පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට

නොවැම්බර් 10, 2023

රුපියල් කෝටියක වියදමින් සංවර්ධනය කළ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම කැලණිය සම්බන්ධීකරණ කමිටු සභාපති නීතිඥ සිසිර ජයකොඩි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ. පෑලියගොඩ ප්‍රදේශයේ ජනතාවගේ නිරෝගී සුවය උදෙසා ක්‍රියාත්මක මේ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය රෝගී සත්කාර සේවාවන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් එම ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වී ඇති බව අමාත්‍යතුමන්ට ලද තොරතුරකට අනුවල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය විශේෂ මැදිහත්වීම මත රුපියල් ලක්ෂ 50 ක බස්නාහිර පළාත් ප්‍රතිපාදන සහ පෑලියගොඩ නගර සභා ප්‍රතිපාදන මත මේ පෑලියගොඩ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පහසුකම් සංවර්ධනයට පියවර ගෙන තිබේ. එමෙන්ම උව්ධ්ඛ්ඡ්ජ් සංවිධානයේ රුපියල් ලක්ෂ 40 ක ප්‍රතිපාදන මත අනෙකුත් සියලු අංගයන් සම්පූර්ණ කිරීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර තිබේ. ඒ අනුව මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානල ඖෂධ ගබඩාවල ඖෂධ නිකුත් කිරීමේ ස්ථාන වැඩිහිටි සායන මධ්‍යස්ථානය ඇතුළු සියලු අංශ සංවර්ධනය කර තිබෙන අතර එමගින් පෑලියගොඩ, තොටළඟ, නෙල්ලියවත්ත ආදී ප්‍රදේශ රැසක ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව උදා වී තිබේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.