2024.05.20 සඳුදා - ලග්න සහ රාහු කාලය

මැයි 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 5.53
ඉර බැසීම - ප.ව. 06.21
රාහු කාලය - උදේ 07.26 -09.00
සුබ දිශාව - උතුර

 

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් බවක් පෙන්නුම් කරයි. වෙහෙස ඇති ගමනකට කටයුතු යෙදේ. යටිබඩ ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාගෙනදෙන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල කරන බවක් පෙනේ. අමතර ලාබ ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසේ.

මිථුන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.

කටක

දරුවකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. ගුප්ත කටයුතුªවලින් පිහිට පතන බවක් පෙනේ. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

සිංහ

මෙතෙක් පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යයි. දේපළ ගනුදෙනුවකට වෙහෙසීමට සිදුවන බවක් පෙනේ. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවට කටයුතු සූදානමක් ඇති කර ගනී.

තුලා

ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා බාහිර අලංකාරය වෙනුවෙන් විය පැහැදම් කරන බවක් පෙනේ. විනෝදයෙන් කටයුතු සිදුකරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

ධනු

උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇතිකර ගනී. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

මකර

උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

කුම්භ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුව ඇති කරන බවක් පෙනේ. රැකියා ලාබ හිමිකම් ඇති දිනයකි.

මීන

සැනසිලිදායක ලෙස දවස උදා කරයි. අමතර ලැැබීම් සහිත දිනයකි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.