වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දිවි සුරකින ඖෂධීය ශාක
ඔක්තෝබර් 29, 2021
ආඩතෝඩ
පාවට්ටා යන නමින්ද හැඳීන්වෙන ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ උස්ව වැවෙන පඳුරු විශේෂයකි. මෙහි ලන්සාකාර පත්‍ර අඟල් 6 -12 අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර රෝස පැහැති රේඛාවක් සහිත සුදු පැහැති මල් හට ගනී. ඵලය කුඩාය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැතිවම බැරි ඖෂධයකි. ආඩතෝඩ ගසේ කොළ, මුල්, පොතු, මල් හා නැටි යන අංග පහම තැවිලි , වමන, ප්‍රමේහ, කුෂ්ඨ රෝග, සඳහා ඖෂධ ලෙස ගනී.
අළුබෝ
ඉරලඨරඪභථ ථචඬභත යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අළුබෝ ජම්බු කුලයට අයත් ශාකයකි. මෙහි සිනිඳු පොත්ත අළුපාටය. කුඩා මල් සුදුය. අළුබෝ පත්‍ර තරමක් විශාලය. ඵලය දම්පාටය. අඟල් භාගයක් තරම් කුඩාය.ශ්‍රී ලංකාවට ආවේණික පැළැටියකි.
අරූද
යුරෝපය නිජබිම කරගත් කුඩා ශාකයක් වන අරූද ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ අභබච ඨපචමඥධතඥදඵ ය. ඉතා තද ගන්ධයක් පවතී. යුනානි වෙදකමේදී බහුලව භාවිත වේ. අර්ධ පඳුරුමය බහුවාර්ෂික ශාකයක් වන අරූද අඩි 2 -3 පමණ උසය. තද කොළ පැහැ අරූද පත්‍ර සිලින්ඩරාකාරය. ක්‍රමවත් ද්විලිංගික පුෂ්ප කහ පැහැතිය. පලය, අළු දුඹුරු පැහැති ස්පෝටිකාවකි. ඒ තුළ කෝණාකාර බීජ රාශියක් පිහිටා ඇත. සම්පූර්ණම ශාකය ඖෂධ සඳහා යොදා ගනියි. වාත, ශාමක, ශ්ලේස්මල කාරක ගුණ දරයි. පණුවන් හා විෂබීජ නසයි. සීතල දුරු කරයි. යුරෝපය ජන්ම භූමිය වන අරූද ශාකය ඉරාකය ආශ්රිත රටවල දක්නට ලැබේ. ලංකාවේ හා ඉන්දියාවේද මෙය වගා කරනු ලබයි. අඩි 2000 ට වඩා උස ප්‍රදේශවල සරුවට වැඩෙයි.
අත්තන
සොලනාසේ කුලයට අයත් අත්තන ශාකය අඩි දෙකක් පමණ උසට වැඩේ. ඉතා සියුම් බූවක් කඳ වටා දැකිය හැකිය. පත්‍රවලද බූව පවතී. පත්‍ර දිගය. විශාල මල් සුදු පැහැතිය. ඇතැම් අත්තන විශේෂවලමල් දම් පැහැතිය. මලේ හැඩය පුනීලයක් මෙනි. කටු සහිත ගෙඩි කොළ පාටය.ඵලය තුළ බීජ පවතී.කොළ හා ඇට ඖෂධ ලෙසගනී. ළපටි කොළවල හා බීජවල ඇට්‍රොපීන් හයොක්සයිබීස් සහ හයෝසීන් නම් වූ ඇල්කොලයිඩ පවතී. ඵල අත්තන කළු අත්තන හා තුන්බෝ අත්තන නමින් අත්තන වර්ග තුනක් ආයූර්වේදයේ දක්වයි. කුෂ්ඨ වර්ග, සෙම හා විෂ වේදනා සඳහා අත්තන ගුණ බව ආයූර්වේදයේ සඳහන් වේ. හන්දි ඉදිමුමටද අත්තන කොළ ඖෂධ ලෙස ගනී. ගසේ පංචාගයම ඖෂධ ලෙසගනී.
අරළු
කොම්බබුටාසේ කුලයට අයත් අරලු ගස මධ්‍යම කඳක් සහිත ශාකයකි. ගසේ සෑම දිශාවටම අතු ඉතිවිහිදී පවතී. ගසේ පොත්ත ඝණකම්ය. දිග පත්‍ර අඟල් 3 -5 ක් පමණ වේ. කහ පාට මල් කුඩාය. අරළු ඇට ඉතා තදය. විජයා, රෝහිණි , පුතනා, අමෘතා, අභයා, ජීවන්ති, චේතකි යනුවෙන් අරළු වර්ග සතක් පිළිබඳව ආයූර්වේදය සඳහන් වේ. අරළු උෂ්ණය, බඩගිනි වඩවන සුලුය. ආයුෂ වර්ධනය වීමටත් මිනිස් සිරුරට වැළදෙන රෝගාබාධ විශාල සංඛ්‍යාවකට ඔසුවක් බවත් සඳහන්ය. අරළු සපා වැළදීමෙන් කුසගිනි වැඩෙයි. අඹරා වැළදීමෙන් මළ පිරිසිදු වෙයි. අරළු භාවිත නොකළ යුතු අය ලෙස ආයූර්වේදයේ සඳහන් වන්නේ දුර්වල අය, ඉතා කෙට්ටු අය, ගර්භනීව සිටින කාන්තාවන් හා පිත් අධික අයයි. ලංකාවේ පහතරට හා උඩරට වියළි ප්‍රදේශවල අරළු සුලබව වැවේ.
වෙනිවැල්ගැට
අත් බෙහෙතක් ලෙස සුලබව භාවිතයට ගැනෙන වෙනිවැල්ගැට වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඛ්ධඵජඪදඪභථ ජ්ඥදඥඵබපචබභථ ය. තද හිරු රැස් නොවැටෙන හා වසර පුරා තෙතමන හා උෂ්ණත්වය රදාපවතින ප්‍රදේශවල මෙම ශාකය සරුවට වැවේ. මෑතක් වනතුරුම මිනිසුන් දැන සිටියේ වෙනිවැල් ශාකයේ වියළි කඳේ කොටස් තම්බා පානය කිරීමට යොදා ගන්නක් ලෙසිනි. එහෙත් සැබැවින්ම වෙනිවැල් යනු ඉතා ගුණදායක ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධයකි. අප නොදැන සිටියද වෙනිවැල්ගැට මත් විෂ දුරලන ඖෂධයකි. මත්ද්‍රව්‍ය මඟින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයනට වන හානි අවම කිරීමේ බලය වෙනිවැල්ගැට සතුව ඇත. එසේම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව මෙම ශාකය සතුය. පිටගැස්ම වැළදීම වලකනු පිණිසද වෙනිවැල්ගැට තම්බා පානය කිරීම ගුණය. වෙනිවැල් ශාකයේ ඇති ස්වාභාවික කහ පැහැය සහ කසට බව මුල් කොට ඒවා තැම්බු වතුරින්ථ මුහුණ සේදීම සහ ආලේපන ලෙස භාවිත කිරීම සම පැහැපත් වීමට හේතු වේ. රුධිරය පිරිසිදු කිරීමේ බලය ඇති නිසා වෙනිවැල් තම්බා පානය කිරීමෙන්ද පැහැපත් බව වැඩිකර ගත හැකිය. ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්රිත වනාන්තරවල බහුලව වැඩෙයි.
෴ සබැඳි ලිපි ෴
දේශිය වෛද්‍ය ක්ෂේත්රයේ ස්වර්ණමය යුගය මේවනවිට උදාවී ඇති බවත් ආයුර්වේද පනත සංශෝධනය කිරීමට ලැබීම දේශිය වෛද්‍ය ක්ෂේත්රය ලද ජයග්‍රහණයක් බවත් දේශීය වෛද්...
2023-09-14 18:30:00
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය,අධ්‍යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනයදේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමාගේ ආශිර්වාදය ඇතිව...
2023-09-07 18:30:00
කොළඹ කොටහේන අලුත් හෙට්ටිවීදියේ පිහිටා තිබෙන ආර්යරාම ක්‍රිෂ්ණා දේවස්ථානයේ ක්රිෂ්ණ ජයන්ති උත්සවය මේ මස 6, 7 දිනවල උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ....
2023-08-31 18:30:00
වසර 54ක් පුරා අඛණ්ඩව මෙරට ජනතාව වෙත ජ්‍යොතිෂය, ආයුර්වේදය ප්‍රධාන විවිධ විෂයය ක්ෂේත්‍ර ඔස්සේ දැනුම හා සේවය බෙදා දුන් සුබසෙත පුවත්පතට සම්බන්ධ...
2023-08-24 18:30:00
අතිශය දුර්ලභ ශාන්තිකර්ම විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති කඩවර යක් කංකාරියක් සැප්තැම්බර් මස 02ට යෙදෙන සෙනසුරාදා සවස 4.00 සිට නිකවැරටිය ඇලවක රත්න කඩවර...
2023-08-24 18:30:00
කොළඹ කොටහේනේ පිහිටි ශ්‍රී පත්තිනි මෑණියන්ගේ දේවස්ථානයක් වන මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේ මේ මස 23 වන දින වරලක්ෂ්මි පූජාව පැවැත්වේ. විවාහ නොවූ...
2023-08-17 18:30:00
රටේ අනාගතය වන් පාසල් දූ දරුවන්ගේ මානසික නිරෝගී සුවය ගොඩනැගීම උදෙසා සුවධරණී - සුරුදරුවෝ නමින් මානසික සතිමත්භාවය ගොඩනැගීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්...
2023-08-17 18:30:00
කොම්පඤ්ඤවීදියේ ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහර පසුගිය 09 වැනිදා වීදි සංචාරය කළ අතර අලංකාර කළ වේල් කරත්තය, දෙවියන්ට බාර හාර වීම සහ බාර ඔප්පු...
2023-08-10 18:30:00
මාතර අකුරැස්ස උලන්දාවේ පිහිටි ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් දේවස්ථානයේ ආඩිපෝර කිරිකළ පෙරහර මේ මස 12 වැනි දින පැවැත්වෙන අතර, 13 වැනි දින රදම් උත්සවයද 14...
2023-08-10 18:30:00
නවගමුව පුරාණ ශ්‍රී මහා පත්තිනි දේවාලයේ ඇසළ මහා පෙරහර මංගල්‍යය මේ මස 16 වැනි දින සිට සුබ මොහොතින් ආරම්භ කෙරේ.මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ...
2023-08-10 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් රටේ අනාගතය වන් දරුකැලගේ කායික මෙන්ම මානසික සංවර්ධනය තුළින් නිරෝගී දරු පරපුරක් බිහි කරලීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්...
2023-08-10 18:30:00
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ සිනමා පටය තිරයට මුදා හැරීමට ප්‍රථම පසුගිය දින කඳසුරිදුන්ට පූජෝපහාර...
2023-08-10 18:30:00
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක මා හිමිපාණන් වහන්සේගේ...
2023-08-03 18:30:00
වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි මෑණියන්ගේ දේවස්ථානයේ 36 වෙනි වාර්ෂික උත්සවය මේ මස 07 වන දින උදේ 10.00ට නිරුක්කුරුප්ති උත්සවයද පසු දින සවස 4.30ට...
2023-08-03 18:30:00
කදිරේෂන් පාරේ පිහිටි ශ්‍රී කාටුමාරිඅම්මා දේවස්ථානයේ රදම් උත්සවය මේ මස 07 වැනි දින උදේ 9.30ට පැවැත්වේ.එදින පාන්දර 5.30ට සංග්රාඅභිෂේක ඇතුළු පූජාවන්...
2023-08-03 18:30:00
මේ මස 05 වැනි ශනි දින ප:ව 02:00 ට මොරකැටිය, පන්නිපිටිය, පරම ධම්ම විහාරස්ථ දේශන ශාලාවේදී මාසික සභා රැස්වීම පැවැත්වේ. එදින ප්‍රවීණ ඡ්‍යොතිර්වේදිනී...
2023-08-03 18:30:00