පොදු ජනතාවට සෙත් පතා බලියාග ශාන්ති කර්මයක්

ඔක්තෝබර් 27, 2023

එදා ලංකාවේ සිටි වෙදැදුරන්, යකැදුරන්, යන්ත්‍ර මන්ත්‍ර කරුවන්, තොවිල් පවිල් කරන්නන්, ගමේ දොස්තරවරු ලෙස සැලකිණි. හෙළ වෙදකම, ගුරුකම, කෙම් ක්‍රම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලියාග ශාන්ති කර්ම මඟින් මේ ගම්මානවල වැසියන් ලෙඩ රෝගවලින් මුදවා ගනු ලැබීය. ඔවුන් මේ සඳහා ගාස්තුවලින් තොර ඉමහත් සේවයක් කරන ලදී. දිඟාමඩුලු පුරවරයේ බලියාග පිළිබඳව මනා අත්දැකීම් රාශියක් ලබා ඇති බලියාග ශාන්ති කර්ම සිදුකර කීර්තිමත් නාමයක් දිනා සිටින වෙල්ලස්ස බිබිලේ හරමානිස් ගුරුන්නාන්සේගේ පරපුරේ අවසන් පුරුක මෙන්ම තවමත් ඉඳහිට මේ ශාන්තිකර්ම කලාවට පණ දෙන එල්. ඒ. ආරියරත්න පුංචිගුරුන්නාසේ විසින් හිඟුරාන පැරණිගම ඔහුගේ නිවසේදී ශ්‍රී ලංකාවාසී පොදු ජනතාවට සෙත ශාන්තිය උදාවේවායි යන ප්‍රර්ථනාව සහ වැස්ස වලාහක දෙවියන්ගේ ආශිර්වාදයෙන් නියඟයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් වැස්ස ලැබේවායි යන පැතුමෙන් ආශිර්වාද බලියාග ශාන්ති කර්මයක් පසුගිය 15දා සිට 16දා සවස් වන තුරු ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම ආශිර්වාදාත්මක බලියාග ශාන්ති කර්මය සිදු කිරිම සඳහා වෙල්ලස්ස බිබිලේ හරමානිස් ගුරුන්නාන්සේගේ පරපුරේ එල්. ඒ. බී. උපේනිස් එල්. ඒ. බී. මිත්‍රපාල එල්. ඒ. බී. රන්දුනු ශ්‍රී අතුරුපාන එල්. ඒ. බී. සේනාරත්න උදයංග එල්. ඒ. බී. සේනාධීර උදයංග එල්. ඒ. බී. නන්දජීව කල්පගේ සහ ඒ. ජී. උපාලි රණසිංහ යන කලාකරුවන් විසින් මේ ශාන්ති කර්මය ඉදිරිපත් කෙරිණි.

(දමන සමුහ - කේ.ඒ.මෛත්‍රීපාල) 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.