ශ්‍රී විෂ්ණු දෙවියන්ට විශේෂ පූජාවක්

සැප්තැම්බර් 1, 2023

කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්‍රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. සැප්තැම්බර් මස 07 වැනි දින සවස 6.30ට ආර්ය ක්‍රිෂ්ණා සංගීත නර්තන විදුහලේ ඉගෙන ගන්නා දරුවන්ගේ සංස්කෘතික වැඩසටහනක් පැවැත්වෙන අතර එදින රාත්‍රියේ 11.00 සිට මධ්‍යම රාත්‍රියේ 12.00 දක්වා ශ්‍රී විෂ්ණු දෙවියන්ට විශේෂ පූජාවක් පැවැත්වෙන අතර එදින සවස 7.00ට ලෝක ප්‍රසිද්ධ ඉන්දීය නර්තන කලාකරුවන් වන හරී සහ සේතනා යන දෙදෙනාගේ නර්තනයක් පැවැත්වේ.

හය වැනි දින උදේ 5.30ට මංගල ආරාති ගුරුපූජාව පැවැත්වේ. පූජාවන් අවසානයේ දී සියලු බැතිමතුන් සඳහා සංග්‍රහයක් පැවැත්වේ.

 

ශ්‍රී ගණපති දේවස්ථානයේ උත්සවයක්

 

කොළඹ දෙමටගොඩ බේස්ලයින් පාර මහවැලි පටුමඟේ ශ්‍රී ගණපති දෙවියන්ගේ දේවස්ථානයේ උත්සවය මේ මස 09 වැනි දින උදේ 7.30ට පැවැත්වේ. මෙය ගණපති දෙවියන්ගේ පූජාවෙන් ආරම්භවන අතර එදින සිට 19 වැනි දින දක්වා උදේ සහ හවස ශ්‍රී ගණපති දෙවියන්ට විශේෂ පූජාවන් කර නමස්කාරය පැවැත්වේ. 18 වැනි දින උදෑසන 7.30ට කිරිකළ පෙරහරද හක්ගෙඩි පූජාවද පවත්වා එදින සවස 4.00ට රදම් උත්සවයද 19 වැනි දින උදෑසන 8.30ට දියකැපීමේ උත්සවය පැවැත්වෙන අතර එදින සවස 4.00ට ශ්‍රී කාලිමෑණියන්ට විශේෂ පොන්ගල් පූජාවක් ද පැවැත්වේ. 20වැනි දින සවස 6.30ට බහිරව පූජාව සමඟ වාර්ෂික උත්සවය නිම වේ. සියලු පූජාවන් අවසානයේ දී සංග්‍රහයක් පැවැත්වේ.

 

වසර 12කට වරක් පවත්වන මහාකුම්බාභිෂේකය

 

ඇල්පිටිය ඇත් කඳුර තිබිදුර වතුයායේ ශ්‍රී පත්තිනි මෑණියන් වන මුත්තුමාර් අම්මාන් දේවස්ථානයේ මහාකුම්බා භිෂේක උත්සවය මේ මස 02 වැනි සෙනසුරාදා ආරම්භ කෙරේ. එදින ශිව දෙවියන්ට පැවැත්වෙන ඕමන් පූජාව සමඟ මේ මහාකුම්බාභිෂේක උත්සවය පැවැත්වෙන අතර 03 වැනි දින එන්නාකාපු යනුවෙන් හැඳින්වෙන දෙවියන්ට තෙල් ආලේප කිරීමේ උත්සවය පැවැත්වේ. 04වැනි දින මහාකුම්බාභිෂේක උත්සවය උදේ 8.00 සිට සවස 6.00 වනතුරු පැවැත්වෙන අතර කුම්භාභිෂේකයෙන් පසුව මහේෂ්වර පූජාව පැවැත්වේ.

අවුරුදු 12කට වරක් පවත්වන මේ කුම්බාභිෂේක උත්සවයට සිංහල බෞද්ධ ජනතාවගේ නොමසුරු සහයෝගය ලැබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.