2024.12.04 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.08
ඉර බැසීම - ප.ව. 05.53
රාහු කාලය - දහවල් 12.00 - 01.29
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

වෘෂභ

සැලසුම් සහගත කටයුතු කීපයකට අවස්ථා උදා කරයි. අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

අමතර දැනුම ලබාගත හැකි මාර්ග කීපයකට යොමුවෙයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ.

කටක

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු සැලසේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. ව්‍යාපාර කටයුත්තකින් පාඩු විඳීමට සිදුවේ. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සැනසිල්ල අඩුකරන බවක් පෙනේ.

කන්‍යා

ඉගෙනීමට උනන්දුවක් දක්වන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමිකරයි. ළඟම හිතවතෙකු සමඟ මුදල් හුවමාරුවක් සිදුකර ගන්නා දිනයකි.

තුලා

නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වයි. වරින් වර අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘශ්චික

කරදර බාධක යෙදුණත් ප්‍රමාද වී ඉදිරි සැලසුමක් සාර්ථක කර ගන්නා බවක් පෙනේ. සමාජ ගෞරවයට පාත්‍රවන දිනයකි. ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට වෙහෙසක් දරයි.

ධනු

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. ඥාති උපකාර සැලසෙන දිනයකි.

මකර

ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

කුම්භ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරත වෙයි.

මීන

තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උදර ගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි. පෙම් සබඳතාවයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.