වරලක්ෂ්මි පූජා පෙළක්

අගෝස්තු 18, 2023

කොළඹ කොටහේනේ පිහිටි ශ්‍රී පත්තිනි මෑණියන්ගේ දේවස්ථානයක් වන මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ මේ මස 23 වන දින වරලක්ෂ්මි පූජාව පැවැත්වේ. විවාහ නොවූ කාන්තාවන් ඉක්මනින් විවාහ වීමටත් විවාහක කාන්තාවන් තමාගේ ස්වාමිපුරුෂයාට දීර්ඝායුෂ පතා සැප සම්පත් ලබා ගැනීමටත් සුමංගලී පූජාව වන වරලක්ෂ්මි පූජාවට සහභාගි වන අතර, ශ්‍රී ලක්ෂ්මි මෑණියන්ගේ ආශීර්වාදය පතා හින්දු ආගමික දේවස්ථානවල සෑම අවුරුද්දකම අගෝස්තු මස සිකුරාදා දිනයක මේ වරලක්ෂ්මි පූජාව ඉතා අලංකාරව පැවැත්වේ.

ඊට අමතරව ආමර්වීදියේ පැරඩයිස් ප්‍රදේශයේ පිහිටා ඇති ශ්‍රී කාලි මෑණියන්ගේ දේවස්ථානයේදී වරලක්ෂ්මි පූජාව මේ මස 23 වන දින පැවැත්වෙන අතර මීට සමගාමීව වත්තල ශ්‍රී කතරගම දේවාලයේ දේවස්ථානය වන ශ්‍රී ශිව සුබ්‍රමනියන් දේවස්ථානයේ දී 25 වැනි දින ද වරලක්ෂ්මි පූජාව පැවැත්වේ.

 

ආයුර් එක්ස් කලම්බු 2023 සැප්තැම්බර් මාසයේ

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ කැප වූ ලොව පුරා ප්‍රවීණයන්, වෘත්තිකයන් සහ පාර්ශ්වකරුවන්ට සුවිශේෂී වේදිකාවක් නිර්මාණය කර දීමටත් දේශීය වෛද්‍ය ක්‍රමවල අභිවෘද්ධියට අති විශාල අවස්ථා සැලසීම වෙනුවෙනුත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කෙරෙන ආයුර් එක්ස් 2023 (ඒරභප ඡ්ය 2023) සමුළුව සැප්තැම්බර් මස 08,09,10 තෙදින තුළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසර ජයකොඩි මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, එම ආයතනයේ ප්‍රධාන කාර්යාල සුබසාධක සංගමය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය එක්ව රාජ්‍ය අරමුදල් භාවිතයෙන් තොරව මේ සමුළුව සංවිධානය කරනු ඇත.

දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ නවීන පර්යේෂණ එළිදැක්වීම්, නව නිපැයුම් පිළිබඳ විශේෂඥ දැනුම සහ කුසලතා බෙදා හදා ගැනීම සඳහා ගෝලීය වේදිකාවක් නිර්මාණය මෙහි අරමුණ වේ.

 

දෙමටගොඩ සිත්ති විනියාගර් කෝවිලේ වාර්ෂික උත්සවය

 

දෙමටගොඩ සිත්ති විනයාගර් කෝවිලේ වාර්ෂික මහා උත්සවය මේ මස 23 වන දින උදේ 10.00 ට පැවැත්වේ. එදින උදේ 10.00ට අභිෂේගම් උත්සවයද 24 වන දින අෂ්ට අයිස්වරිය ලක්ෂ්මි පූජාවද, එදින සවස කාන්තාවන් වෙනුවෙන් පවත්වන සුමංගලී පූජාවද 25 වන දින උදේ එළදෙනුන් සඳහා පවත්වන ගෝපුර පූජාවද පැවැත්වේ.

 

 

පිහිට පතයි

 

මීරිගම හරහා කලු අග්ගල, පහළ මඩිතියවල, අංක 40 හි පදිංචි ඩබ්ලිව්. කවිඳු දිල්ෂාන් මහතා වකුගඩු රෝගයෙන් පීඩා විඳී. ඔහුට ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කර ගන්නා ලෙසට කුරුණැගල ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය නාලක හේරත් මහතා නිර්දේශ කර තිබේ. ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් 0757784741, 0783694427, 0770502270 දැනුම්දෙන ලෙස ඉල්ලා සිටී.

 

 

 

ජයන්ති කුරේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.