වෘෂභ ලග්නයට හිමි රැකියා

සැප්තැම්බර් 23, 2022

වෘෂභ ලග්නය ගත් විට ලග්නාධිපති සිකුරු කර්මකාරක ශනි යන දෙදෙනා ගැනත් බැලිය යුතුයි. ලග්නාධිපති සිකුරු බැවින් නිතරම සිනහව මුහුණේ දැකිය හැකි අතර සංගීතයට,නාට්‍යයට, සිනමාවට මොවුන් වැඩි කැමැත්තක් දක්වයි. ගුරු වෘත්තිය, කෘෂිකර්මය, මල් වගාව , බැංකු ක්ෂේත්‍රය සුඛෝපභෝගී දේ විකිණීම, ප්‍රවාහනය ආශි‍්‍රත රැකියා වෘෂභ ලග්න හිමියන් වැඩිපුර යෙදේ. අධ්‍යාපනය, බුද්ධිය, උනන්දුව, වාසනාව මත රැකියා තත්ත්වයන්ගේ වෙනස්වීම් සිදුවිය හැකිය.

රැකියාව ගැන කථා කරන විට වෘෂභ ලග්නයට හිමි දහවැන්නත් දහවැන්නාධිපති වන ශනි ගැනත් දහවැන්නේ සිටින ග්‍රහයනුත් ගැන බැලිය යුතුය. ඉගෙනීම උසස් නම් උසස්ම රැකියාව ලබා දෙයි. ගුරු වෘත්තීය ගත්තත් උපාධිධාරි ගුරුවරයෙක් බවට පත් වේ. 

සංගීතය පැත්තෙන් ගත් විට විශාරද තත්ත්වයට පත් වේ. බැංකු ක්ෂේත්‍රය ගත්තත් උසස් ඉගෙනීමක් තිබේ නම් බැංකු ක්ෂේත්‍රයේ ඉහළටම යා හැකිය. දහවැන්න තිර රාශියක් බැවින් මෙය ස්ථිර රැකියාවක් බවට පත් විය හැකිය. ජන්ම කේන්ද්‍රයේ දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රවිගේ සබඳකමක් වේ නම් එය රජයට අයත් රැකියාවක් විය හැකිය.

ජන්ම කේන්ද්‍රයේ දහවැන්න හා දහවැන්නාධිපති සමඟ රාහුගේ සබඳකමක් වෙයි නම් බොහෝ ප්‍රසිද්ධ ව්‍යාපාරවල අයිතිකරුවන් බවට පත් වේ. ගායන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය ගායකයකු බවට පත්වීමට ද ඉඩ තිබේ.

දහවැන්න අධිපති ග්‍රහයා වන ශනි සිටින තැන අනුවත් නියෝජනය කරන නැකත අනුවත් රැකියා තත්ත්වය තීරණය වේ. කර්මපාලන ග්‍රහයන් වන රාහු හා කේතු යන ග්‍රහයන් නියෝජනය කරන නැකත අනුවද රැකියාවේ වෙනස්වීම් ඇති විය හැකිය. රැකියාව සඳහා සෙනසුරුගේ බලය ද අත්‍යවශ්‍යම වේ.

මල් වගාව, කෘෂි කර්මාන්තය වැනි ක්ෂේත්‍රවලද මුදු, මාල, වළලු, කරාබු වැනි විසිතුරු වෙළඳ භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයෝ ද වාහන ව්‍යාපාරවල අයිතිකරුවෝ ද වෘෂභ ලග්නයෙන් උපන් අයගේ රැකියා බවට පත්වේ.

මේ සෑම රැකියාවක් සඳහාම ජන්මියාගේ අධ්‍යාපන මට්ටම බලපායි. ඉගෙනීමට බලවත් ලග්නාධිපති අධ්‍යාපනය කාරක බුධගේ ශක්තිය හා පස්වැන්නාධිපතිගේ බලයක් නිසා උසස්ම රැකියාවක් ලබා ගැනීමට හැකිවන අතර ඉගෙනීම් තත්ත්වය දුර්වල වූ විට උසස්ම තලයේ නැති රැකියාවක් ලැබිය හැකි වේ.

මේ සෑම දෙයකට ම ග්‍රහයන්ගේ බල දුබලකම් බලපායි.

චතුරිකා දිල්හානි ගමආරිය

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.