ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි

නොවැම්බර් 10, 2023

මෙරට සිටි ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා පසුගිය 08 වැනිදා අභාවප්‍රාප්ත විය. සංස්කෘතික කටයුතු පිළිබඳ හිටපු ලේකම්වරයකු ලෙසත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු ලේකම්වරයා ලෙසත් කටයුතු කළ එතුමා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකි. එමෙන්ම ප්‍රකට ලේඛයකු හා දේශකයකු ද වේ. ආචාර්ය ගුණසේකර යන් ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති අතර ලන්ඩන් ගිය බණ්ඩා විශේෂාංග ලිපිය ඒ අතර ඉතා ජනප්‍රිය ලිපියක් සේ සැළකේ. ඉතාමත් දැඩි දේශාභිමානීයකු වූ ආචාර්ය ගුණසේකරයන් ලියු ග්‍රන්ථ අතර, ඓතිහාසික රාවණා, කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණය, ලංකා ඉතිහාසයේ හෙළ යුගය, යනාදිය වේ. පුරාණ රාවණා සහ හෙල රාජධානිය පිළිබඳව ද එතුමන් සුවිශේෂී මත දක්වා ඇත. 1942 නොවැම්බර් මස පිලියන්දල දී උපත ලැබූ ඔහු මුලික අධ්‍යාපනය ලැබුවේ හොරණ රෙමුණ මිශ්‍ර පාසල සහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයයෙනි. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සදහා 1960 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වී සිංහල, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව පිළිබද උපාධියක් ලබා මුල්ම රැකියාව ලෙස ගුරුවෘත්තියට පිවිසුණි. පසුව 1969 ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුලත් විය. මියයනවිට 81 වන වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි. ඒ මහතා විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ සභාපති ධුරයද හොබවන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.