රට වටා පෙරහර සිරි

අගෝස්තු 4, 2023

 අනුරාධපුර ‌⁣ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

 

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර පෙරහැර 27 වන වරට පැවැත්විණි. අනුරාධපුර ජය ශ්‍රී බෝධීන් වහන්සේගේ නැගෙනහිර වාහල්කඩ අභියස දී අටමස්ථානය විහාරාධිකාරී නාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාද මධ්‍යයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව හස්තිරාජයා මත කරඩුව තැන්පත් කිරිමෙන් පසුව පෙරහැර ආරම්භ විය.

ඒ අනුව ජය ශ්‍රී මහා බෝධිය අසලින් ආරම්භ වූ පෙරහැර රුවන්වැලි සෑ පෙත්මග ඔස්සේ පැමිණ පැරණි දළදා මාළිගාව අසල දී ආගමික වතාවත් පවත්වා අනුලා මාවත ඔස්සේ අභයගිරි විහාරය දක්වා ගමන් කළේ ය. පෙර වසරවල දී මෙන්ම පෙරහරට විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසක් එක්කර තිබුණ. උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශය , පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකාබද්ධව මෙවර ත් සිදු කෙරිණ.

සටහන හා ජායාරූප - අනුරාධපුර අතිරේක

අමිල ප්‍රභාත් වනසිංහ

 

මහ සමන් දේවාලයේ පෙරහර

ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ 798 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා පෙරහැර පසුගියදා (01) රාත්‍රියේ දී අති උත්කර්ෂවත් අන්දමින් වීදි සංචාරය කර ඊයේ දින (2) චාරිත්‍රානුකූලව සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් පසු දහවල් පෙරහර කොටාඹේ ප්‍රදේශයේසිට දේවාලයට පැමිනීමෙන් පසු අවසන් විය. විචිත්‍රවත් සංස්කෘතික අංග උඩරට හා පහත රට නැටුම් රැසකින් හා අලි ඇතුන් 25 දෙනෙකුගේ පමන සහභාගිත්වයෙන් මෙවරපෙරහර පැවැත්විණි.

දෙවිනුවර ‌ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ පෙරහර

දෙවිනුවර ‌ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 766 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ හා ගැටබරු රජ්ජුරු බණ්ඩාර මහා දේවාලයේ 67 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැර ඊයේ (01) සවස චාරිත්‍රාණුකූල නැකැත් අනුව සුබ මොහොතින් වීථිසංචාරය ආරම්භ කෙරිණි.

දෙවිනුවර රන්දෝලි මහා පෙරහැර සඳහා උඩරට, පහතරට, සබරගමු නව නිර්මාණ නැටුම් ඇතුලත් නැටුම් කණ්ඩායම් 45 ක් හා අලි ඇතුන් 12 දෙනෙකුගෙන් සමන්විත අලිපන්තියක් ද එක්කර තිබුණි. ශ්‍රී දළදා මාලිගාවේ සංහරාජා හස්තියා සාධාතුක කරඩුව වැඩමවූ අතර යක්කල ගජභා හස්තියා දේවාභරණ වැඩමවීම සිදුකරන ලදි.

ගැටබරු පෙරහැර මංගල්‍යයේ රන්දෝලි මහා පෙරහැරේ සධාතුක කරඬුව වැඩමවන ලද්දේ කතරගම වාසනා හස්තියා විසිනි. මෙවර ගැටබරු රන්දොලි මහා පෙරහැරේ දේවාභරණ වැඩම්මවන ලද්දේ කෝට්ටේ රාජ හස්තියා විසිනි.

 

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

 

සෝමවතිය දළදා පෙරහර

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂික පවත්වන පොසොන් මහා පෙරහරට පමණක් දෙවැනි වන සෝමවතිය දළදා පෙරහර මෙවරත් අත්‍යාලංකාරයෙන් පැවැත්විණ.

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානත්වයෙන් අගෝස්තු පළමුවැනිදාට යෙදී තිබුණ පොසොන් පොහෝදා සෝමාවතිය පුදබිම කේන්ද්‍ර කොටගෙන පැවති මෙම දළදා පෙරහර සාර්ථක කර ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය ආයතන හා දානපතියන්ගේ සහයෝගය පෙර පරිදි මෙවරත් ලැබී තිබිණි. පෙරහර නැරැඹීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ.

 

එච්. එල්. ද සොයිසා ලංකාපුර සමූහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.