2024.05.22 බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.53
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - දහවල් 12.07 - 01.41
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වෙනදාට වඩා දුරදිග සිතාබැලිය යුතු දිනයකි. පවුලේ කෙනකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ පුවතක් අසන්න ලැබේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනය ඇති කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් පෙනේ.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදාකරයි. මව්පිය ආශිර්වාදය ඇතිව කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි. ආහාර නොදිරවීමේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

මිථුන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. නිතර ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු කරන බවක් පෙන්නුම් කරයි. අලුත් ඥාති සබඳතාවලට හේතු ඇති කරයි.

කටක

සුබදායක ලෙස දවස ගෙවී යයි. හිතවතුන් සමඟ විනෝදයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. දුර ගමනක් වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදු කරයි. එමෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි ද වැඩි නැඹුරුතාවක් යොමුකරන දිනයකි.

සිංහ

පවුලේ වගකීම් බහුල කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ව්‍යාපාර ලාභ හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. වචන පාවිච්චියේ දී සැලකිලිමත් වන්න.

කන්‍යා

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදා කරයි. ඥාතීන් සමඟ එකමුතු වී කටයුතු කීපයක් ඇරැඹීමට මඟ සැලසේ. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

තුලා

මෙතෙක් ප්‍රමාද වූ මුදල් ගනුදෙනුවක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. නිතර අතමිට මුදල් ගැවසුණත් වැය පස අධිකයි. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් සිටීම වැදගත් වේ.

වෘශ්චික

මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් ඉටුකර ගැනීමට මාර්ගය උදා කරයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමිවීමටද ඉඩ ඇත. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවන දිනයකි.

ධනු

ඉවසීමෙන් මෙන්ම කල්පනාවෙන් කටයුතු කළ යුතු දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන බවක් ඇති කරන දිනයකි. දරුවකුගේ ජයග්‍රහණය පිළිබඳ අසන්න ලැබෙන බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදාකරයි. වෙනදාට වඩා ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ

ගතට සිතට සැනසිල්ල අහිමි කරන දිනයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයටද කරුණු ඇති කරයි. නිතර සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙන්නුම් කරයි. සෙම් රෝග, පපුව ආශි‍්‍රත ආබාධ ඇතිවීමට ඉඩ ඇති කාලයක් බැවින් පරිස්සම් වන්න.

මීන

සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා වගකීම් බහුල කරන බවක් ද පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණ දීමට සිදුවන දිනයකි. වංචා ප්‍රයෝගයකට හසුවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.