පිළිකා පිළිබඳ දැනුම්වත් කිරීමේ පාගමනක්

ඔක්තෝබර් 27, 2023

වර්තමානයේ ජනතාව මුහුණ දෙමින් සිටින ළමා පිළිකා ව්‍යසනය මර්දනය කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් සිංහ සමාජ 306 බී 02 කණ්ඩායම විසින් සංවිධානය කළ දැනුවත් කිරීමේ පාගමනක් කුරුණෑගල දී පැවැත්වුණි .

කුරුණෑගල ආයුර්වේද රෝහල අසලින් ඇරැඹි පාගමන, මග දෙපස ජනයා පිළිකා රෝගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා ද බෙදා දෙමින් මේ ළමා පිළිකා හා පියයුරු පිළිකා මර්දනය දැනුම්වත් කිරීමේ පා ගමන වෙලගෙදර ක්‍රීඩාංගණය දක්වා පැමිණ එහිදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි .

මහනුවර ඉඳුරුදූවේ ධම්මජීව හිමියන්, මහරගම අපේක්ෂා රෝහලේ ළමා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා , දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය , ප්‍රජා සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍ය සුමේධ ඥානරත්න මහතාද , මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ. අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික් සිංහ සමාජය විසින් පිළිකා ආසාදිත පවුල් සඳහා ආධාර පිරිනැමීම ද තවදුරටත් සිදු කෙරිණි.

දැනුම්වත් කිරීමේ පා ගමන සඳහා සර්ව ආගමික නායකයන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය, කුරුණෑගල ශික්ෂණ රෝහල, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, රතු කුරුස සංවිධානය, ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන රැසක්ද එක්ව සිටියහ.

සිංහාධිපති අනුර කේ.දිසානායක මහතාගේ උපදෙස් අනුව, කුරුණෑගල දිස්ත්‍රික් සිංහ සමාජයේ දිස්ත්‍රික් කමිටු ප්‍රධානී වෛද්‍ය ඉසුරු විජේරත්න මහතා ඇතුළු සිංහ සමාජ නිලධාරීන් හා සාමාජිකයන් විසින් වැඩසටහන සංවිධානය කෙරිණි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.