වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පැපොල රෝගයෙන් ඔබ ආරක්ෂා වීමට නම්
මැයි 3, 2019
අතීතයේදී “දෙයියන්ගෙ ලෙඩ” නමින් හැඳින්වූ “පැපොල” රෝගය අප ජීවත්වන පරිසරය හා අප අතර දැඩි සම්බන්ධතාවයක් ඇත.
මෙම සබදතාවය අපේ නිරෝගි බව රැකෙන ලෙස පවත්වාගෙන නොගියහොත් අප රෝගී වන්නට පුළුවනි. හේතුව අපට ඇසට නොපෙනෙන බැක්ටීරියා වර්ග මෙන්ම වෛරස් වර්ග ශරීරයට ඇතුල් වීම අපිට හානිදායක වන නිසායි.
පැපොල වෛරස් මගින් බෝවන රෝගයකි. තමාට පැපොල රෝගය වැළඳී ඇති බව නොදැන නීරෝගී අය අතර සිටීම නිසා බොහෝ අය අතර ව්‍යාප්ත වීමෙන් වෛසරය ඇතුල් වී නීරෝගී අයද රෝගීන් වන්නට පුළුවන. පාසැල්වල මෙන්ම රැකියා ස්ථානවල එක් අයෙකුට වැලඳුණ විට බොහෝ පිරිසකට බෝවන්නේ මේ නිසාය.
පැපොල රෝගය වැළදෙන්නේ වැරිසෙල්ලා වෛරසය මගිනි. ස්වසන ව්‍යුහය මාර්ගයෙන් පිටවන ස්‍රාවගත ක්ෂුද්‍ර ජීවින් මගින් මෙය පැතිරේ.
දියර බුබුළු බිදුණහොත් එහි ස්‍රාව කොටස් වශයෙන්ද මෙය බෝවේ. නාඩිවිසර්ප හෙවත් අංශ පැපොල (හර්පිස්සොස්ටර්) රෝගීන් සමඟ ස්පර්ශ වීමෙන්ද වැළඳෙන්නට පුළුවන. රෝගීන් වෙන්කර නොතිබුව හොත් නිවසේ සියලු දෙනාටම මෙම රෝගය වැළදෙන්නේ නොදන්නා කම නිසා මෙන්ම රෝගය ව්‍යාප්ත වන බව දැන දැනත් නොසැලකිලිමත්ව රෝගියාගෙන් රෝගය බෝවන අන්දමට නොසැලකිලිමත්ව හැසිරීම් නිසාවෙනි. අංශ පැපොල හෙවත් හර්පීස් සොස්ටර් ස්නායු පද්ධතිය හා සම්බන්ධ නිසා ශරීරයේ එක පැත්තකට පමණක් වැලඳෙයි.
මේ රෝග අවස්ථා දෙකේ දීම බීජෞෂණ සමය දින 14 සිට දින 16 දක්වා පවතී. එනම් විෂ බීජය ශරීරය ගතව දින 14-16 අතර කාලය තුළ ශරීරය වර්ධනය වන අතර රෝග ලක්ෂණ පහළ වන්නේ ඉන් අනතුරුවයි. උණ වැනි ශාරීරික ලක්ෂණ ඉතා සුළු වශයෙන් මතු වේ. සමේ ලප මතුවන විට රෝගය පැපොල බව හදුනා ගන්නට පුළුවන. බොහෝ විට පළු මතුවීමට ප්‍රථම මෙම ලප මුඛයේ උඩ තල්ලේ මතුවේ. මුලින් ශරීරයේ කඳ ප්‍රදේශයේ මතුවන මෙම රතුපැහැ ලප ඉන්පසු මුහුණ හා අත්පා වලටද ක්‍රමයෙන් පැතිරෙයි. මෙම ලප පැය කිහිපයකින් පළු බවට පත්වී පසුව දියර බුබුළු බවට පත්වෙයි. මෙම දියර බුබුළු පැය 24 කින් සැරව බුබුළු බවට හැරේ. මෙම දියරබුබුළු හම මතුපිට පවතී. සැරව බුබුළු දින කිහිපයකින් වියළි බවට පත්වේ. මේ නිසා එක විට ශරීරයේ මෙම විවිධ අවස්ථා දැකගන්නට පුළුවන. (ලප පළු බවට පත්ව දියර බුබුළු සැරව ඇති අවස්ථා) පළු මතුවීමට පැය 24 කට පෙර සිට පළු වියළී යන අවස්ථා දක්වා කාලය රෝගීන් ආරක්ෂා විය යුතුය. පළමුව හොඳ වාතාශ්‍රය ලැබෙන ආකාරයට විවේකීව රෝගියා සිටිය යුතුයි. රෝගියා අන් අයගෙන් වෙන්කර තබන්න. රෝගියා වෙන්කර තැබීමට අවශ්‍ය වන්නේ නීරෝගී අයට බෝවීම වැළැක්වීම සඳහාය.
උණ ඇතිවිට පැරසිටමෝල් වැනි ඖෂධ වයසට අනුව ගැනීමට පුළුවනි. දියර වර්ග පානය කිරීම ඉතාම ගුණදායක වේ. මේ සඳහා කොත්තමල්ලි තැම්බූ වතුර, කැඳ වතුර, ජීවනි බීමට පුළුවනි. කොහොඹ කොළ අතුරා ඒ මත නිදා ගන්නට සැලැස්වීම විෂබීජ නාශකයක් මෙන්ම සිසිලසක්ද ගෙන දීමට හේතු වේ.
ද්විතීය ( දෙවනුව) ආසාදන මුඛයේ හෝ සමේ ඇති වීමට හැකි බැවින් රෝගියා සති 03 ක්ම ආරක්ෂා වීම යහපත් ය. රෝගියා පරිහරණය කළ භාණ්ඩ මාර්ගයෙන්ද රෝගය බෝ විය හැකි නිසා ඒවා විෂ බීජ හරණය කළ යුතුය.
උපදෙස්
වෛද්‍ය
කස්තුරිආරච්චි
(ඩී.ඒ.එම්.එස්)
පූගොඩ දංගල්ල හන්දියේ
සියලු සර්වාංග රෝග සඳහා
සටහන
ජයන්ති කුරේ
෴ සබැඳි ලිපි ෴
පී.එස්. බණ්ඩාර රුක්මල්ගමප්රශ්නය වෛද්‍යතුමනි මා සුළුවෙන් සිල්ලර කඩයක් පවත්වාගෙන යන කෙනෙක්. උදේ අට හමාරවෙන කොට කඩේට එන මම මුදලාලි පුටුවෙ ඉඳගත්තම සවස...
2025-01-09 18:30:00
ඔබට වැලඳෙන බැක්ටීරියා ආශ්රිත ආසාදනවලදී අනිවාර්යයෙන්ම ලබාගත යුතු බටහිර ඖෂධ වර්ගයක් ලෙස Antibiotics හෙවත් ප්‍රතිජීවක හඳුන්වන්නට පුළුවන්. මේ ප්...
2025-01-09 18:30:00
අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ...
2025-01-02 18:30:00
අපේ රටේ සියලුම දෙනා 2025 නව වර්ෂය පිළිගත්තේ නව බලාපොරොත්තු ගොන්නක් එක්ක. ඉගෙන ගැනීමේ කටයුතු, රැකියා කටයුතු, ගෙදර දොරේ සමඟිය, යාන වාහන මේ වගේ...
2025-01-02 18:30:00
ශානිකා වරුසප්පෙරුම - වෙන්නප්පුවප්රශ්නයවෛද්යතුමනිමම විශ්‍රාමිකව නිවසට වී ඉන්නා අයෙක්. උදේටත්, දවල්ටත් එක වගේ දහඩිය දමනවා. මේ නිසා දින දෙක තුනක් මම...
2024-12-26 18:30:00
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නිරන්තරයෙන්ම ස්වභාවික ප්‍රතිකාර හා ඖෂධවලින් සමන්විත වූ විද්‍යාවකි. එහි ආරම්භය කෙදිනක සනිටුහන් වූවා ද යන්න නිශ්චිතවම ප්‍රකාශ...
2024-12-26 18:30:00
මල්වර වීම හෙවත් පළමු ඔසප් වීමේ ක්‍රියාවලිය ආරම්භ වීමත් සමඟ ස්ත්‍රියකගේ ඔසප් චක්‍රය ආරම්භ වෙනවා. නිරෝගී ස්ත්‍රියකගේ මේ ඔසප් චක්‍රය සෑම දින 26-29 කට...
2024-12-26 18:30:00
යූ.කේ. ප්‍රෙමිලා රුද්‍රිගු - පොතුහැරප්රශ්නයවෛද්යතුමනි,මා වයස අවුරුදු තිස්හයක් වූ තිදරු මවකි. දිනපතාම කෙටි දුරක් ඇවිදගෙන ගොස් මගේ දරුවා පෙර පාසලෙන්...
2024-12-19 18:30:00
දියවැඩියාව, ලොව පුරා ව්‍යාප්ත පොදු සෞඛ්‍ය ගැටලුවක් බවට උත්සන්නව ඇත. රුධිරයේ අධික සීනි තත්ත්වය අඛණ්ඩව පැවතීම මඟින් ඇස්, වකුගඩු, ස්නායු සහ රුධිර නාල...
2024-12-19 18:30:00
ගැහැනු දරුවෙකු වයසෙන් වර්ධනය වීමත් සමඟ ගර්භාෂයේ දරුවෙකු දැරීමේ හැකියාව සහ ඩිම්බ මෝචනය යන ක්‍රියාවලි සඳහා ශරීරය පරිණත වීමෙන් පසුව ඔසප් චක්‍රය ආරම්භ...
2024-12-19 18:30:00
“මේ කියන දේ මේ මතක නෑ “ යන්න අපට පුද්ගලයන් සමඟ ගැටෙන විට ඇසෙන සුලභ වදනකි. ඇත්තෙන්ම එයට හේතුව මතකය දුර්වල වීමද? එසේ නම් එලෙස දුර්වල වීමට කාරණා මොනවාද...
2024-12-19 18:30:00
අපගේ ශරීර නිර්මාණය පුදුම සහගතය. යහපත් දිවි පැවැත්මකට ඒ ඒ ඉන්ද්රියයන්ගෙන් කෙරෙන සේවය අතිමහත්ය.ශරීරයේ පිහිටි ඉන්ද්රියයන් අතර මොළය, හෘදය, අක්මාව,...
2024-12-19 18:30:00
යූ.එම්. ප්‍රශාදිනී - වස්කඩුව ප්රශ්නය - වෛද්‍යතුමනි, බොහෝ දරුවන් විටමින් ඌනතාවයෙන් පෙළෙන බවත් එසේ සිටීමෙන් දරුවන් නොයෙකුත් රෝගාබාධවලට ලක්වී...
2024-12-12 18:30:00
ලිංගික අප්‍රාණිකත්වය සහ අනෙකුත් ලිංගික ක්‍රියාකාරකම් ආශ්රිත ගැටලු මේ වන විට වයස් භේදයකින් තොරව පුරුෂයන් අතර පැතිර තිබෙන තත්ත්වයක්.මෙය මෑත අතීතය...
2024-12-12 18:30:00
අද බොහෝ රෝගීහු තම රෝග සුවකර ගැනීමට වෛද්‍යවරුන් සොයා යති. තම ශරීරගත බොහෝ රෝග ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළත්, සමහර රෝග සඟවා, මානසිකව දුක්විඳිමින් කල් ගෙවති...
2024-12-12 18:30:00
පී.බී. රංජනී පොතුහැරප්රශ්නය -වෛද්‍යතුමනි,මගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු දහ අටකි. ඇගේ හිස පීරන විට මා දුටුවා හිස් මුදුනේ හිසකෙස් දෙකතුනක් සුදුවී...
2024-12-05 18:30:00