අස්ලිස නැකැත

අප්‍රේල් 26, 2024

අස්ලිස නැකතින් උපන්නේ නම් තර්ක විතර්ක ආදියට බෙහෙවින්ම පි‍්‍රය කරන මිථ්‍යා මතවාද, දර්ශන න්‍යාය හා ආගමික අංශය කෙරෙහි මනස මෙහෙය වන සමාජයේ කැපී පෙනෙන තමා පිළිබඳ යම් යම් අදහස් ජනයා අතර පැතිරවීමට කාලය යොදවන අන්‍ය අයගෙන් වෙන්වී තමාගේම ලෝකය තුළ ජීවත් වන උපක්‍රමශීලීව කි‍්‍රයා කරන කෙනෙක් වේ.

කතාවේදී අන්‍යයන් සිතන්නේ මොහු ඉතාම ඉහළ තලයේ උගතකු විද්වතකු ලෙසටය. මොහු එතරම් උසස් අධ්‍යාපනයක් නැතත් උපක්‍රමශීලීව එක් වදනකින් තමා උගත් කෙනෙක් යැයි අන්‍යයන්ට පෙන්වීමට අතිදක්ෂයි. මෝහන විද්‍යා විජ්ජා දැක්වීම්වලටද උපන් හපන්කමක් තිබේ. නිතර නිතර අදහස් වහා වෙනස් කරයි. කලබල ගතියක් ද ඇත. නමුත් අන්‍යයන් සමඟ වාද විවාද කළත් රණ්ඩුවට නොයයි. සමාකාමීය. කෑමට අධික රුචියක් ඇත. වැඩිපුර ආහාර ගනී. සැඟවුණ කාමයක් ද තිබේ. මොහු දර්ශනයට හා කාමුකත්වයට වඩාත් නැඹුරු වේ. සිතෙන් රස විඳින අයෙකි. විරුද්ධ පාර්ශ්වකරුගේ කටහඬ, බැල්ම හා අංගචලනයන්ට වහා වශීවේ. එයට තදින්ම පි‍්‍රය කරයි. ගුප්ත ආශ්‍රය ඇත්තෙකු හෝ ඇත්තියක් වේ.

සමහරවිට ස්ත්‍රී පක්ෂය නිසා අමාරුවේ වැටෙන ගතියක් ද උපතින්ම පිහිටා තිබේ. අනුන්ගේ මහන්සියෙන් ධනයෙන් තමා ජීවත්වීමට උපක්‍රමශීලීව ක්‍රියා කරයි. එහෙත් සමහර අවස්ථාවලදී තමා නොදන්නා කෙනෙකු ලෙස කිසිවෙකුට පෙන්වීමට ඉඩ නොතබයි. මිනිහා මෝඩයෙක් වගේ හිටියට යටින් නූල් සූත්තරකරනවා ඇති යනුවෙන් අන් අය කතා වනු ඇත. අන්‍යයන් අන්දන්නට රුසියෙකි. නැති දේවල් මවාපායි. අස්ලිස නැකත් හිමියාට ඈත අහසේ වියනේ පායන තරු පන්තිවල අනුරුව මඟින් ජනිත වන ආලෝක ධාරාව ක්‍රියා කරන්නේ මහා මායාවක් ලෙසටය. කිරණ පද්ධතිය හරහා නිර්මාණය වන යම් යම් මානසිකමය සිතුවිලි තුළ ද මායාව රැඳී ඇත.

කලාව සෞන්දර්ය පැත්තේ කෝණයෙන් බලන විට සියලුම කලා නිර්මාණ මායාවක්ම නොවේ. ඒවායේ යථාර්ථයක් ඇත. මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍යයත්, මානවසිංහයන්ගේ කෝමල රේඛාවත්, කාලිදාසයන්ගේ මේඝ දූතයත්, සුන්දරතම මනෝ විද්‍යාත්මක රස ආකාරයන්ය. පිකාසෝගේ ගුවර්නිකා සහ ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රසටහන් දෙකම සජීවී මනෝ බන්ධනයන් වී ඇත්තේ ය. අස්ලිස නැකත් හිමියා රසිකයින් ඇද බැඳ ගැනීමට සමත් වේ. ඒ අයගේ චර්යා රටාවන් හරි හැටි හඳුනා ගැනීමේ දක්ෂතාව උපතින්ම තිබෙන නිසාය. නැකත් 27ම හිමියන් වෙන් වෙන්ව දිගු කලක් නිරීක්ෂණය කිරීමේ දී ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැනවින් දැන හඳුනා ගැනීමට හැකිවේ. සෑම නැකතක්ම, නැකත් හිමියෙක්ම හොඳත් නැත නරකත් නැත. සම සමව පවතී. එය සොබාදහමේ හැටිය. තමා සිතන පතන ආකාරයට යම් යම් දේ දකී. කාම ඇසක් හිමි පිරිමියකු ලස්සන තරුණියකගේ සිරුරේ හැඩතල කාම ඇසින්ම දකී. එහෙත් බවුන් වඩන කෙනෙකුට ඒ ස්ත්‍රී දේහයම ඇටසැකිල්ලක් ලෙස පෙනෙනු ඇත. එකම ඇස එය දකින ආකාරය වේ. අස්ලිස නැකත් හිමියන් ව්‍යාපාරික කටයුතුවලට යොමුවුවහොත් එහි පලප්‍රයෝජන ගැනීමට දක්ෂ වේ. නමුත් සිතන තරම්ම නොවේ. ව්‍යාපාරිකයකු ගණිතයට අති දක්ෂයකුම නොවිය යුතුයි. නමුත් උපක්‍රමශීලීව අඩු කිරීම, වැඩිකිරීම, බෙදීම හරියටම කළ යුතු අතර එකතු කිරීම ගැන ද ඉතාම දක්ෂ විය යුතුමය. අස්ලිස නැකත් හිමියන්ගේ යුග දිවිය ගැන ද වඩාත් නිරීක්ෂණය කළ යුතු වේ. දෙදෙනෙකු එක් වහලක් යට සතුටින්, සාමයෙන් ජීවිතය පුරාම සිටීම ඉතාම අපහසු කරුණකි. එයට වාසනාවට වඩා අවබෝධය මූලික වේ. නැත්තේ ද එයයි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.