කිරිකළ පෙරහර

අගෝස්තු 11, 2023

මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14 වැනි දින කාවඩි පෙරහර සහ ගිනි පෑගීමේ උත්සවය ද කෝන්ගහවත්ත උත්සවය ද 15 වන දින පෙරවරු 9.00ට නිල්වලා ගංගාවේ දිය කැපීමේ උත්සවය ද එදින පස්වරු 6.00ට හනුමන්තා පූජාවෙන් පසුව බහිරව පූජාව ද පැවැත්වේ.

මේ දේවස්ථානයේ කොඩි එසවීම 11 වැනි දින උත්සවාකාරයෙන් සිදු වෙන අතර, කිරිකළ පෙරහර පැවැත්වෙන දින සංඝාභිෂේක යනුවෙන් හඳුන්වන හක්ගෙඩි පූජාව ද පැවැත්වේ. මේ සංඝාභිෂේක පූජාව සමන්ත සේපාල සහ තිලකරත්න ප්‍රභාත් මධුසංඛ යන බැතිමතුන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන අතර, මේ උත්සව පැවැත්වෙන සෑම දිනකම මහේෂ්වර පූජාව ද පැවැත්වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.