වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සර්වාංග වෛද්‍ය පාඨමාලාව නොමිලේ
සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනයට අනුබද්ධිත තෙළගපාත දේශීය වෛද්‍ය නිපුණ ආයතනය හා ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන දේශීය වෙදකම හැදෑරීමේ සිව් අවුරුදු පාඨමාලාව සඳහා 2025 වසරට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා 2024/12/20 දින දක්වා අයදුම්පත් බාරගනු ලැබේ. වයස අවුරුදු 18-45 අතර අයදුම්කරුවන් ස්වකීය සුදුසුකම් ඇතුළත් කර දුරකථන අංකයද සටහන් කර අයදුම් පත්‍රයක් ලේකම් සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය, අග්‍රබෝධි මූල මහා විහාරය දුම්රියපොළ අසල, කැලණිය යන ලිපිනයට ලැබීමට සලස්වන්න. 2025 ජනවාරි මස13 වන පොහොය දින සම්මුඛ පරීක්ෂණය සහ අත්පොත් තැබීම ද එදින නොමිලේ පන්ති ආරම්භ කිරීමටද බලාපොරොත්තු වේ.