වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නායකත්වයට යොමුකරන සුබ ග්‍රහ පිහිටීම්
සැප්තැම්බර් 6, 2019
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට
උපකාරි වේ.
ලග්නාධිපති ග්‍රහයා උච්ච /ස්වක්ෂේත්ර බලයෙන් පිහිටීම ජන්මියාගේ දියුණුවට හේතුවන බව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමයි. එසේම ලග්නාධිපතියා බලවත් සුබ /යෝගයකට සම්බන්ධව කේන්දරයේ පිහිටා තිබේ නම් එය ද ඔහුගේ හෝ ඇයගේ දියුණුවට ද හේතු වේ.
ලග්නාධිපතියා කේන්දරයේ හය –අට – දොළහ දුෂ්ට රාශියක පිහිටීම අසතුටුදායකය. ලග්නාධිපති දොළොස්වැන්නේ පිහිටියහොත් වැඩකටයුතු වලදී මෙන්ම ජීවිතයේ බරපතළ කම තේරුම් නොගන්නා අතර වගකීම් භාර නොගන්නා කෙනෙකු වේ. එසේම හයවැන්නේ පිහිටීම නිසා ජන්මියාගේ හැකියාව හා දක්ෂතාවයන් අන් අය තේරුම් නොගන්නා නිසා පෞද්ගලික දියුණුවට බාධා ගෙන දෙයි. බලවත් ග්‍රහයකුගේ දැක්මක් නොමැතිව ලග්නාධිපතියා අටවැන්නේ පිහිටීම ගතිපැවතුම්දුර්වල වීමට හේතු වේ. සඳු ග්‍රහයා ගෙන් අටවැන්න ද පරික්ෂා කිරීමෙන් මෙය තවදුරටත් අවබෝධ කරගත හැකිය.
ලග්නාධිපතියා සුබ ග්‍රහයකු සමඟ යෝග වීම මෙන්ම දෘෂ්ටි ලැබීම එම ග්‍රහයාට අයත් කාර්යභාරය හෙවත් කාරක අයිතිය සාර්ථක කර ගැනීමට උපකාරි වේ. උදාහරණයක් වශයෙන් දැක්වුවහොත් විද්‍යා කාරක බුද හා ගුරු ග්‍රහයන්ගේ සම්බන්ධතාවයක් සුබදායක අන්දමින් පවතී නම් ඉගෙනීම ලබන වයසේ දරුවකුට එම කාරණය බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. බාධක ග්‍රහයාගේ දසා / අතුරු දසාවකදී යම්කිසි පසුබෑම් තත්ත්වයක් ඇතිවුවද ඒවා වළක්වා ගැනීමට ද පුළුවන.
ලග්නාධිපති ග්‍රහයා මෙන්ම ජන්මපතේ සඳු ග්‍රහයාගේ බල දුබලතාවය ද පලාපල ඉදිරිපත් කිරිමේදී වැදගත් වේ. පුද්ගලයකුගේ කර්ම ශක්තිය පෙන්නුම් කරනුයේ සඳු ග්‍රහයා ගෙනි. ලග්නාධිපතියා මෙන්ම සඳු ග්‍රහයා ද බලවත් නම් ඔහු හෝ ඇයගේ ක්‍රියාකාරිත්වයද උසස් මට්ටමක දක්නට ලැබේ. ඉහත කී ග්‍රහයන් දෙදෙනාම දුර්වල නම් ජීවිතය කටුක වේ.
පරභවයෙන් මේ භවයට ගෙන එන ලද කුසල කර්මයන්හි බලවත්කම පැහැදිලි වන්නේ ලග්නාධිපති හා නවවැන්නාධිපති ග්‍රහයා යෝග වී, ජන්ම පතේ යහපත් භාවයක පිහිටා තිබීමෙනි. (කේන්ද්‍රස්ථාන සතර හා පහ, නවය යන ත්‍රිකෝණස්ථානයක් ජන්මපතක යහපත් ස්ථානයන්ය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිර්වේදී
මිල්ටන් හේවාපතිරණ
෴ සබැඳි ලිපි ෴
ශකවර්ෂ 1946 ක් වූ කන්‍යා රවි 17 භාග බිනර අව දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 17 භාග වප් පුර පෑලවිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - කන්...
2024-09-26 18:30:00
‘චත්තාරෝ මේ භික්ඛවේ, සංවාසා කතමේචත්තාරෝ ඡවෝ ඡවාය සද්ධිං සංවසතිජවෝ දේවියා, සද්ධිං සංවසති දේවෝ ජවායසද්ධිං සාවස්ති දේවෝ දේවියා සද්ධිං සංවසති”(...
2024-09-26 18:30:00
ඡ්‍යොතිෂයේ දී රාහු මෙන්ම කේතු ද බලවත් වන බව පොදු පිළිගැනිම වෙයි. බඹ යන නමින් ද කේතු හඳුන්වයි. හැමවිටම රාහුගේ ගමනට ප්රතිවිරුද්ධව කේතු කටයුතු කරයි....
2024-09-26 18:30:00
මේෂ, වෘෂභ, කුම්භ, වෘශ්චික යන ලග්නවලට ඉතා සුබවාදී ප්‍රතිපල ද මීන, කන්‍යා ලග්නවලට මිශ්‍ර පල සහ සෙසු ලග්නවලට මධ්‍යස්ථ පල ගෙනෙමින් ද ඉදිරි සිවු මස පුරා...
2024-09-19 18:30:00
විශ්වයේ අපට දක්නට ලැබෙන සොඳුරුතම නිර්මාණයක් තරු ලකුණු. ඉර, හඳ, තාරුකා දෙස බලා අනාවැකි පළ කිරීම චිරාත් කාලයක සිට පැවත එන්නක්. ග්‍රීක සාහිත්‍ය ඉතිහාසය...
2024-09-12 18:30:00
ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 28 භාග බිනර පුර දසවක තිථිය ලත් කිවිදින සිට කන්‍යා රවි 03 භාග බිනර අව දසවක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි - සිංහ (...
2024-09-12 18:30:00
පොරොන්දම් යනු සංසාරේ පුරන ලද පෙරුම් දම්ය. අතීතයේ පටන් ම මේ කටයුත්ත සඳහා ඡ්‍යොතිෂය පිහිට කර ගැනීම සිදුවිණි. දෙදෙනෙකු ජීවත් වීමේ දී පෙර ජීවිතයට වඩා...
2024-09-12 18:30:00
සම්පූර්ණාංගඞ ශුචි දික්ෂඞ සාධූඞ ශුරො විචක්ෂණඞ රේවතී සම්භවො ලොකෙ ධන ධාන්‍ය රලං කෘතඞයඉතාම වාසනාවන්ත නැකැතකි රේවතී. පිරිපුන් අංගසම්පූර්ණ සිරුරක්...
2024-09-12 18:30:00
ශනි ග්‍රහයා ශනි, සෙනසුරු, රවිපුත්ර, ශනිර් යන නම්වලින් හඳුන්වයි. ශනිට අයත් නැකැත් තුනකි. ඒවා වන්නේ පුෂ, අනුර, උත්‍රපුටුප වේ. ශනිට අයත් දිනය...
2024-09-12 18:30:00
ශකවර්ෂ 1946ක් වූ සිංහ රවි 21 භාග බිනර පුර තියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 27 භාග බිනර පුර නවවක ලත් ගුරුදින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-09-05 18:30:00
මිවිෂටානත භොගී මානීච ක්රොධී චරකි ලාලසඞ පිත්තාධිකො රවෙ වාරෙ ධන කාමී භෂවනතරඞඉරිදා උපන්නේ නම් පෝෂ්‍ය ආහාරපාන ගන්නාවූද තරමක උඩඟු ඇති කාමයෙන් සිත...
2024-09-05 18:30:00
දේහ ලක්ෂණ විද්‍යාව අනුව ස්ත්‍රී ලක්ෂණ කීමේදී පංච කල්‍යාණය අතුරින් කේශ කල්‍යාණය ප්‍රධාන තැනක් ගනී.ශ්‍රීමත් ජීවනාම් විසින් විරචිත භාව කුතුහලය නම්...
2024-09-05 18:30:00
ගෞරඞ සමායත ධර්මඥඞ ශතෘ ඝාතීච පාමරඞඋත්තරා භාද්ර නක්ෂත්ර ජතඞ සහසිකො භවෙත්උත්රපුටුප නැකැතින් උපන්නේ නම් දේහ ලක්ෂණයෙන් අනූන සියලු ශාස්ත්‍රීය අංශයන්ගේ...
2024-09-05 18:30:00
අගෝස්තු 31(පෞද්ගලික අංකය 4)සෞදි ආරක්ෂක අමාත්‍ය හා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් (1985) ද ඔබේ උපන් දිනයේමය. ලොව ලාබාලතම ආරක්ෂක අමාත්...
2024-08-29 18:30:00
අත්ලේ දිව්‍යමය කොටසට ඔබේ ඇඟිලි අයත්ය. මිනිසාගේ දෛවය අනුව පවත්නා ජීවන මාර්ගය ධන සම්පත්වලින් ආඪ්යවීම තම උත්සාහයෙන් දියුණුව කරා යාම වෙනත් අයගේ...
2024-08-29 18:30:00
පුවපුටුප නැකැතින් උපත ලද්දේ නම් බොහෝ සම්පත් අපේක්ෂා කරන දරු සම්පත් හිමි බොහෝ සැප සම්පත් අපේක්ෂා කරන අල්ප ලැබීම් ඇති කෙනෙක් වන්නේය.දැරියක් මේ...
2024-08-29 18:30:00