සතිමත්භාවය සති පාසල් සංකල්පය නමින් නව වැඩපිළිවෙළක්

අගෝස්තු 11, 2023

දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් රටේ අනාගතය වන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බිහි කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව “සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය” නමින් පාසල් ළමයින් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා තිබේ.

පාසල් ළමයින් මත්ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් දුරාචාරයන් උදෙසා යොමු වීම වළක්වාලීම, මනා විනයකින් සහ හික්මීමකින් යුත් පරපුරක් බවට පත් කරලීම උදෙසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ. මෙහි මූලික අදියර බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබන අතර ඒ සඳහා දායක වන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් උදෙසා සතිමත්භාවය ඇති කිරීම පිළිබඳ භාවනා යෝගී පුහුණුව ලබා දීම දෙකටන, බවුන්සෙත් මානසික සුව සෙවණේදී පූජ්‍ය දියසෙන්පුර විමල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පසුගිය දා සිදු කෙරිණ.

එම අවස්ථාවට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්, බස්නාහිර පළාත් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.