නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර

අගෝස්තු 11, 2023

නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 වැනි දින සිට සුබ මොහොතින් ආරම්භ කෙරේ.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කල්‍යාණ සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමි පදවි ප්‍රාප්ත ශ්‍රී සුගතබිම්බාරාම රජමහා විහාරාධිපති අතිපූජ්‍ය පාද මල්වානේ පඤ්ඤාසාර නාහිමි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ද ඩබ්ලිව්. මාරලන්ද බණ්ඩාර ප්‍රධාන කපුමහතාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන අතර, අගෝස්තු මස 19 වැනි දින කුඹල් පෙරහර ද 20 සහ 21 වැනි දින මල් පෙරහර ද 23, 24,25 දිනවල පාවඩ පිට පෙරහර ද 26,27,28 දිනවල ගොන්පිට පෙරහැර ද 30,31,01 අලිපිට රන්දෝලි පෙරහර ද, සැප්තැම්බර් 02 වන දින රාත්‍රියේ තුන්වේල රාත්‍රි මහා පෙරහර අත්‍යාලංකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. සැප්තැම්බර් මස 03 වැනිදා දහවල් දිය කපා ගෙවදින මහා පෙරහර රණාල සුදෑවිල මැණික් තොටුපලේ සිට දේවාලය දක්වා සංචාරය කෙරේ. සැප්තැම්බර් මස 09 වැනි දින රාත්‍රියේදී ගිණිමඩු උළෙල සිදු කරනු ලැබේ. නවගමුව දේවාලයේ සතර පේරුවේ දායක සභාව විසින් මෙහි සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.