රජ අණ ඉටුකර දෙවියන් ගේ වෙලේ විි සහල් රැගෙන එති

ජුනි 23, 2023

 

ක්‍රි .පු. 161-137 අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් වර්තමාන කතරගම දේවාලය ඉදිකර ලද දුටු ගැමුණු රජතුමා ගේ අණ අකුරටම ඉටු කරමින් තවලම (18) වැනි දින කතරගම පුජා භුමියට පැමිණියහ. බුත්තල පැල්වත්ත දෙවියන් ගේ වෙලේ විි රැගෙන ගවයින් බැදි තවලම මගින් බුත්තල .ගෝනගංආර.යාල අංක 02 කලාපය ගල්ගේ මාර්ගය ඔස්සේ කතරගම දේවාලය වෙත මෙම තවලම පැමිණ දෙවියන් ගේ විි ගබඩාවට විි ලබා දෙන ලදී .

අදමෙන් අතිිතයේ ප්‍රවාහන පහසුකම් සහ මාර්ග පද්ධති නොතිබුණි. වර්තමානයේ කාපට් කරන ලද මාර්ග ඇතුළු පහසුකම් පවතියත් අදට වසර 2245 කට පෙර දෙවියන් ගේ වෙලේ විි රැගෙන පැමිණියේ ගවයින් බැදි තවලම මඟිනි. එදා සිට අද දක්වා සැම ඇසළ මංගල්‍යයකදිම මේ අයුරින් තවලම පැමිණී ම සිදුවේ. දේවාලයේ මහබේත්මේ සහ කුඩා බේත්මේ ලේකම්වරුන්ට අයත් තවලම් මොහාන් දිරම් දෙදෙනකු ගේ බාරයේ මෙම තවලම මගින් විි සහල් රැගෙන විත් දේවාලයේ විි ගබඩාවට ලබා දිම සිදුවේ. එසේ රැගෙන එන විි ආලත්ති අම්මා මගින් මෝල් ගස්වලින් කොටා සහල් බවට පත් කර දෙවියන් ගේ දානය තැබිම සිදුවේ.

 

කතරගම සමූහ කේ ඩි දේවප්‍රිය

 

දෝමිණ ඡ්‍යොතිර්විද්‍යා පදනමේ මාසික රැස්වීම

 

 

 

දෝමිණ ඡ්‍යොතිර්විද්‍යා පදනමේ මාසික සභා රැස්වීම එළැඹෙන 25 වැනි රිවි දින පෙ.ව 09:30 ට එම ආයතනයේ දේශන ශාලාවේ දී පැවැත්වේ. එහිදී ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී නිලූෂා මේඩිස් මහත්මිය විසින් “මිනිස් දිවියට ආලෝක ග්‍රහයන්ගේ බලපෑම” යන මැයෙන් ද ඡ්‍යොතිර්වේදී ධනුජය රණසිංහ විසින් “ගජ කේසරී යෝගයේ බල මහිමය” යන මාතෘකා යටතේ දේශන ද පැවැත්වීමට නියමිත බව පදනමේ ලේකම් ධනුජය රණසිංහ සුබසෙතට දැන්වීය.

 

ජයන්ති කුරේ

 

 

වෙදැදුරු අබිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උළෙල

 

දේශීය වෛද්‍ය ක්‍රමය නංවාලීම උදෙසා දේශීය වෛද්‍යවරුන් අගයමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කෙරුණු වෙදැදුරු අභිමන් ජනාධිපති වෛද්‍ය සූරී සම්මාන ප්‍රණාම උලෙළ පසුගිය 20 වැනිදා අඟහරුවාදා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එහිදී සුදුසුකම්ලත් පාරම්පරික වෛද්‍යවරුන් හැටදෙදෙනකුට සහ ආයුර්වේද වෛද්‍යවරුන් හැටදෙදෙනකුට ගෞරව සම්මාන සහ සහතික ප්‍රදානය කෙරිණි.

 

 

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.