විවාහයට බාධා කරන ග්‍රහයෝ

ඔක්තෝබර් 28, 2022

විවාහය ගැන කතා කිරීමේ දී 7 වැන්න ගැන කිව යුතුමය. ශුභයින්ගෙන් විවාහය සාර්ථක වන අතර අශුභයින්ගෙන් අසාර්ථක වේ. සඳු, බුධ, ගුරු, ශුක්‍ර අසුබ පාපී ග්‍රහයින් සමඟ නැතිව 7 සිටීම ඉතාම සුබයි. පාපීන් සමඟ යෝගවීමත් 8 අධිපති නොවීමත් අනිවාර්ය වේ. අව සඳු, කුජ, රාහු, කේතු පාපීන් වේ. මේ හැම ග්‍රහයෙක්ම සිටින නැකත හා පාදය අනුව ප්‍රතිඵල වෙනස් වේ.

 

සමහර විට සුබයකු 7 වැනි තැන සිටින විට විවාහය පිළිබඳව ගැටලු ඇතිවීමට ද ඉඩ ඇති වන බැව් පෙනේ. පාපීන් 7 වැන්න දැකීම හරහා ය. තවත් හේතු ඇත.

1 සටහන ගුරු 7 සිටින අතර පාපීන් තිදෙනකුට පෙනේ. (ශ, කු, රා) බුධ පාපියෙක් වන්නේ මෙතැනට 8 ට අධිපති නිසාය. ගුරු ලෝකෝත්තර ග්‍රහයකු වීම විවාහයට සුබ නැත. ග්‍රහයින් රාශි මාරු කරගෙන සිටීමත් තවත් හේතුවකි. අට අධිපති බුධ විවාහ කාරක සිකුරු සමඟ පරිවර්තනය කෙසේවත් අයහපත් ය. මෙම කරුණු මත විවාහයට අසුබ තැන් පෑදී ඇත. හමුදාවේ අණදෙන නිලධාරියෙකි. සෙනසුරු දශාවේ දී ජලාශයකට පැනීම හරහා බෙල්ලේ ආබාධයක් ඇති වී රෝගියෙක් විය. ලෙඩ ඇඳට වැටී විවාහය නැති විය. දශා අධිපති ශනි 8 වැන්නේ වීම නිසා තවත් දරුණු ග්‍රහ අපලයක් පෑදිණි.

2 සටහන මේ තවත් කේන්ද්‍රයකි.

විවාහ කාරක සිකුරු 8 අධිපති ගුරු හා පාපි රවි ග්‍රහයින් දෙදෙනාම හරහා පීඩා විඳී. විවාහ කාරක සිකුරුට අට අධිපති 8 ගුරු හා පාපී රවි දෙදෙනාම දකී. නරක යෙදීමකි. වයස 52 කි. පෙම් සබඳතා කීපයක්ම කඩා වැටිණ. තවද රවි 7 සුබ නැත. රජයේ ඉහළ පරිපාලන තනතුරක් දරයි. රසකාමියෙකි. විවාහපේක්ෂිතයි. දැන් දෙගොඩහරියේ ය.

සෑම ග්‍රහයකුම තමා සිටින තැන සත් වැන්න දකී. විවාහය ගැන සියලුම ග්‍රහ හැසිරීම් රටාව නිරීක්ෂණය කළ යුතුයි. අධික කාමයත් සාර්ථක විවාහයට සුදුසු නැත. කුජ, ශුක්‍ර යෝගය මෙයට දායක වේ. බිරිඳගේ කුජ, ශුක්‍ර, රවි, රාහු 7 වැන්නේ සිටියදී සැමියාගේ 7 වැන්නේ කේතු සිටියොත් විවාහය අසාර්ථක වේ. ඔහුට ඇයව තෘප්තිමත් කිරීමේ ලිංගිකමය ශක්තිය හීනයි. දඟකාර සුකුමාල හුරතල් බිරිඳකට උපාසකයකු ගැළපේද සැමියාට ද එසේම ය. සියලුම සංගීත භාණ්ඩ සුසර කළ යුත්තේ වාදනය කිරීමට මුලින්මය. එසේ නොකර වාදන භාණ්ඩයක් නිසි පරිදි රිද්මයානුකූලව වාදනය කළ නොහැකි ය.

1988.04.28 උපත ලත් 3 සටහන කේන්ද්‍ර හිමි තරුණියකි. ඇය රජයේ උසස් තනතුරු දරන විශාල ධනස්කන්ධයක් හිමි (ඉඩකඩම් දේපළ යාන වාහන) රූමත් තරුණියකි. බොහෝ යෝජනා ආවත් තවමත් හරිනොගිය නිසා අවිවාහකයි. මෙවැනි තරුණියන් විශාල සංඛ්‍යාවක් අප අතර සිටී.

තරුණියක් සිය වයස 30 ගතවීමට පෙර විවාහ වීම යහපත් වන්නේ සරු බීජයක්ම වසරක් පාසාම නිකුත් වන නිසා ය. තරුණ පිරිමි අය සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒ අයට නිසි රැකියාවක් නොමැති වීම නිසා ය. සරසවි ඉගෙනුමට ගොස් වසර ගණනාවක්ම අනපේක්ෂිත අන්දමට (සමාජ විප්ලව නිසා) වසා දැමීමේ අවස්ථාව තදබල පහරක්ව ඇත. ඉගෙනීම ලබා එළියට පැමිණි විට ගැළපෙන රැකියාවක් නැතිවීම නිසා විවාහයද කල් යයි. නොදැනුවත්වම වයසද පියඹා ගොස් ය.

මේ සියල්ලටම ග්‍රහයන් පළි නැත. කෙසේ වෙතත් වත්මන් විවාහ කටයුතුවලදී හැකි ඉක්මනින් විවාහ වීම යහපත් බැව් දක්වමු.

කරුණු කාරණා කෙසේ වෙතත් විවාහවීමේ දී කායික හා මානසික ගැළපීම් සහිතව විවාහ වන්නේ නම් එය මහා සම්පතකි. ගතින් දෙදෙනකු වුවත් සිතෙන් එකම ධාරාවකට යොමු කර ගත හැකි මානසික ශක්තියක් දෝලනය කර ගැනීමට යත්න දැරීමෙන් වාසනාවන්ත යුග දිවියක් ගත කිරීමට හැකි වේ.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී,

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.