ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට ආචාර්ය ධම්මික අබේගුණවර්ධන පත් වෙයි

දෙසැම්බර් 1, 2023

 

ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දී (27)ඊයේ සිදු විය. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් 1961 අංක 31 දරන ආයුර්වේද පනත නව සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත් ‌කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මතව බලාත්මක වීමත් සමඟ වඩා පුළුල් බලතල සහිත මේ ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධුරය නිර්මාණය වී තිබේ. රටට ජනතාවට නවීන ලෝකයට උචිත දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා දායක වන නව සංශෝධන රැසක් සහිතව බලාත්මක වූ පනත තළින් ජනතාව වෙත පුළුල් සේවාවක් ලබා දීමටත්, ආයුර්වේද ක්ෂේත්‍රය රටේ ආර්ථිකය ශක්තිමත් කරලන ව්‍යාපාරයක් බවට පත්කිරීම මේ පනත මගින් හැකියාව ලැබෙන බව එම අවස්ථාවේ දී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටියේය. එම අවස්ථාවට නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් කේ.වී.අතුල, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග,ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී වෛද්‍ය අජිත් කුමාර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක නීතිඥ ගයා කාංචන යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

දේශීය වෛද්‍ය පීඨයට ඉන්දියානු පුස්තක අංශයක්

 

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ පුස්තකාලයේ ඉන්දියානු පුස්තක සඳහා පමණක් වෙන්වු අංශය විවෘත කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විය. දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය කමල් පෙරේරා මහතාගේ දේශනයකින් උත්සවය ආරම්භ විය.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කරුණාරත්න මහතාත් සහභාගි වූ අතර ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේගේ මහතාගේ ප්‍රධානත්වයෙන්ද කොළඹ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරි කේ.ඒ.එස්.එඩ්වඩ් මහතාත් කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන පුස්තකාලයාධිපතිනි සජීවනී ඩී. සෝමරත්න මහත්මිය අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පීඨයේ වෛද්‍ය සිසුන් මේ අවස්ථාවට සහභාගි විය. පුස්තකාලයේ ඉන්දියානු පුස්තක අංශය සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් පොත් 130කට අධික සංඛ්‍යාවක් පරිත්‍යාග කරන ලදී.

 

ලෝක ආයුර්වේද දිනය වෙනුවෙන් පවත්වන සමාරම්භක උත්සවය

 

ලෝක ආයුර්වේද දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවය පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. මෙම උත්සවය සඳහා ඉන්දීය නියෝජ්‍ය මහාධිකරණ වෛද්‍ය සත්‍යංජල් පාණ්ඩේ මහතාගේ සහභාගිත්වයෙන්ද ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන්ද මෙය පැවැත්වූ අතර දේශීය වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ද ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍යවරුන්ද ශ්‍රීලංකාවේ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසු සිසුවියන්ද ශ්‍රී ලංකාවේ ධ්ඛ්ඛ්අ (ඉන්දියානු සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සීලයේ) වෛද්‍යවරුන් ද ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය. මෙය ලෝක ආයුර්වේද දිනය වෙනුවෙන් පවත්වන ලද අට වෙනි උත්සවයයි.

 

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.