2023.12.27 බදාදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 27, 2023

 

ඉර උදාව - පෙ.ව. 06.20
ඉර බැසීම - ප.ව. 06.03
රාහු කාලය - දහවල් 12.11 - 01.39
සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසෙන දිනයකි. වැඩිහිටියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. නොසිතූ ලෙස වැයපස අධිකවන බවක් පෙන්නුම් කරයි. සමාජයේ කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

මිථුන

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි බවක් පෙනේ. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. වගකීමකින් නිදහස්වීමට අවස්ථාව සැලසෙන දිනයකි.

කටක

අතමිට සරුවුවත් වැයපස අධිකවන බව බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. කලකින් නොදුටු හිතවත් අයකු මුණ ගැසීමට අවස්ථාව සැලසෙන දිනයකි.

සිංහ

පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

කන්‍යා

නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසීම් ඇති කරන දිනයකි. පවුලේ කෙනෙකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

තුලා

ශරීර සෞඛ්‍යය අතින් යහපත් දිනයකි. එහෙත් වෙනදාට වඩා ආහාර පාන ගැන සැලකිලිමත් වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරයි. විශ්වාසවන්ත ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

තීරණ වෙනසක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ කෙනකු පිළිබඳ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

ධනු

සිත් කලකිරීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාරීරික වෙහෙස ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. සිතේ චංචල ගතියකින් කටයුතු කරන දිනයකි. තමාට ප්‍රශංසා හිමිවන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි.

මකර

වෙනදාට වඩා සිත් කලකිරීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ළඟම හිතවතකු නිසා සිදුවෙන්න ගිය අලාභයක් මඟහරවා ගැනීමට හැකිවෙයි. තීරණයක් වෙනස් කිරීමට සිදුවන දිනයකි.

කුම්භ

මුදල් අඟහිගතා මතු කරන දිනයකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. සමාජ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

පැවැති අසනීපකාරී බවකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. දුර ගමනක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.