වසරකට ලාදුරු රෝගීන් 2000ක්

පෙබරවාරි 7, 2025

ලාදුරු රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර ඇතත් රෝගය සම්බන්ධයෙන් ඇති මිථ්‍යා මත හේතුවෙන් රෝගී වූවන් සමාජයෙන් කොන් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසීය.

ඒ මහත්මිය එසේ පැවසුවේ ජනවාරි 26 සිට පෙබරවාරි 26 දක්වා පැවැති ලෝක ලාදුරු දිනය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය දැනට වර්ෂයකට ලාදුරු රෝගීන් 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අතර ඉන් 10% ළමා ලාදුරු රෝගීන් වන බවත් ප්‍රධාන වශයෙන් බස්නාහිර සහ නැඟෙනහිර පළාත්වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බවත් පැවසීය. ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එන්.සී. පල්ලේවත්ත මහත්මිය අදහස් දක්වමින් ලාදුරු රෝගීන් කොන්කිරීම හේතුවෙන් රෝගියාගේ මානසිකත්වය බිඳවැටීම අවම කර ඔවුන්ගේ මානසික මට්ටම ඉහළ දැමීම ලාදුරු රෝගය පිළිබඳ පවතින මිථ්‍යා මත තුරන් කිරීම වෙනස්කම් මඟින් එකමුතුවීම මෙවර ලාදුරු දිනයේ තේමාව බවත් පැවසීය. ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය දිලිනි විජේසේකර මහත්මියද මෙහිදී අදහස් දැක්වූවාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.