අනුර සී. පෙරේරා ‘ප්‍රඥා සම්මානයෙන්’ පිදුම් ලබයි

දෙසැම්බර් 1, 2023

හැටේ දශකයේ සිට මේ දක්වා තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව අප රටේ ප්‍රචලිත කිරීමේ විශිෂ්ට මෙහෙවර ඇගයීම වස් පසුගිය දින මතුගම ‘ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ’ දී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර පදනම’ මඟින් සංවිධානය කෙරුණු එතුමාගේ 139 වැනි ගුණානුස්මරණ උත්සවයේදී, ප්‍රවීණ තාරකා විද්‍යාඥ සහ විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා මහතා වෙත ‘ප්‍රඥා සම්මානය - 2023’ ප්‍රදානය කිරීමට යෙදුණි.

මේ උත්සව අවස්ථාවට සම්භාවනීය අමුත්තන් සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි වූ අතර, එහිදී සමාජ බලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් විසින් ‘ප්‍රඥා සම්මානය’ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා වෙත පිරිනැමූ අයුරුයි මේ. මෙම අවස්ථාව සඳහා කන්නන්ගර ගුණානුස්මරණ කමිටුවේ සභාපති විමල් වික්‍රමතන්ත්‍රී සහ චම්පික ගුණසේකර, රංගීතා බාලසූරිය, සහන් රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.