2024/05/25 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 25, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය උදේ 09.00 - 10.34
සුබ දිශාව – දකුණ

 

මේෂ

විශේෂ සැලසුම් කීපයක් සාර්ථක කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. කණ්ඩායම් වැඩසටහනක නායකත්වයක් ගැනීමට සිදු වෙන දිනයකි.

වෘෂභ

ලැබීම් අතින් යහපත් කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන බවක් පෙනේ. ඥාතීන් අතර සුහදතාවය වර්ධනය කරන දිනයකි.

මිථුන

පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවීමට හැකිවෙයි. සමාජසේවා කටයුතුවලට යොමුවන දිනයකි.

කටක

අමතර ලැබීම් සහිත දිනයකි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදා කරයි. හදිසි වාත අමාරුවකට ප්‍රතිකාර පතයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

නිතර ඇවිදිලි වැඩිකරන බවක් පෙනේ. ගතට සිතට නොසන්සුන්කාරි බවක් ඇති කරයි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කන්‍යා

බලාපොරොත්තු ඉටුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින්වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අවිවේකී දිනයකි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදාකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අතගැසීමට කටයුතු උදා කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බවක් පෙනේ. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.