සිංහ ලග්නයට හිමි රැකියා

ඔක්තෝබර් 14, 2022
රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ජන්මියා ආත්ම ශක්තියෙන් යුත් දියුණුවීමේ ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. සිංහ ලග්නයේ ලග්නාධිපති රාජ්‍යකාරක රවි වේ. රජය නිවේදනය කරයි. රාජ්‍ය සේවයට වැඩි සබඳතාවක් සිංහ ලග්න හිමියාට හිමිවේ. කළමනාකරුවන්, සභාපතිවරුන්, සොල්දාදුවන්, ග්‍රන්ථ කර්තෘවරුන්, විනිසුරුවන්, කෘෂිකර්මය ආශි‍්‍රත රැකියා, දර ආශි‍්‍රත රැකියාවල සිංහ ලග්න හිමියෝ වැඩිපුර නිරත වේ. 
 
 
සිංහ ලග්න හිමියන්ගේ වෘත්තීය ගැන කථාකරන විට දහය අධිපති සිකුරු ගැනත් දහයේ සිටින ග්‍රහයන් ගැනත් බැලිය යුතු වේ. දහවැන්නාධිපති වන සිකුරු සිටින තැන අනුවත් සිකුරු නියෝජනය කරන නැකත අනුවත් රැකියා තත්ත්වයන් තීරණය වේ. 
ඉගෙනීම උසස් තත්ත්වයක පවතී නම් උසස්ම රැකියාවක් ලැබේ. සිංහ ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බැලීමේදී ලග්නාධිපති රවිගේ බලයත් පස්වැන්නාධිපති වන ගුරුගේ බලයත් අධ්‍යාපන කාරක බුධගේ බලයත් බැලිය යුතු ය. මොවුන්ගේ බලය මත සභාපතිවරුන් විනිසුරුවන් වැනි උසස් තත්ත්වයේ රැකියාවක් සිංහ ලග්න හිමියාට හිමිවේ. විනිසුරුවන්, තෝල්කවරු, ජේලර්වරු වැනි එකම ක්ෂේත්‍රයේ රැකියා වුවද ඉගෙනීමේ උස්පහත්කම් මත රැකියා තත්ත්වයන් වෙනස් වේ. 
ඕනෑම වෘත්තියක් දරා සිටීමේ ශක්තිය ඇත්තේ සෙනසුරු ග්‍රහයාට ය. සෙනසුරුගේ බලයක් නොමැතිව දැවැන්ත ව්‍යාපාරවලට හිමිකම් කීමත් දේශපාලන නායකයෙකු වීමටත් නොහැකි වේ. ඒ සඳහා සෙනුසරුගේ බලය වැදගත් වේ. 
ජන්ම කේන්දරයේ දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් තිබේ නම් විටින් විට රැකියා තත්ත්වයන් වෙනස් වේ. ඒ වගේම දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් තිබූ විට බොහෝ ප්‍රසිද්ධ දේශපාලන නායකයෝ ප්‍රසිද්ධ විනිසුරුවරු බිහි වේ. මේ සමඟ බුධගේ බලයත් සිකුරුගේ බලයත් ලැබූ විට ප්‍රසිද්ධ කලාකරුවන් ප්‍රසිද්ධ ගත්කතුවරු බිහි වේ. 
සිංහ ලග්නයේ ලග්නාධිපති රවි රජය නිවේදනය කරයි. ලග්නයත් දහවැන්නත් තිර රාශියක් බැවින් ස්ථිර ආදායම් හිමි රැකියා ඇති කරයි. සිංහ ලග්න හිමියා රාජ්‍ය සේවයට වැඩි සබඳතාවක් ඇති බැවින් රවි බලවත් වූ විට රජයේ රැකියා හිමිවේ. 
සිංහ ලග්න හිමි ජන්මියාගේ රැකියාව ගැන බැලීමේ දී ජන්ම පත්‍රයේ රවිගේ පිහිටීමත් සිකුරුගේ පිහිටීමත් රවි සිකුරු නියෝජනය කරන නැකතත් රාහු හා කේතු ග්‍රහයන් නියෝජනය කරන නැකතත් සිටින ස්ථානයත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බැලිය යුතු ය. එයින් වඩාත්ම බලවත් ග්‍රහයාගේ රැකියාව සිංහ ලග්න හිමියාට හිමි වේ. 
 
චතුරිකා දිල්හානි ගමආරිය
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.