2024.12.28 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 28, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම- ප.ව. 06.04
රාහු කාලය - උදේ 09.16 - 10.44
සුබ දිශාව - උතුර

 

මේෂ

පැවැති අවිවේකී බව මඟහැරී යයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවීමට සිදුවන දිනයකි.

වෘෂභ

උගුර ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත් කරයි. කලට වේලාවට කෑම බීම පවා ගැනීමට අසීරුවන බවක් පෙන්වයි. හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන දිනයකි.

මිථුන

ඉදිරි සැලසුමක් වෙනස් කරයි. පැවැති අඹුසැමි අසමගිතාවක් මඟ හැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරයි.

කටක

වරින් වර ඇති කරන උදාසීන ගති හේතුවෙන් කටයුතු කීපයක් ප්‍රමාද කරයි. සහෝදර සිත් අමනාපයක් මඟහැරී යන බවක් පෙනේ.

සිංහ

උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වැඩිහිටි උපකාරයක් හිමිවන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.

කන්‍යා

ගේ දොර අඩුපාඩු කීපයක් සපුරා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවක් සිදුවිය හැකි දිනයකි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි.

තුලා

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. අමතර භාෂාවක් ඉගෙනීමට කටයුතු උදා කරයි. පවුලේ වගකීමක් තමාවෙත පැවරෙන දිනයකි.

ධනු

තීරණ වෙනසක් සිදුවිය හැකි බවක් පෙනේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි දිනයකි. දුරගමනකට සැලසුමක් සකස් කර ගනී.

මකර

සමාජයේ ප්‍රසිද්ධියට පත්කරයි. දරුවකු පිළිබඳ වෙහෙසට පත්වන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

කුම්භ

මෙතෙක් පැවැති අවිවේකී බව මඟ හැරී යයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි. වෙනදාට වඩා ශාරිරික වෙහෙසීම් බහුල කරයි. නැති වූ දෙයක් හිමිකරන බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.