – කැති (27 දා දහවල් 12.03 රෙහෙන)

ශනි – පුවපුටුප

රාහු – රේවතී

කේතු – හත

යුරේනස් – කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

මැයි 30 බ්‍රහස්පතින්දා උදේ 11.44න් අව අටවක ලබා 31 සිකුරාදා උදේ 09.39න් ගෙවේ. 30 බ්‍රහස්පතින්දා සිල්.

චන්ද්‍ර චාරය

25 දා උදේ 10.35 ධනු

27 දා සවස 04.04 මකර

29 දා රාත්‍රි 08.06 කුම්භ

දිනූ තත්ත්ූවය

මැයි 24 සිකුරාදා

වෘෂභ රවි 11 භාග වෙසක් අව පෑලවිය තිථිය ලත් කිවි දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.22 අනුර නැකත උදේ 10.09න් ගෙවී දෙට නැකත ලබයි. වෙසක් අව පෑලවිය තිථිය රාත්‍රි 07.23න් ගෙවී අව දියවක තිථිය ලබයි. ශිව යෝගය දහවල් 11.20න් ගෙවී සිද්ධ යෝගය ලබයි. බාලවකරණය උදේ 07.28න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 07.23න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස

මරු – ගිනිකොන

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

මැයි 25 සෙනසුරාදා

වෘෂභ රවි 12 භාග වෙසක් අව දියවක තිථිය ලත් ශනි දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.22 දෙට නැකත උදේ 10.35න් ගෙවී මුල නැකත ලබා පවතී. වෙසක් අව දියවක තිථිය සවස 06.57න් ගෙවී අවතියවක තිථිය ලබා පවතී. සිද්ධ යෝගය උදේ 10.06න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. තෛතිලකරණය උදේ 07.16න් ගෙවී ගරජකරණය ලබා එය සවස 06.57න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – නැඟෙනහිර

යෝගිනි – උතුර

සුබ දිසාව – දකුණ

මැයි 26 ඉරිදා

වෘෂභ රවි 13 භාග වෙසක් අව තියවක තිථිය ලත් රවිදින ඉර උදාව 05.53 ඉර බැසීම 06.22 මුල නැකත උදේ 10.35න් ගෙවී පුවසල නැකත ලබයි. වෙසක් අව තියවක තිථිය සවස 06.05න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය උදේ 08.30න් ගෙවී ශුභ යෝගය ලබයි. වණිජකරණය උදේ 06.36න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 06.05න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව - බැම

මරු – උතුර

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 27 සඳුදා

වෘෂභ රවි 14 භාග වෙසක් අව ජලවක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.22 පුවසල නැකත උදේ 10.13න් ගෙවී උත්‍රසල නැකත ලබයි. වෙසක් අව ජලවක තිථිය සවස 04.53න් ගෙවී අව විසේනිය තිථිය ලබයි. ශුභ යෝගය උදේ 06.37න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. බවකරණය අලුයම 05.34න් ගෙවී බාලවකරණය ලබා එය සවස 04.53න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – කන

මරු – වයඹ යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 28 අඟහරුවාදා

වෘෂභ රවි 15 භාග වෙසක් අව විසේනිය තිථිය ලත් කුජදින, ඉර උදාව 05.53 ඉර බැසීම 06.22 උත්‍රසල නැකත උදේ 09.33න් ගෙවී සුවන නැකත ලබයි. වෙසක් අව විසේනිය තිථිය සවස 03.23න් ගෙවී අව සැටවක තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය අලුයම 04.28න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබා පවතී. කෞලවකරණය අලුයම 04.12න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.23න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව – ඇස

මරු – බටහිර

යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

මැයි 29 බදාදා

වෘෂභ රවි 16 භාග වෙසක් අව සැටවක තිථිය ලත් බුධ දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 සුවන නැකත උදේ 08.39න් ගෙවී දෙනට නැකත ලබයි. වෙසක් අව සැටවක තිථිය දහවල් 01.40න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය අලුයම 02.06න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබා එය රාත්‍රි 11.34න් ගෙවී වෛධෘති යෝගය ලබා පවතී. ගරජකරණය අලුයම 02.34න් ගෙවී වණිජ කරණය ලබා එය දහවල් 01.40න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – නාසය

මරු – නිරිත

යෝගිනී – බටහිර

සුබ දිසාව – දකුණ

මැයි 30 බ්‍රහස්පතින්දා

වෘෂභ රවි 17 භාග වෙසක් අව සතවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 දෙනට නැකත උදේ 07.32න් ගෙවී සියාවස නැකත ලබයි. වෙසක් අව සතවක තිථිය දහවල් 11.44න් ගෙවී අව අටවක තිථිය ලබයි. වෛධෘති යෝගය රාත්‍රි 08.53න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 12.44න් ගෙවී බවකරණය ලබා එය දහවල් 11.44න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රි 10.43න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව – කෙණ්ඩ

අමෘත කලාව - ගෙල

මරු – දකුණ යෝගිනි – වයඹ

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.