කඩවර යක් කංකාරියක්

අගෝස්තු 25, 2023

 

අතිශය දුර්ලභ ශාන්තිකර්ම විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කඩවර යක් කංකාරියක් සැප්තැම්බර් මස 02ට යෙදෙන සෙනසුරාදා සවස 4.00 සිට නිකවැරටිය ඇලවක රත්න කඩවර දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය සමන් කුමාර කපුවත්ත කපුමහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කෙරේ.

-----------------------

වාර්ෂික නානුමුර මංගල්‍යය

මහවැව - මාලිගාවත්ත කුරුලු උයන තනියවල්ලභ පුරාණ දේවාලයේ වාර්ෂික නානුමුර මංගල්‍යය 2023 සැප්තැම්බර් 8 සහ 9 යන දෙදින තුළ පැවත්වීමට දේවාල සංවර්ධන කමිටුව කටයුතු යොදා ඇත. 9 වන දින දහවල් ප්‍රදේශයේ දුගී මගී යාචකයින් වෙත දානය පිරිනමනු ලබයි.

මාදම්පේ සමූහ - ඒ.පී ගුණරත්න

--------------------------------

මුන්නේෂ්වරම් දේවස්ථානයේ විශේෂ පූජාවක්

 

ඉතිහාසගත වූ මුන්නේෂ්වරම් දේවස්ථානයේ විශේෂ පූජාවන් සහ උත්සවය කොඩි එසවීමෙන් පසුව ආරම්භ විය. මේ මස 23 වන දින සිට 25 වන දින දක්වා රාත්‍රී 7.00ට ගිනි පෑගීමේ උත්සවයද 27 වන දින වෙට්ටෙයිතිරුවිලා යනුවෙන් හඳුන්වන දඩයම් කිරීමේ උත්සවයද 29 වන දින රදම් උත්සවයද 30 වන දිනය දිය කැපීමේ උත්සවයද 01 වෙනි දින සවස බහිරව පූජාවද පැවැත්වේ. කොඩි එසවීමෙන් පසුව දිනපතා ශිව දෙවියන්ට විශේෂ පූජාවන් දවස් 28ක් පුරා පැවැත්වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.