2024/10/24 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 24, 2024

 

ඉර උදාව පෙ.ව. 05.57
ඉර බැසීම ප.ව. 05.53
රාහු කාලය දහවල් 01.24 - 02.54
සුබදිශාව - උතුර

 

මේෂ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව වැඩි කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතුª උදා කරයි.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මිථුන

පැරැණි හිතවත්කම් අලුත් කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. ගේ දොර අලුත්වැඩියාවකට අවස්ථාව සැලසේ.

කටක

උදාසීන ගතිපැවතුම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවිය හැකි දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

සිංහ

අවිවේකී දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි. උසස් අධ්‍යාපනයට කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ.

කන්‍යා

තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. අමතර ලැබීම් හිමිකරන දිනයකි.

තුලා

මවගෙන් උදවු උපකාර හිමි කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. සෙම් රෝග, වාත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. පවුලේ අය සමඟ දුර බැහැර ගමනකට කටයුතු සැලසේ. හදිසි ගනුදෙනුවකට මඟ සැලසෙන දිනයකි.

ධනු

මෙතෙක් පීඩාගෙන දුන් ගැටලුවකින් නිදහස අත්කරයි. අමතර රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරයි.

මකර

පොත්පත් කියවීමට උනන්දුවක් දක්වයි. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරයි. අමතර ආදායම් මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනේ. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි.

මීන

නිතර අදහස් වෙනස් කරන දිනයකි. ප්‍රමාදවූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාකරයි. ප්‍රසිද්ධියට පත්වන කටයුතු කීපයක් සිදුවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.