කදිර දිව්‍යරාජ චිත්‍රපටය වෙනුවෙන් කඳකුමරුට පූජෝපහාර

අගෝස්තු 11, 2023

 

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ සිනමා පටය තිරයට මුදා හැරීමට ප්‍රථම පසුගිය දින කඳසුරිදුන්ට පූජෝපහාර පැවැත්විණි. ඒ සඳහා නිෂ්පාදක ආචාර්ය රවී ලියනගේ, සංගීත අධ්‍යක්ෂ ආචාර්ය රෝහණ වීරසිංහ, කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය ඇතුළු භාරතීය රංගන ශිල්පීන් වන සමර් වර්මානි සහ සොනක්ෂි සිං රාවත් මෙන්ම සිනමා පටයට දායක වු නිල්මිණි තෙන්නකෝන්,රොෂාන් පිලපිටිය,චරිත් අබේසිංහ, ඇතුලු කාර්මික ශිල්පින් එක්වූහ.

සටහන, සේයාරුව - නිශ්ශංක විජේරත්න

----------------------

කැලයේ ඉපිද කැලයට පර නොවුණේයා
බෝසත් කුලේ ඉපදුණු පින් මහිමේයා
පන්සල කෝවිල ද වෙනසක් නොමවේයා
කාටත් පවස එක නොවැ? සුදු මහත්තයා

අරුණි මුතුමලී

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.