2024.11.24 ඉරිදා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 05.50
රාහු කාලය - සවස 04.21 - 05.50
සුබ දිශාව - දකුණ

 

මේෂ

විශේෂ හිතවත්කමකට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරන දිනයකි.

වෘෂභ

පවුලේ බැඳීම් වැඩි කරයි. අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

මිථුන

යන එන තැන කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

කටක

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. හදිසි වියදමක් දැරීමට සිදුවන දිනයකි.

සිංහ

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හවුලේ කරන කටයුත්තකින් පාඩු සිදු කරයි. ඥාතියකුගෙන් කරදර ඇතිවීමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න.

කන්‍යා

අමතර වාසි සැලසෙන කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. දියුණුවට පැවැති බාධා මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදු කරන්න.

වෘශ්චික

හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවේ. ආගමික භක්තිය දිනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. මිහිරි ආහාර පාන කෑමට හිමිවන දිනයකි.

ධනු

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් ප්‍රතිකාර පතයි. වගකීම් බහුල දිනයකි.

මකර

සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න. පවුලේ ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත.

කුම්භ

හිස පපුව ආශි‍්‍රත ආබාධ වරින් වර මතුවීමට ඉඩ ඇත. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි.

මීන

පැවැති ගැටලුකාරී බව මඟහැරී යයි.වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.